SL Travel Host

SL Travel Host 🌍 Your ultimate travel companion! Discover stunning destinations, cozy hotels, and expert guides to inspire your next adventure.

Let Travel Host turn your dreams into unforgettable journeys! ✈️✨

යක්ෂ ගෝත්‍රිකයන් වාසයකල - රිටිගල කන්ද 🏞️🦋🍃🌱☘️🌿🌼🤗🙂☺️😍🤩❤️🇱🇰📸 Credit to the Respective Owner
26/12/2024

යක්ෂ ගෝත්‍රිකයන් වාසයකල - රිටිගල කන්ද 🏞️🦋🍃🌱☘️🌿🌼🤗🙂☺️😍🤩❤️🇱🇰
📸 Credit to the Respective Owner

24/12/2024
පැයකින් වගේ යන්න පුලුවන් ලස්සන Hike එකක් සුන්දරත්වයෙන් පිරි "මානිගල" ✨🛖🍃💫🌸දුම්බර ට වෙලාව කියන සුන්දර මානිගලමාතලේ කියන්නේ...
22/12/2024

පැයකින් වගේ යන්න පුලුවන් ලස්සන Hike එකක් සුන්දරත්වයෙන් පිරි "මානිගල" ✨🛖🍃💫🌸

දුම්බර ට වෙලාව කියන සුන්දර මානිගල
මාතලේ කියන්නේ පරිසර සෞන්දර්යය අතින් ඉහළ තැනක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මාතලේ නිවාඩුවට යන හැමෝම රිවර්ස්ටන් යනවා.රිවර්ස්ටන් ගිහින් පරිසරය විඳලා ආවට ගොඩාක් දෙනෙකුට මඟහැරෙන තැනක් ගැන තමයි මේ කියන්නේ.
නිවාඩුවට රිවර්ස්ටන් යන් කවරුත් දැකලා තියෙනවා මේ විශාල පර්වතය මේකට කියන්නේ මානිගල කියලා. මේ මානිගලට යනවා නම් මහලකොටුව, රත්තින්ද සහ ඇටන්වල කියන ගම් කිහිපයක් පසුකරන් පයින් යන්න වෙනවා.මහලොටුව ගම පහුකරගෙන යනකොට හම්බවෙනවා තෙල්ගමු ඔය. මේ ඔය පටන් ගන්න කන්දට කියන්නේ සුදුගල කන්ද කියලලු. එහෙම කියන්නෙ ඇයිද කියලනම් දන්නෙ නෑ.
ඇටන්වල කියන ගම තමයි මානිගල කන්දට පෙර අපිට දකින්නට ලැබෙන මිනිස් වාසස්ථානවල අවසානය. ඊට පස්සේ තියෙන්නෙ තනිකර කැළෑව. මේ කැළෑව ඇතුලෙත් තව එක ගමක් තිබිල තියෙනවා. ඒ ගමට කියන්නේ වල්පොළමුල්ල කියලලු. වියළි කාලයේදී ආහාර සොයාගෙන වස්ගමුව වනාන්තරයෙන් එන වන අලින්ගේ ගැටුම් නිසා, වල්පොලමුල්ල කියන ගම වර්ථමානයේ නමකට පමණක් සීමාවෙලා.
ඇත්තටම මේක කන්දක් කියල කිව්වට කන්දක්මත් නෙමෙයි; කඳු යායක් .එක කන්දක් මුදුනට නැග්ගම තව එකක් තියෙනව. ඒවගේ එකක් තමයි ඇත් ඔළු කන්ද කියන්නෙ.

මේ පර්වතයට ‘මානිගල’ යන නම ලැබුණ හැටිත් හරි අපුරු කථාවක් .ඉස්සර රිවෙස්ටන් වතු යායේ අතීතයේ රස්සාව කළ දමිළ කම්කරුවන් වෙලාව දැනගෙන තියෙන්නේ මේ අද මානිගල කියන ගලෙන්. මේ පර්වතයේ පිහිටි හතරැස් කොටුවක් වැනි ස්වාභාවිත විවරයට හරියට සවස 4.30 ට ඍජුව හිරු එළිය වැටෙනවා. ඒකේ ඡායාව බලලා අර කම්කරුවෝ වෙලාව බලගන්නවා. දෙමළෙන් වෙලාව හඳුන්වන්නේ “මනි“ කියලා. වෙලාව හෙවත් “මනිය” කියූ ගල මනිගල වෙලා පස්සේ කාලෙක ඒක සිංහල කටට හුරු වූයේ “මානිගල” කියලා.

