19/08/2026
# # # ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
ශ්රී ලංකාවේ වෙළෙඳ හා ආනයන ක්ෂේත්රය තවදුරටත් ඩිජිටල්කරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස, **ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය** පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු 18 වැනිදා ලංකා වාණිජ මණ්ඩලයේදී සාර්ථකව පැවැත්විණි.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වූයේ **ආනයනකරුවන්, කාගෝ නියෝජිතයන් සහ ව්යාපාරික ප්රජාව නව ඩිජිටල් රේගු ක්රමවේදය පිළිබඳව දැනුවත් කිරීමයි.**
🔹 ලංකා වාණිජ මණ්ඩලයේ ප්රධාන විධායක නිලධාරී සහ මහලේකම් **ශිරාන් ප්රනාන්දු මහතා** විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී.
🔹 ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් **සීවලී අරුක්ගොඩ මහතා** විසින් රජයේ ඩිජිටල්කරණ ප්රතිපත්තිය, RARMB කාර්යභාරය සහ කඩදාසි රහිත රේගු ප්රකාශන ව්යාපෘතියේ වැදගත්කම පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
🔹 විශේෂයෙන්ම **ඔක්තෝබර් 01 වැනිදා සිට ක්රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය** මගින් වෙළෙඳ ක්ෂේත්රයට ලැබෙන ප්රතිලාභ පිළිබඳවද අවධානය යොමු විය.
🔹 **LankaPay සහ ශ්රී ලංකා රේගුවේ නිලධාරීන්** විසින් පැවැත්වූ තාක්ෂණික සැසියේදී ඩිජිටල් අත්සන ලබාගැනීම, භාවිත කිරීම සහ Customs Declarations ඉදිරිපත් කිරීමේදී එය ප්රායෝගිකව යොදාගන්නා ආකාරය පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කරන ලදී.
🔹 වැඩසටහන අවසානයේ පැවති විශේෂ සාකච්ඡා සැසියේදී ව්යාපාරික ප්රජාවට තම ගැටලු සහ ප්රායෝගික අපහසුතා සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් සෘජුවම කරුණු විමසීමටද අවස්ථාව ලැබුණි.
මෙම අවස්ථාව සඳහා RARMB අධ්යක්ෂවරුන්, ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන්, ශ්රී ලංකා රේගුවේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, ICT Directorate නිලධාරීන්, LankaPay නියෝජිතයින් මෙන්ම ආනයනකරුවන්, කාගෝ නියෝජිතයන් සහ ව්යාපාරික ප්රජාවේ විශාල පිරිසක් සහභාගී වූහ.
**කඩදාසි රහිත, වේගවත් හා කාර්යක්ෂම වෙළෙඳ ක්රමවේදයක් කරා ශ්රී ලංකාව ගෙන යාමේ වැදගත් පියවරක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකිය.** 🇱🇰💻