Ireland & Me

Ireland & Me Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ireland & Me, Colombo.

✨ Welcome ✨
On this page, I share everything you need to know about living in Ireland – from local life, culture, and must-see attractions, to job opportunities and application tips. 🌍🍀 🧿

29/05/2026

ඉර බැහැගන යන වෙලාවට අහසේ ඇදෙන ලස්සන රටා බලා ඉන්න මම වගේ අය ඉන්නවද? 😀 ゚viralシ you

28/05/2026

මේ තියෙන්නෙ Sport Ireland National Indoor Arena and the Sport Ireland Campus එක.

අපි ඊයේ මෙතනට ගියේ ලංකාවෙන් අයර්ලන්තයට ආපු , Cork වල ඉන්න badminton champion කෙනෙක් එක්ක.. ඉතින් අපි සුභ පතනවා කලන මල්ලි Kalana Gayan ඔයාට ඔයාගේ අනාගත බලාපොරොත්තු ඔක්කොම සාර්ථක වෙන්න කියල..

මේ තියෙන්නේ ඒ මල්ලිගේ tiktok acc link එක. එයා ලස්සනට nature/ traveling videos කරනව. https://vt.tiktok.com/ZSxqDExKE/


゚viralシ

26/05/2026

NCT 🫣

25/05/2026

ඊයේ අපි Milk made දාලා කැරමල් පුඩිං හැදුවා. Pancakes හැදුවා. නිවාඩු දවසට පොඩ්ඩො දෙන්නව එකතු කරගන කෑම ජාති හදන එක තමයි කරන්නෙ 😀 ゚viralシ

23/05/2026
23/05/2026

අයර්ලන්තයේ seasons හතර වෙනස් වෙන විදිහ..

වායෝ යාමය..
23/05/2026

වායෝ යාමය..

22/05/2026

From Colombo General Hospital to the National Rehabilitation Hospital, Ireland — this journey is proof that dreams do come true. ✨🧿☘️

21/05/2026
20/05/2026

ලංකාවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද?

*පලවෙනිම දේ තමයි ඔයාලගේ ජොබ් එකේ වටිනාකම මුලින්ම තේරුම් ගන්න. ඒ නිසා ඔයාලා ලංකාවෙ කරන රැකියාවටම එන්න බලන්න. මොනවත් option එකක් නැති නිසා caregiver හරි එනව කියල ඒක විතරක් target කරනවට වඩා මුලින්ම තමන්ගේ රැකියාවටම try කරන්න.

*තමන්ගේ job එකට අදාලව අයර්ලන්තයට අයදුම් කරන්න කලින් තමන්ගේ qualifications experience අමතර සුදුසුකම් හදාගන්න.

*English මෙහේ ප්‍රධාන භාශාවක් නිසා රැකියා කරන්න අමතර භාශා ඉගනගන්න ඕනිත් නෑ. යුරෝපා රටවල් අතරින් english ප්‍රධානව භාවිතා කරන්නේ රටවල් දෙකයි.අයර්ලන්තය එක රටක්.

*තමන් අයර්ලන්තයේ රජයේ රෝහලක රැකියාවට එන්න කැමතිනම් ජොබ් එකට අදාලව මෙහෙ registration ගන්නේ කොහොමද? පියවරෙන් පියවර ඒක කරන්නෙ කොහොමද? මොනවද උවමනා වෙන්නෙ? කොච්චර කාලයක් යනවද registration ගන්න කියල හොයල බලන්න.ඒ ඔක්කොම විස්තර රැකියාවට අදාලව මම දාලා තියෙනව. ඒකෙන් අදහසක් ගන්න. Registration එකෙන් පස්සේ ඔයාලට පුලුවන් HSE යටතේ තියෙන රෝහල් වල පුරප්පාඩු වලට අයදුම් කරන්න .

