The Nadaya

The Nadaya පිරිසිදු හුස්ම හොයන් යන හරිත චාරිකා

25/03/2025

උඩ මාලිබොඩ කැලේ පාරෙන් ඉහළට කරුණා කරලා කුරුවිට එරත්න පාරෙන් පහලට කරුණා කලා කියන්නේ සෙල්ලම් නැ ඉතින් 🥹👣

GOMBANIYA - ගොම්බානිය ⛰️ Chariot path වලට නොදෙවෙනි දුම්බර වනපෙතේ නිහඩ දැවැන්තයා සොයා ගිය ගමන. 👣🌿YouTube link - https://y...
19/03/2025

GOMBANIYA - ගොම්බානිය ⛰️

Chariot path වලට නොදෙවෙනි දුම්බර වනපෙතේ නිහඩ දැවැන්තයා සොයා ගිය ගමන. 👣🌿

YouTube link - https://youtu.be/-5ct800-7nE

මුලින්ම කියන්න ඕනි මේ ගමන ගියෙ මිට ටික කලකට කලින් ඉතින් මේ වෙනකොට knuckles mountain range එක සම්බන්ධව නිති රීති තද බවක් ආරංචි වෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න.

අපි නම් මේ ගමන ගියෙ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරලා. අපි කොහෙන් පිටත් උනත් යන ඔයාලා එන්න ඕන වත්තේගම නගරයට ඒ වත්තේගම - බඹරැල්ල බස් එක අල්ල ගන්න. ඒ බස් එකෙ ගිහින් ඔයාලා බහින්න ඕන හුලුගග ඇල්ල ලගින්. එතනින් තියෙනවා පොඩි පාරක් අල්ලකොල්ල වතු යායට යන්න. ඒ පාර දිගෙම යන්න ඕන ඔයාලා 5-7km අතර දුරක් කදුකර පාරක් ලොකු බරක් එහෙම අරගෙන යනවා නම් පොඩ්ඩක් සැලකිමත් වෙන්න ඕන. ගමන අමාරු වෙනවා එහෙම උනාම. පාරෙ අවසානයට එනකොට හම්බෙනවා දොළ පාරක් ලග හදපු camping site එකක් ඔයාලට පුළුවන් එතනට එන්න හවස් උනොත් මෙතන නැවතිලා පහුවදා උදේ ගමන පිටත් වෙන්න මොකද එතන ඉදල hike එක පටන්ගන්න තැනට තියෙන්නේ පොඩි දුරයි.

Hike එකෙ මුල හරියේ තියෙනවා වතුර පුරවගන්න තැනක් ඊට පස්සෙ ආයෙ වතුර නැ කන්ද උඩට යනකම්ම. සහ camping site එකක් හම්බෙන්නේත් සැළකිය යුතු දුරක් උඩට ගියාට පස්සෙ. ඉතින් මම අර කලින් කිව්ව දොළ ලග camping site එකට එනකොට හවස 2 පහු උනොත් මම නම් නිර්දේශ කරන්නේ හවස hike එක පටන්ගන්නෙ නැතුව උදෙ යන එක මොකද උඩට බරක් අරං යනවා කියන එක ලෙසි නැ. Camping site එකකට ආවත් ඒ එන්නෙ ගොඩක් රැ වෙලා.

Hike එක ගැන කිව්වොත් ලොකු අමාරුවක් නැ. හැබැයි පටු අඩි පාරක් දිගෙ යන්න තියෙන්නේ. පාර හොයාගන්න පුලුවන් පැහැදිලිව තියෙනවා.
පරිසරය නම් හරිම ගුප්තයි හුලං ශබ්දය හැර කිසිදු ශබ්දයක් ඇහෙන්නෙ නැ. හරිම නිස්කලංක සංවෙදි පරිසරයක් .

යන්න හිතන් ඉන්න කෙනෙක් නම් නිතිමය තත්වය ගැන දැනුවත් වෙලා යන්න බලන්න. මොකද අපිත් ලොකු විස්තරයක් දන්නෙ නැහැ ඒ පිලිබඳව.

' DARANIYAGALA - UDAMALIBODA TRAIL  '' දැරණියගල - උඩ මාලිබොඩ ' වන ගත මාර්ගය ඔස්සේ අපි 26 වෙන දින අලුයම පිටත් උනෙ target ...
02/03/2025

' DARANIYAGALA - UDAMALIBODA TRAIL '

' දැරණියගල - උඩ මාලිබොඩ ' වන ගත මාර්ගය ඔස්සේ අපි 26 වෙන දින අලුයම පිටත් උනෙ target එකක් ඇතිව පාන්දර 5 ට ගම්පහින් බස් එකට නැග්ග අපි කඩුවෙලටත් කඩුවෙල ඉදලා අවිස්සාවේල්ලටත් අවිස්සාවේල්ල ඉදලා දැරණියගටත් දැරණියගල ඉදලා මාලිබොඩටත් කඩින් කඩ යන්න උනා ඒ ඒ මාර්ගයේ දුෂ්කර බව නිසාය.
අවසන් බස් එකෙන් බැස්ස තැන ඉදලා ගමන පටන්ගන්න තැනට යනකම් 5 km තියෙනවා පාරෙ ඇවිදගෙන යන්න. එතනින් එහාට පංදෙනිය ගග තරණය.
නිදහස් මනසකින් හිමින් සිරුවෙ ගමන යනකොට හැරමිටියක් අතට ගත් වයොවෘර්ධ සියා කෙනෙකුගෙ බස් මෙසෙය.

