365 Day

365 Day වරෙන් වචන් රවුමක් යන්න අපිත් එක්ක Beautiful landsapes in 🇱🇰

21/12/2024
හැමදේටම යම්කිසි කාලයක්  ගතවෙනවා බන්ටි එතකම් ඉවසන්න.🤙
16/05/2024

හැමදේටම යම්කිසි කාලයක් ගතවෙනවා බන්ටි එතකම් ඉවසන්න.🤙

ඇතුගල ..
24/11/2022

ඇතුගල ..

𝒀𝒂𝒉𝒂𝒏𝒈𝒂𝒍𝒂 𝒗𝒊𝒆𝒘 𝒑𝒐𝒊𝒏𝒕 .කළුගල නම් සුන්දර ගම්මානයේ උඩඉලුක ග්‍රාම සේවක වසමේ යහන්ගල පිහිටා ඇත. නකල්ස් රක්ෂිතයේ කොටසක් ලෙස මෙම...
17/05/2022

𝒀𝒂𝒉𝒂𝒏𝒈𝒂𝒍𝒂 𝒗𝒊𝒆𝒘 𝒑𝒐𝒊𝒏𝒕 .

කළුගල නම් සුන්දර ගම්මානයේ උඩඉලුක ග්‍රාම සේවක වසමේ යහන්ගල පිහිටා ඇත. නකල්ස් රක්ෂිතයේ කොටසක් ලෙස මෙම යහන්ගල මුල් අයිතිකරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. නකල්ස් කඳුකරයට අයත් සුන්දරත්වයෙන් පිරුණු අපූරු තැනක්. මෙය යහන්ගල ලෙස හඳුන්වන්නේ යහනක් මෙන් පිහිටා ඇති බැවිනි. යහන්ගල නකල්ස් සිට ගිනිකොන දෙසින් පිහිටා ඇත. මේකෙත් රාවණා පුරාවෘත්තයක් තියෙනවා. රාවණා රජු සීතා දේවිය සඟවා තැබුවේ මෙම කන්දේ බව විශ්වාස කෙරේ.

Chariot Pathමෙම කඳුවැටිය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට මීටර් 2100කට වඩා උසින් පිහිටා ඇත. එය රාවණාගේ රථය ගමන්...
18/01/2022

Chariot Path
මෙම කඳුවැටිය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට මීටර් 2100කට වඩා උසින් පිහිටා ඇත. එය රාවණාගේ රථය ගමන් කළ මාර්ගය යන අරුතින් ‘රථ මාවත්’ ලෙසද හඳුන්වන අතර ගම්මු එය හඳුන්වන්නේ ‘පිට්ටනි’ යනුවෙනි. මේ සුන්දර භූමිය සොයා යාම ආරම්භ වන්නේ පුස්සැල්ලාව ෆ්ලෝරෝටොෆ්ට් වතුයායෙන්. මේක පුද්ගලික වත්තක්. කඳුකර වනාන්තරයක් මැදින් දිවෙන අඩිපාරේ යාමට දුෂ්කර මංපෙත් කිහිපයක් තිබේ.

රාවණා රජවරුන්ගේ ඉතිහාසයේ ලංකාපුර අගනුවර සිට සීතා දේවිය රැගෙන අශෝක විතාක නම් ස්ථානයට වැඩම කළ ඔහු මේ කාලය තුළ මෙම ස්ථානය හරහා තම වාහනය පදවාගෙන ගොස් මෙම ස්ථානය නිර්මාණය වූ බව පැවසේ. රාවණාගේ කරත්ත පාර තණකොළ මත අලංකාර ලෙස පින්තාරු කර ඇත.

තැනිතලාවේ කෙළවර කුඩා පොකුණක් ඇත. මෙම පොකුණ සීතා පොකුණ ලෙස හැඳින්වේ. මෙම පොකුණ සීතාගේ කඳුළුවලින් නිර්මාණය වූවක් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කිසිදු නියඟයකට මෙම පොකුණ සිඳී නොයන බවද ගම්වාසීහු පවසති.