මානිගල කඳු මතට ආවම දකින්න පුළුවන් විශාල තණතලාවක්. ඒක අක්කර 10ක් පමණ විශාල යි. පර්වතය මත අඟල් කිහිපයක් ගනකම ඇති පස් තට්ටුව විශාල ගස් වැඩීමට හිතකර නෑ. කරඹ, හීන්බෝවිටියා වැනි ශාක තැන තැන පැතිරිලා තියෙනවා.
]
මානිගලට ඉහළින් දිස්‌වන කඳුවලල්ල පතනේගල, බටඅඬුව කපොල්ල (රිවස්‌ටන්) කිරිමැටියා කන්ද යකුන්නේගල ඔස්‌සේ ගොම්බානීය හරහා නකල්ස්‌ සිට උඩදුම්බර දක්‌වා දිවෙන ප්‍රධාන කඳුවැටියෙන් සමන්විතයි. උතුරින් තැනිතලාවක්‌ බවට පත්වන දඹුලු, සීගිරි ප්‍රදේශයද වයඹ දෙසින් කරගහතැන්න ප්‍රදේශය පේනවා. දකුණූ පැත්තෙන් පෙන්නේ ගොම්බානීය, නකල්ස්‌, කිරිගල්පොත්ත වගේ කඳු. නැගෙනහිර පැත්තෙන් වන්නිමාන, ලකේගල, ලබුලැස්‌සපතන ආදී කඳු අතර අලංකාර තුන්හිස්‌ගල පේනවා. කෙළින්ම පහළ බලද්දී නෙත ගැටෙන්නේ ඇටන්වල හා රත්නින්ද ප්‍රදේශවල වෙල්යායයි.
ඇත්තටම මානිගල කියන්නේ අති සුන්දර තැනක්.වටපිට ලස්සන බලන්න විතරක් නෙවෙයි පරිසරයේ සුන්දරත්වය විඳින්නත් මෙතන මරු. ඒ නිසා ආයේ නිවාඩුවට රිවර්ස්ටන් පැත්තේ යනවා නම් මානිගල බලන්න යන්න අමතක කරන්න එපා.

copied

Photos credit goes to original photographer

අඟුලාන මුහුදේ ඛෙදවාචකය THERMOPYLAE SIERRA ⛴දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන ඔබට පානදුර පසු වෙනවාත් සමග රත්මලාන ත...
20/12/2024