' කරුවල වැටෙන්න කලින් යන්න ඔහොම යන්න එපා බොලව්. වැස්ස ලග ලගම එනවා දොල පන්නගන්න බැරි වැයි උබලට '

ඒ ඇසුනු වදන් ටික ඔලුවෙ තියාගෙන අපි පංදෙනිය ගග තරණය කළා ඒ නිකම් නෙවෙයි සිතල වතුර පොදක පහස විදලා අවසන්වි.
12 km ලෙස සදහන් උවත් අපට නම් එය 20 km තරම් ගතට දැනුනි. මහන්සි නොබලා පියවර තැබු අපි රත්නපුර පාරෙ ඉදිකටුපාන අම්බලමට ආවා රැ 10 වෙනකොට. එහා පැත්තේ කඩෙන් කොත්තු මී එකක් දාලා බඩ පුරොගෙන අම්බලමෙ ඇල උනෙ පසුදා පාන්දර අපෙ කොඩු උන්නැහෙට ඉර සෙවය පෙන්විමයි. නමුත් අවාසනාවකට පසුදා පාන්දර වැස්සක් ඇද හැලුනි. ඒ වෙනකොට මුලු පරිසරයම මි දුමෙන් වැසිනි සහ කිසිවක් නොපෙනුනි. තවත් කම්මැලි උ අප උදැසන 11 ට පමණ ඉදිකටුපාන අම්බලමෙන් පිටත් උනේ උතුම් සිරි පතුල වැද ගමිමයි.
මෙ වෙනකොට ගමනෙන් 50% අවසන්ය. පහලට කරුණාව ඇරඹිනි. නැවත ගල් වංගෙඩිය කඩෙ ලගට දිව ආවෙ රත්නපුර පාර ද කුරුවිට පාර ද යන්න තිරණය කිරිමටය.
තිරණය කුරුවිට පාරය. දෙවෙනි දවසෙ රැය ගත කාලෙ කුරුවිට පාරෙ සිත ගගුල ආසන්නයේ පිහිටි අම්බලමෙය.
තෙවන දවස වන විට බාධාවකින් තොරව අප කණ්ඩායම ගමනෙ අවසාන සනිටුහන් කලෙය.

The NADAYA 🌿

ඉතින් අවසරයි සමුගෙන යන්නට මෙ සොදුරු දින 366 දුන් ලස්සන මතක හිත තුල තැන්පත් කර නව වසරකට ආවඩා ආයුබෝ වේවා කියා...👣🍃🍁
31/12/2024

ඉතින් අවසරයි සමුගෙන යන්නට මෙ සොදුරු දින 366 දුන් ලස්සන මතක හිත තුල තැන්පත් කර නව වසරකට ආවඩා ආයුබෝ වේවා කියා...👣🍃🍁

B A L A T H U D U W A උස 2034M වන ලංකාවේ 13 වෙනි උසම කඳු මුදුනෙ සිට වලාකුළු පිරුණු ලොකෙක අතරමං වූ the NADAYA 🌿 අපි. හපුත...
26/12/2024

B A L A T H U D U W A

උස 2034M වන ලංකාවේ 13 වෙනි උසම කඳු මුදුනෙ සිට වලාකුළු පිරුණු ලොකෙක අතරමං වූ the NADAYA 🌿 අපි.

හපුතලේ ප්‍රදේශයෙ ඇත මෙ කදු මුදුන තරණය කරන්න වංගෙඩි කන්ද , වංගෙඩිගල යන පහල ස්ථරද අපිට තරණය කරන්න වෙනවා. මේ සුන්දර ස්ථානයට වැලි වංගුව සහ බඹරකන්ද ඇල්ල , ලංකා ඇල්ල , උඩවෙරිය වත්ත හොදින් බලාගන්න පුළුවන්.
විශෙෂම දෙ තමයි මෙ කදු මුදුනේ ඇති පලාත් මායිම් කණු මේවා මගින් ඌව සහ මධ්‍යම පළාත් වෙන් කරනවා.
තවත් කාරණයක් නම් මෙම කදු මුදුන වෙලෙගම රක්ෂිත වනාන්තරට අයිති එකක් විමයි. තහනම් ප්‍රදේශයක් උවත් අවසර ලබා ගනිමින් සුන්දරත්වය විඳින්නට අප ආරාධනා කරමු.
අපි ' The NADAYA 🌿 '


මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක දෙකටම මායිම් ව පිහිටා ඇති මෙ සොදුරු ඉසව්ව නමින් හුලංගල නම් වේ.   මෙය මාතලෙ සැලගම ප්‍රදේශය...
08/12/2024

මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක දෙකටම මායිම් ව පිහිටා ඇති මෙ සොදුරු ඉසව්ව නමින් හුලංගල නම් වේ.
මෙය මාතලෙ සැලගම ප්‍රදේශයේ පිහිටි සුන්දර ස්ථානයකි .
Hulangala mini world end 🌿

අද අපි ගියා ලංකාවේ තවත් සුන්දර කදු මුදුනක් තරණය කරන්න. ගමන නම් එච්චර අමාරු නැ. හැබැයි මනසෙ නිදහස නම් අඩුවකුත් නැ.       ...
08/12/2024

අද අපි ගියා ලංකාවේ තවත් සුන්දර කදු මුදුනක් තරණය කරන්න. ගමන නම් එච්චර අමාරු නැ. හැබැයි මනසෙ නිදහස නම් අඩුවකුත් නැ.
ඉතින් මෙ පහල රුප ටික අපි ගත්තෙ බතලෙගල කදු මුදුනෙ සිට 🌿

Address


Alerts

Be the first to know and let us send you an email when The Nadaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Transport Service?

Share