*පෞද්ගලික අංශයේ රැකියාවකට එනවනම් registration එකෙන් පස්සේ Linkedln , indeed , irish jobs, jobs.ie වගේ වෙබ් සයිට් වලින් රැකියා පුරප්පාඩු වලට අයදුම් කරන්න.
මෙතනදි තමන්ගේ Linkedln profile එක හරියට හදාගන්න. Update කරන්න තමන්ගේ විස්තර . Open to work කියල profile එක update කරගන්න. Job vacancies වල notifications තමන්ට එන විදිහට හදාගන්න.

* තමන්ගේ cv , cover letter එක අයර්ලන්තයට ගැලපෙන විදිහට හදාගන්න.

*තමන්ගේ රැකියාවට IELTS ඕනවෙනවනම් ඒකට සූදානම් වෙන්න. Driving license නැති අය ඒකත් අරගන තියාගන්න. මෙහෙට එද්දි license international driver permit එකක් විදිහට convert කරගන එන්න.

*agency ම හොයාගන යන්නෙ ඇයි. බොරුවට සල්ලි වියදම් කරගන්නෙ ඇයි. අනික බොරු ඒජන්සි නිසා මිනිස්සු අමාරුවේ වැටිලා ඉද්දි risk එකක් නොගෙන තනියම කරගන්න බලන්න. තනියම හැමදේම හොයල බලලා තනියම ඇප්ලයි කරන්න පුලුවන්. මේක හරිම ලේසි දෙයක්. Google search කරොත් ඕනම දෙයක් දැනගන්න පුලුවන් කාලෙක ඒකෙන් වැඩක් ගන්න බලන්න.

*බෑ කියල දෙයක් නෑ. තමන්ට උවමනාව කැපවීම තියෙනවනම් හැමදේම ඔයාට තනියම කරගන්න පුලුවන්.

* සෞඛ්‍ය අංශයේ මම මේ පහල දාලා තියෙන හැම රැකියාවකටම critical skill work permits ගන්න පුලුවන්. ඒකේ වාසි ගොඩක් තියෙනවා general work permit එකකින් එනවට වඩා.ලොකුම වාසිය තමයි මාස 22න් stamp 4(pr) apply කරන්න පුලුවන්. ගොඩක් රැකියා වලට dependents ල එක පාරම එක්කගන එන්න පුලුවන්. Salary range එකත් හොදයි.

*එක එක රැකියා වලට අයදුම් කරන්නේ කොහොමද කියල පහල links වලින් බලාගන්න පුලුවන් .

1. Critical skill work permit කියන්නෙ මොකද්ද?
https://www.facebook.com/share/v/1BFrwMG337/?mibextid=wwXIfr

2.ඩොක්ටර් කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/1EtF8VTSgP/?mibextid=wwXIfr

3.Nurse/ midwife කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/19LMsVxH4P/?mibextid=wwXIfr

Interview tips :
https://www.facebook.com/share/p/1DGu4W8myQ/

IELTS tips: https://www.facebook.com/share/p/1GfvPdiTYw/

4.Physiotherapist / occupational therapist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවට එන්නෙ කොහොමද? https://www.facebook.com/share/19oF8f6KJK/?mibextid=wwXIfr

5.Senior Orthotist/ Prosthetist කෙනෙක් විදිහට අයර්ලන්තයේ රැකියාවකට එන්නෙ කොහොමද?
https://www.facebook.com/share/1CW2JwrM36/?mibextid=wwXIfr

6.Speech therapist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවට එන්නෙ කොහොමද? https://www.facebook.com/share/19SeAYsfUv/?mibextid=wwXIfr

7.MLT කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/p/1BdYNp1eUZ/?mibextid=wwXIfr

8. Pharmacist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/p/17L2auoJeD/?mibextid=wwXIfr

9.MSc in Nursing වලට අයර්ලන්තයේ හොදම universities මොනවද? https://www.facebook.com/share/1GAEJ536mz/?mibextid=wwXIfr

10. Caregiver jobs වලට ඇප්ලයි කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/p/18u6UPkAXD/

11.යුරෝපයේ රැකියාවකට ගැලපෙන්න CV හදාගන්නේ කොහොමද? https://www.facebook.com/share/p/1EovBvs7T9/

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ireland & Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share