අඟුලාන මුහුදේ ඛෙදවාචකය THERMOPYLAE SIERRA

⛴දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන ඔබට පානදුර පසු වෙනවාත් සමග රත්මලාන තෙක් අතර කාලාපයේදි ඈත මුහුදු දෙසින් මුහුද මැද කණු තුනක් දක්නට ලැබෙනු ඇත. මෙම මර්ගයේ නිතර ගමන් ගන්නා අය එය කුමක්දැයි දන්නා අතර සමහර දෙනෙකුට කුතුහලය ගෙන දෙන්නකි.අද ඒ ගැන නොදන්න අයට කියලා දෙන්න හිතුවා..
මන් මේ ගෘප් එකේ පොස්ට් එකක් දැක්කා Thermopylae Sierra නැව ගැන. මන් මේ කතාව ගොඩක් ඉස්සර පොස්ට් කරාම ඇපෘ වෙලා තිබ්බේ නැ. ඒකේ තිබ්බ කමෙන්ට් දැකලා මන් කල්පනා කරා නැවේ ඇත්තම කතාව තවම කවුරුත් දන්නේ නැ සහ වර්ථමානය වෙනකොට මේ නැවට තියන තර්ජන සහ මේ නැවෙන් තියන ආර්ථීක වාසී මොනවාද කියලා. මේ සම්බන්ධව divesrilanka.com අපේ website හරහා අපේ රටේ ගිලි ඇති නෞකා ගැන පොතක් (ghost of the deep) පවා නිකුත් කරලා තියනවා හැමෝටම බලන්න කැමති අයට පුලුවන් විජිත යාපා එකෙන් ඒක මිලදී ගන්න නැත්තම් අපේ divesrilanka.com වෙබ් අඩවියේ මේ සම්බන්ධව පලකිරීමක් අපි දාලා තියනවා. පහලින් මන් ලින්ක් එක දාන්නම් ඒ වගේම කිමිදුම් විඩියෝ sri lankan diver අපේ යුටියුබ් නාලිකාවෙත් දාලා තියනවා.
දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන ඔබට පානදුර පසු වෙනවාත් සමග රත්මලාන තෙක් අතර කාලාපයේදි ඈත මුහුදු දෙසින් මුහුද මැද කණු තුනක් දක්නට පුලුවන් . මෙම මර්ගයේ නිතර ගමන් ගන්නා අය එය කුමක්දැයි දන්නා අතර සමහර දෙනෙකුට කුතුහලය ගෙන දෙන්නක්.
ඒ 1985 සයිප්‍රස් රටෙහි නිෂ්පාදනය කරන ලද මේ නැව නමින් "Thermopylae Sierra". සයිප්‍රස් රටේ උපත ලබා ලෝකය වටා සංචාරයේ යෙදි භාණ්ඩ ප්‍රවාහන කටයුත්තේ නියලි සිටිමින් නැව් සමාගමට මහත් ලාභයක් ගෙන දෙන්නට විය.
2009 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට සේන්දු වූ Thermopylae Sierra හි නැව් සමාගම හා නැවේ කාර්ය මණ්ඩලය අතර වැටුප් සම්බන්ධයෙන් අර්බුදයක් ඇති විය. එය අධිකරණ දක්වා දුරදිග ගිය අර්බුදයක් බවට පත් වූ අතර නැව නැංගුරම් ගතකර නවතා තබන ලෙස අධිකරණය නියෝග කරන ලදි. එ අනුව මොරටුව අඟුලානට ආසන්නව කිලෝමීටර් 3.5 ඈතින් වු මුහුදු කලාපයේ නැව නැංගුරම් ගත කරවීය. කාලය සෙමින් ගෙවී ගිය ද Thermopylae Sierra හට සාධාරණයක් සිදු නොවීය. නෞකාවෙහි රඳවා සිටි නාවික ඉංජිනේරුවා ද ආහාර හා නිසි පහසුකම් නොමැති වීම නිසා නෞකාවෙන් ඉවත් විය. නෞකාව කිසිදු නඩත්තු කටයුත්තක් නොමැති විමෙන් අබලන් විය. මෙහි සිටි ඉංජිනේරුවා මෙම නෞකාව ගිළි ගියහොත් ඇති විය හැකි සමුද්‍රීය දුෂණය පිළිබඳව අනතුරු හැගවිමෙන් පසු මෙහි තිබු තෙල් විශාල ප්‍රමාණයක් පමණ ඉවත් කිරිමට පියවර ගන්නා ලදි.
නමුත් 2012 අගොස්තු මස 23 දින උදැසන වසර තුනක් පුරාවට නොසෙල් වී හිඳි thermopylae sierra මුහුදු පතුලට සැඟව ගියේ ය. නැවෙහි ඉතිරිව තිබු තෙල් මුහුදට මුසුවිය. නෞකාවෙ භාණ්ඩ වෙරළට ගසාගෙන එන්නට විය. වහා ක්‍රියාත්මක වු වෙරළ සංරක්ෂණය සමුද්‍රිය දුෂණ එකකය හා නාවික හමුදාව නැවෙන් පිට වෙන ඉන්ධන ඉවත් කිරීමට පියවර ගන්නා ලදි. නෞකාව මීටර් 23 ගැඹුරු මුහුදු පතුලට සැඟව ගියද නැවේ කුඹ ගස් තවමත් මුහුදෙන් ඉහලට එස වී ඇත.
Thermopylae Sierra නැව ශ්‍රී ලංකාවට සහ එහි ආර්ථිකයට වටිනා වන්නේ ඇයි?
ධීවර කර්මන්තයට