දොලුකන්ද(Dolukanda)වයඹ පලාතේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ  පිහිටා ඇති දොලුකන්ද  වෙත මාර්ග දෙකකින් ලගා විය හැක ඒ කුරුණෑගල සි...
25/10/2021

දොලුකන්ද(Dolukanda)

වයඹ පලාතේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දොලුකන්ද වෙත මාර්ග දෙකකින් ලගා විය හැක ඒ කුරුණෑගල සිට දඹුල්ල පාරේ ගොස් මුත්තෙට්ටුගල හංදියෙන් වැල්ලව ,ගනේවත්ත මාර්ගයේ ගොස් දොලුකන්ද පන්සල හරහා දොලුකන්ද තරණය කල හැක අපගේ ගමන් මාර්ගය වුයේද එම මාර්ගයයි. අනෙක් මාර්ගය ලෙස කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොස් ඉබ්බාගමුවෙන් හැරී මඩගල්ල පාරේ ගොස් ගොඩගාල හංදියෙන් බැස මනරම් වෙල්යාය අතරින් දොලුව ගම්මානයට පිවිස දොලුකන්ද තරණය කල හැක.

ඔබ විනෝදාංශයට හෝ රැල්ලට හෝ කවර අයුරකින් වුවද කඳු තරණය කරන්නෙක් නම් ජීවීතේ අවසන් වීමට ප්‍රථම දොලුකන්ද තරණය කරනවා නම් ගොඩක් වටීවී . අන් කවර කන්දකටත් වඩා දොලුකන්ද තරණය කිරීමෙන් වටිනා අත්දැකීම් මෙන්ම තොරතුරු රැසක් ගවේෂණය කල හැක.
ඔබට කඳු තරණයේ කොපමණ අත්දැකීම් තිබුණත් ප්‍රවීනයෙකු වුවත් දොලුකන්ද තරණයේදී මග පෙන්වන්නෙකු කැටුව යාම එම ගමනේ ආරක්ෂාවට මෙන්ම ගුණාත්මක භාවයට වඩා රැකුලක් වනු ඇත. මන්ද දොලුකන්ද යනු අතීත පුරාවෘත ගණනාවක්ම දරා සිටින කන්දක් වීමත් ඒ පිළිබදව වටිනා තොරතුරු ගවේෂණය කරමින් දැන ගනිමින් යාම වැදගත් නිසාත්.

