Hansika Madushani

Hansika Madushani අපේ පුංචි පවුලේ එංගලන්තයෙ ජිවිතේ 🇱🇰
Our journey in the UK 🇬🇧 ..

01/09/2026

Hello September ❤️

31/08/2026

එංගලන්තයේ ලස්සනම මුහුද 🇬🇧

📍Durdle Door

29/08/2026

ලන්ඩන් ගොඩාක් ලස්සන රෑට ❤️

29/08/2026

ඔයාලාගේ ගෙදරත් ඉන්නවද මෙහෙම කෙනෙක්.. හෝ හෝ පොඩ්ඩක් ඉන්න කියලා video එකක් ගමු අම්මේ තාත්තේ කියන කෙනෙක් 🤔

28/08/2026

දුවලා එන්නේ දිව්‍යලෝකයෙන් ලූ..

මගේ ජීවිතයට ලැබුණු ලස්සනම තෑග්ග තමයි ඔයා දුවේ… 🥰

ඔයාගේ පුංචි සිනහව මගේ දවස ලස්සන කරනවා. ඔයාගේ සතුට මගේ සතුටයි, ඔයාගේ සිහින මගේ ප්‍රාර්ථනාවයි...❤️

ජීවිතයේ කොච්චර දුර ගියත්, කොච්චර ලොකු වුණත්, මගේ ඇස්වලට ඔයා හැමදාමත් මගේ පුංචි දුවමයි. 👧❤️

ඔයාට ලස්සන හෙටක්, සතුටින් පිරුණු ජීවිතයක්, ඔයාගේ හැම සිහිනයක්ම සැබෑ වෙන ලෝකයක් ලැබේවා කියලා හැමදාමත් ප්‍රාර්ථනා කරනවා. 🌷

මගේ දුව, ඔයා මගේ හදවතේ තියෙන ලස්සනම කොටසයි... ❤️🥹

26/08/2026

වචනයෙන් වචනයට කියන්නේ ඇත්ත කියන්න දෙයක් නෑ 😓

ඈත ගම්වල තැලුනු හිත් පෙති
ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා 😓

26/08/2026

අපි තුන් දෙනා ❤️
කාලයක් තිබ්බා අපිට හිනාවෙන්න අමතක වෙලා තිබ්බ 😊

25/08/2026

මේක ගහක් විතරමක් නෙමෙයි..

🏹 රොබින් හුඩ් සහ කණ්ඩායමේ ඕක් ගස🌳🏹

එංගලන්තයේ Sherwood Forest වනයේ පිහිටි Major Oak නම් දැවැන්ත ඕක් ගස, ජනප්‍රිය වී ඇත්තේ ජනප්‍රවාදයේ වීරයා වන රොබින් හුඩ් සමඟ සම්බන්ධ වූ නිසා..

කතාවට අනුව, රොබින් හුඩ් සහ ඔහුගේ "Merry Men" කණ්ඩායම මෙම දැවැන්ත ඕක් ගසේ කුහරය තුළ සැඟවී සිටිමින්, අසාධාරණ ලෙස බදු අය කළ ධනවතුන්ගෙන් ලබාගත් දේපළ දුප්පතුන්ට බෙදා දුන්නා..

🌳 Major Oak ගස අදටත් ජීවමාන වන අතර, එහි වයස අවුරුදු 800 සිට 1,000 අතර බව විද්‍යාඥයන් විශ්වාස කරයි. එහි වට ප්‍රමාණය මීටර් 10කට ආසන්න වන අතර, එය එංගලන්තයේ වඩාත් ප්‍රසිද්ධ ඕක් ගස්වලින් එකක්

📍මෙම ගස පිහිටා ඇත්තේ Sherwood Forest National Nature Reserve හි වන අතර, සෑම වසරකම ලොව පුරා සංචාරකයින් දහස් ගණනක් එය නැරඹීමට පැමිණේ..

රොබින් හුඩ් සැබෑ පුද්ගලයෙක්ද, නැතහොත් ජනප්‍රවාදයක චරිතයක්ද යන්න අදටත් නිශ්චිතව තහවුරු වී නැත. නමුත් ඔහුගේ ධෛර්යය, යුක්තිය වෙනුවෙන් සටන් කළ වීරත්වය සහ Major Oak ගස සමඟ බැඳුණු කතාව, ඉංග්‍රීසි ඉතිහාසයේ සහ සංස්කෘතියේ අමතක නොවන කොටසක්..

❤️ ඔබත් දවසක Sherwood Forest වෙත ගොස් මෙම ඓතිහාසික ඕක් ගස දැකීමට කැමතිද?

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Hansika Madushani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hansika Madushani:

Shortcuts

Share