වර්තමානය වන විට මෙම නෞකාව සහ ඒ ආශ්‍රිත සමුද්‍රීය පරිසරයෙහි ආකර්ශනීය කෘතිම කොරල් පරයක් නිර්මාණය වී ඇති අතර සංචාරක හා ධීවර කර්මාන්තයට සම්පතක් වේ. Shoaling fish අතර නිල් පැහැති ඉරි සහිතස්නැපර්ස්, ඉන්දියානු මැකරල් සහ ෆියුසිලියර්ස් ඇතුළත් වේ. Reef fish ගනයේ, බැනර්ෆිෂ්, ලයන්ෆිෂ්, ස්කොපියන්ෆිෂ්, පෆර්ෆිෂ්, බොක්ස්ෆිෂ්, මූරිෂ් අයිඩොල්, කැස්බෑවන්, බූවල්ලා සහ තවත් බොහෝ විශේෂ ඇතුළත් වේ. සමහර අවස්ථාවලදී පරව්, මඩුවෝසහ මෝරුන් (whale shark)වැනි විශාල සමුද්‍ර මසුන් යම් කාලවල දක්නට ලැබේ. මෙම නැව මසුන් පෝෂණය කිරීම හා බෝ කිරීමසඳහා නවාතැනක් ලෙස ක්‍රියා කරයි. වැඩිහිටි වියට පැමිනෙන තෙක් මසුන්ට අභිජනනාගාරයක් ලෙස ක්‍රියා කරයි. මෙම නැව නිසා, මේ ප්‍රදේශයේ ජීවත්වන මසුන් වැඩි කර ඇතර, ඒ නිසා දේශීය ධීවරයින්ට දිවා රෑ නොබලා මසුන් ඇල්ලීම සඳහා මෙමඟින් ධීවරභූමියක් නිර්මාණය වී තිබේ. මෙහි මසුන් බෑමට පානදුර සිට මීගමුව දකවා ප්‍රදේශයේ ධීවරයෝ මෙහි පැමිනෙති.
සංචාරක කර්මන්තයට
දේශීය හා විදේශීය විනෝදාත්මක SCUBA කිමිදුම්කරුවන් සඳහා කොළඹ වඩාත් ජනප්‍රිය කිමිදුම් අඩවිය වන්නේ Thermopylae Sierra නැවයි. කොළඹ, මීගමුව සහ තවත් බොහෝ කිමිදුම් මධ්‍යස්ථාන වලින් මෙම නැවට කිමිදුම් විනෝද චාරිකා මෙහෙයවති. එබැවින් මෙමෙ නැව මෙරටට විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රභවයකි. ඊට අමතරව ප්‍රදේශයේ බෝට්ටුකරුවන්, සංචාරකයින්ව මෙහි දිය මතුපිට swimming and snorkeling විනෝද චාරිකා සඳහා රැගෙන යන අතර, බොල්ගොඩ ඇති සමාගම් කිහිපයක් මෙම නැවට ජෙට්-ස්කී (jet ski) චාරිකා ලබා දෙයි.
අධ්‍යාපනික කටයුතු සදහා
ලන්කාවේ ඇති ඉතා විශාල හා නොගැඹුරු නැවක් ලෙස (ගැඹුර: මීටර 0 සිට මීටර් 23 දක්වා), Thermopylae Sierra නැව සමුද්‍ර විද්‍යාව හා පරිසර් සංරක්ෂන දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතු අගනා මෙවලමකි. බොහෝ කුඩා දරුවන්ට (වයස අවුරුදු 10 සහ ඊට වැඩි) නැව් කිමිදීමට හැකිවීමෙන් ඔවුන්ගේ ආරම්භක කිමිදුම් සහතික ලබා ගැනීම සඳහා මෙය කදිම පුහුණු මධ්‍යස්ථානයකි. එමගින් ඔවුන් සාගරය හා සාගර සම්පත් සංරක්ෂණය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති කර තිබේ. මෙම නෞකාව නිසා ළමයින් විශාල ප්‍රමාණයක් සාගර විද්‍යාගනයින් වීමට පෙලෙබීම විශිශ්ඨ කරුනකි. එය දරුවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි නැවක් නිසා!
මීට අමතරව, විවිධ රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ නාවික ඒකක (marine units) පුහුණු කිරීම සඳහා මෙය කදිම වේදිකාවකි. උදාහරණයක් ලෙස 2018 දෙසැම්බරයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සමුද්‍රීය ඒකක නිලධාරින්, මෙම නෞකාව, කොරල් සමීක්ෂණ සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුව ලබා ගත්තාය.
වසර ගණනාවකට පසු මෙම නැව යකඩ වලට කපා ඉවත් කිරීමට යම් පිරිසක් වැඩ පිලිවෙලක් අරම්භ කර ඇති බව සැලවේ. නමුත් මෙයට තවම රජයේ අවසර ලැබී ඇති බවට සාක්ශි නැත. මෙම නැව යකඩ වලට කපා ඉවත් කිරීමට ඔවුන් ගෙනෙන තර්කය වනුයේ මෙම නැව, නාවික ගමනාගමනයට බාධාවක් වන බවයි. නමුත් 2012 වසරේ දී ගිලී ගිය මෙම නෞකාව නිසා වසර 10 ක් තිස්සේ නාවික ගමනාගමනයට කිසිදු අනතුරක් හෝ බාධාවක් සිදු වී නොමැත. එසේ ම වාණිජ නැව් මංතීරු සහ වරාය ප්‍රවේශයන්, Thermopylae Sierra සිට කිලෝමීටර ගණනාවක් බටහිර දෙසින් පිහිටා ඇත. සමුද්‍ර රේඩාර් සහ ගැඹුර මැනිය හැකි echo sounder යන්ත්‍ර ඇතුළු නවීන නාවික තාක්ෂණයන්ගෙන් සමන්විත නවීන නැව්වලට වෙරළට කිලෝමීටර් 3 ක් පමණ, නොගැඹුරු මුහුදු තීරයේ ඇති Sierra නැව මගහැර ගමන් කිරීමට නොහැකි වීමට හේතුවක් නැත. එමෙන් ම, Sierra අසල මුහුදු වෙරළේ නොගැඹුරු බව නිසා කිසිදු නෞකාවක් එය අසලට නොපැමිණිය යුතුය. මෙය හුදෙක් සංචාරක කර්මන්තයට සහ ශ්‍රී ලංකාවේ ධීවර ආර්ථිකයට අත්‍යවශ්‍ය වන නෞකා, යකඩවලට කපා ඉවත් කිරීම සාධාරණීකරණය කිරීම සඳහා කරුණක් පමනක් බව නිගමනය කල හැකිය.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
මේ ලෝකයේ ජීවත් විය යුත්තේ මනුෂ්‍යයා පමණක් නොවේ. ජීවිතය ජීවත් කරවීමේ අයිතිය මෙලොව සෑම ප්‍රාණියෙකුටම හිමිය.! ඉතින්.. හඬක් නැත්තවුන්ට හඬක් වෙමු.

