28/02/2026
අන්තිමේදී බලාපොරොත්තු වුණ දේ වුණා! මැදපෙරදිග තත්ත්වය අතිශය බරපතලයි! 🚨🔥
ඊශ්රායලය සහ ඇමරිකාව එක්වී මීට සුළු මොහොතකට පෙර ඉරානයට දැවැන්ත ගුවන් ප්රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. "Roaring Lion" මෙහෙයුම ලෙස නම් කර ඇති මෙම ප්රහාර සඳහා ඇමරිකානු ගුවන් හමුදාවේ (US Air Force) සෘජු දායකත්වය ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ. 🇱🇷🇮🇱🇮🇷
විශේෂම දේ තමයි, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ (Ayatollah Khamenei) කාර්යාලය පිහිටි ප්රදේශයට පවා ප්රහාර එල්ල වී ඇති බවට තොරතුරු ලැබීමයි. මේ නිසා තත්ත්වය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
📈 Forex & Gold Market Update (සදුදා වෙළඳපලට මොනවා වෙයිද?)
මේ යුධමය වාතාවරණයත් එක්ක ලෝක වෙළඳපල සදුදා උදෑසන විශාල වෙනස්කම් සහිතව (Gaps) විවෘත වීමේ ඉඩකඩ වැඩියි:
Gold (රන්): මේ වන විටත් රන් මිල $5,300 සීමාවට ආසන්න වී තිබෙනවා යුද්ධය දිග්ගැස්සුනොත් මේක තවත් වේගයෙන් ඉහළ යයි. (සදුදා ලොකු Gap-up එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්).
USD & Safe Havens: මෙවැනි අවස්ථාවක ආයෝජකයින් USD, JPY වැනි මුදල් ඒකක වෙත යොමු වන නිසා ඩොලරය තවත් ශක්තිමත් විය හැකියි.
Oil Prices: ඉරානය කියන්නේ තෙල් නිෂ්පාදනයේ ප්රධානියෙක් නිසා ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ශීඝ්රයෙන් ඉහළ යනු ඇත.
⚠️ වෙනත් විශේෂ තොරතුරු:
සිරියාව, බහරේන් සහ කටාර් වැනි රටවල ඇති ඇමරිකානු හමුදා කඳවුරුවලට ඉරානයෙන් ප්රතිප්රහාර එල්ල වීමේ අවදානමක් පවතින නිසා එම ප්රදේශවල ආරක්ෂාව දැඩි කර ඇති බවත් වාර්තා වෙනවා.
Forex කරන අය සහ Gold වල Invest කරලා ඉන්න අය සදුදා Market එක විවෘත වෙනකොට ඉතාමත් කල්පනාකාරී වෙන්න. තත්ත්වය ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්.
පරිස්සමෙන් ගයිස්! ✋