දොලුකන්ද පිලිබදව අතීත පුරාවෘත කතා ගොඩක් ගවේෂණයදී දැනගන්න ලැබුණා. රාම රාවණා යුද්ධයේදී රාවණා විසින් එල්ලකල ප්‍රහාරයකින් තුවාල ලැබූ රාමාට බෙහෙත් ගෙන ඒමට ගිය හනුමට එම බෙහෙත් වර්ගය අමතක වී ඉන්දියාවේ හිමාලය කන්දේ කොටසක්ම ගලවාගෙන එන අතරමගදී වැටුණු කැබැල්ලක් ලෙස දොලුකන්ද හඳුන්වන බව ජනප්‍රවාද කතා වල දැක්වේ. එහෙත් එම කොටස් රෑමස්සල කන්දත් තව කොටසක් රිටිගල කන්ද ලෙසත් හදුන්වනු ලබන මුත් දොලුකන්ද එම කොටසක් යැයි යන්නට සමහර සාක්ෂි දොලුකන්ද තරණය කරන ඕනැම කෙනෙක්ට දක්නට ලැබේ. නමුත් මෙය පුරාණ ඉසිවරයෙකුගේ ඔසු උයනක් ලෙසද සමහර ජනප්‍රවාද කතා වල සඳහන් වේ.
කෙසේ වෙතත් ඉන්දියාවේ හිමාලය කන්දේදී පමණක් සොයාගත හැකි දුර්ලභ බෙහෙත් වර්ග ගණනාවක් දොලුකන්දේදී සොයාගත හැකි බව අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් පැය දෙකකට ආසන්න කාලයක නැග්මකින් පසු දොලුකන්ද මුදුනට නැගගත හැකිවේ දොලුකන්ද මුහුණතේ දිග කිලෝමීටර් හතරකට වැඩි වන අතර දොලුකන්දේ රක්ෂිතයේ මුලු වපසරිය අක්කර ගණනකට වඩා විශාල වේ. එය මුලු කුරුණෑගල නගරයටම වඩා විශාල බව දැනගන්නට ලැබේ.
බුද්ධාස රජතුමාගේ මාලිගයක් දොලුකන්දේ තිබූ බවට අදටත් එහි සාක්ෂි දැකගත හැකිවේ.මීට අමතරව බුද්ධාස රජතුමාගේ ධනයෙන් වැඩි කොටසක් තැන්පත් කර ඇත්තේ දොලුකන්දේ බවට සඳහන් වේ ඊට වටිනා රත්‍රන් ආභරණ ,මැණික් තොග අඩංගු බව සඳහන්වේ අදටත් ඒවා නිධන් කර ඇති ස්ථානවල සලකුණු දක්නට ලැබෙන අතර දොලුකන්දට පහසුවෙන් ලගාවීමට නොහැකිවීම එක් හේතුවක් නිසාම ඒවා අදටත් සුරක්ෂිතව ඇති අතර දොලුකන්දේ සමහර ස්ථානවල නිධන් සොරුන්ගේ ග්‍රහනයට හසුවී ඇති අයුරුද දක්නට ලැබේ. මීට අමතරව දොලුකන්ද රක්ෂිතයේ දොල පාරක් මෙන්ම රජ සමයේ භාවිතා කල පොකුණු කීපයක්ම දක්නට ලැබේ. මීට කලකට ඉහතදී දොලුකන්දේ භාවනායෙ‍ා්ගීව ස්වාමීන්වහන්සේලා වැඩ සිටි අතර ඒ සඳහා යොදාගත් ගල්ගුහාවලින් සෑදුනු භාවනා කුටිද දක්නට ලැබේ.

දොලුකන්ද මුදුනට මුලු වයඹ පලාතම මනරම්ව දිස්වේ එක් පසෙකින් කුරුණෑගල ,වාරියපොල සහ අනෙක් පසින් ගනේවත්ත ,වැල්ලව දැදුරුඔය ජලාශය මෙන්ම යක්දෙස්සාගල කන්දද දිස්වේ. පැහැදිලි දිනකදී නම් හලාවත පෙදෙසින් මුහුදද දැකගත හැකිවේ. කෙසේ වෙතත් ලංකාවේ සමහර පිරිසකගේ අනුවන ක්‍රියා අපට මේ ගමනෙත් දැකගන්නට ලැබුණා. ගල් පර්වත කොටස්වල තමුන්ගේ නම් කොටා, කන්ද තරණය කරන අඩි පාරේ ප්ලාස්ටික් බෝතල්, බියර් ටින් ටොපිකොල ,සිලි බෑග්, කැඩුණ රබර් සෙරෙප්පු වැනි දෑ දමා ගොස් තිබුණා අපගේ මූලික අරමුණ පරිසරයට ආදරය කිරීම නිසා අප යන ගමන අතරතුර මිනිසුන් දමාගොස් ඇති ඒම අපද්‍රව්‍ය එකතු කර ගෙනවිත් පහලදී නිසි පරිදි බැහැර කිරීමට අප පියවර ගත්තා


" පා සටහන් පමණක් ඉතිරිකර නැවත් එන්න "

📌Coordinates : 7.621589097525547, 80.40928715554985

Dolukanda Cave : 7.626097912425246, 80.40654057353389

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 365 Day posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share