Rajgama Travels

Rajgama Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rajgama Travels, Travel and transport, Nawala.

13/08/2026

මත් රියදුරන්ට
වැට බඳින්න
තවත් ජංගම බස් රථයක්

පොදු ප්‍රවාහන සේවාව වඩාත් විධිමත් හා ආරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තවත් ජංගම බස් රථයක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනේ දෙවසරක උපායමාර්ගික සැලැස්මට අනුව මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට නියමිතයි.

පොදු ප්‍රවාහන සේවයේ නිරත රියදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රිය ධාවනයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීම මෙම ජංගම වැඩසටහනේ අරමුණයි.

මේ වන විට දිවයිනේ පළාත් පහක් ආවරණය වන පරිදි අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ සිදුකෙරෙන අතර, මේ දක්වා පරීක්ෂණ 7,150ක් සිදුකර තිබෙනවා.

අවශ්‍ය භෞතික හා මානව සම්පත් තවදුරටත් සංවර්ධනය කිරීමෙන් අනතුරුව දිවයිනේ සෙසු පළාත්වලටද මෙම පරීක්ෂණ වැඩසටහන ව්‍යාප්ත කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

අන්තර් අමාත්‍යාංශ සහයෝගීතාවයෙන් කෙටි, මධ්‍යම සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

10/08/2026
With Sajith Anjula Jayawickrama – I just got recognized as one of their top fans! 🎉
15/07/2026

With Sajith Anjula Jayawickrama – I just got recognized as one of their top fans! 🎉

Address

Nawala

Website

Alerts

Be the first to know and let us send you an email when Rajgama Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share