copied.

📸Photos credit goes to original photographer

නාරංගල 🌾🌱| බදුල්ලකදු නගින්න ආස අය ජීවිතේ එකපාරක් හරි යන්න ඕනෙ හයික් එකක් නාරංගල කියන්නෙ ⛰️🚶‍♂️🌈🌾🌱📸 Photos credit goes to...
19/12/2024

නාරංගල 🌾🌱| බදුල්ල

කදු නගින්න ආස අය ජීවිතේ එකපාරක් හරි යන්න ඕනෙ හයික් එකක් නාරංගල කියන්නෙ ⛰️🚶‍♂️🌈🌾🌱

📸 Photos credit goes to original photographer

යාපනය 🚊ජීවිතේ එකපාරක් හරි යන්න ඕනෙ තැනක් යාපනය කියන්නෙ 🥺😍🔥 බලන්නකො ලස්සන 🐴🦑🐙🌊🚢📸 Photos credit goes to original photograp...
17/12/2024

යාපනය 🚊

ජීවිතේ එකපාරක් හරි යන්න ඕනෙ තැනක් යාපනය කියන්නෙ 🥺😍🔥 බලන්නකො ලස්සන 🐴🦑🐙🌊🚢

📸 Photos credit goes to original photographer

සොබාදහම කියන්නෙ විදින්නම ඕනෙ කලාවක්🌿🍀🌨️📸 Photo credit goes to original  photographer
17/12/2024

සොබාදහම කියන්නෙ විදින්නම ඕනෙ කලාවක්🌿🍀🌨️

📸 Photo credit goes to original photographer

17/12/2024

රාජකාරි බහුල නාගරික ජීවිතෙන් අයින් වෙලා නැතුව මේ වගේ තැනක ඉන්න තිබ්බනම් ටික කාලයක්🌈🍀🍃🌳
මේ කොහෙද යාලුවනේ🧐😍


📸 Video credit goes to the respective owner.

17/12/2024

ඒ පාරේ තියෙන නිදහස🍃🍀, දන්න අය කියමු මේ කොහෙද කියලා🧐😍
📸Video credit goes to the respective owner.

හුලංගල🏃⛰️ | ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ දර්ශනීය භූ දර්ශනවල  සැඟවුණු මැණිකක් වන හුලංගල අද අපේ කතා තේමාවයි.එනම් "හුලංගල පුංචි ල...
16/12/2024

හුලංගල🏃⛰️ | ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාවේ දර්ශනීය භූ දර්ශනවල සැඟවුණු මැණිකක් වන හුලංගල අද අපේ කතා තේමාවයි.එනම් "හුලංගල පුංචි ලෝකාන්තය"යි.

හුලංගල යනු අද්විතීය කඳු නැගීමේ අත්දැකීමක් සහ මනරම් දර්ශන සහිත සුවිශේෂී ගමනාන්තයකි. එය කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක මංසන්ධියේ පිහිටා ඇති අතර එමඟින් ප්‍රදේශ කිහිපයකින් ප්‍රවේශ විය හැකිය. ප්‍රදේශයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එහි විවිධ පරිසර පද්ධති සහ පොහොසත් ජෛව විවිධත්වය සඳහා ප්‍රසිද්ධියට පත් වූ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුගත නකල්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ පිහිටීමයි.

හුලංගලයට එහි නම ලැබී ඇත්තේ සිංහල වචන වන හුලං සහ ගල යන වචනවල එකතුවෙන් වන අතර එය සුළං පර්වතය හෝ සුළං පර්වතය ලෙස පරිවර්තනය වේ. මෙයට හේතුව උච්චස්ථානයේ පවතින තද සුළං තත්ත්වයයි. හුලංගල දුර සිට රුවල් සහිත නැවකට සමානයි.

මීටර් 1025 ක උසකින් යුතුයි. මෙම ප්‍රදේශය විවිධාකාර ශාක හා සත්ත්ව විශේෂ වලින් සමන්විතයි.

හුලංගල තේ වතු වලින් වටවී ඇති පිහිටා ඇත.

සශ්‍රීක භූ දර්ශන සහ සන්සුන් පරිසරයක් සහිත හුලංගල, ත්‍රාසජනක සහ විවේකය යන දෙකම අපේක්ෂා කරන්නන් සඳහා කදිම ගමනාන්තයක් බවට පත් කරයි.

හුලංගල එක රැයකින් කඳවුරු බැඳීමට අවශ්‍ය ගමනාන්තයක් බවට පත්ව ඇති අතර, බොහෝ සංචාරකයන් සවස් වරුවේ කඳු නැගීමටත්, කඳවුරු බැඳීමටත්, මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත් වී ඇත.

හුලංගල අසල, යටවත්ත බිසෝ ඇල්ල සහ උඩගම ඇල්ල වැනි සිත් ඇදගන්නා දිය ඇලි, කඳවුරු භූමියට ආසන්නව ප්‍රබෝධමත් දිය නෑමට සුදුසු කුඩා දියඇලි ද ඔබට හමුවනු ඇත. විශේෂයෙන්ම යටවත්ත බිසෝ ඇල්ල එහි සන්සුන් සුන්දරත්වය සහ ඡායාරූප අවස්ථා සඳහා නැරඹිය යුතුම ස්ථානයකි.

කඳු නැගීමකට වඩා අඩු වෙහෙසකාරී ප්‍රවේශයකට කැමති අයට, යතුරුපැදි, ටුක්-ටුක් සහ 4x4 වාහන නැරඹුම් ස්ථානයට ළඟා විය හැකියි.

හුලංගල නැරඹීමට හොඳම කාලය දෙසැම්බර් සිට මාර්තු දක්වා වියළි කාලය වන අතර, මංපෙත්වලට වඩාත් ප්‍රවේශ විය හැකි අතර, මීදුමෙන් බාධාවකින් තොරව දසුන් දැකිය හැකිය.
🏃⛰️

📸 Photos credit goes to original photographer

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL Travel Host posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category