19/02/2026
🚦🚦
මාර්ගය මත සලකුණු කර ඇති රේඛා.
මාර්ගයෙහි සලකුණු කළ රේඛාවන් විවිධාකාර අදහස් ගෙන දීම සඳහා භාවිතා කර ඇත. රියදුරන් විසින් නිතර වරද්දා ගන්නා එවැනි තැන් කිහිපයක් ගැන නිවැරදි විස්තර මෙහි දැක්වේ.
1. මාර්ගය මැද ඇති කැඩුණු දිග ඉරි මෙය මාර්ගයේ මැද දක්වන රේඛාවයි. වාහනය එම රේඛාව නොකැපෙන සේ වමට බරව ධාවනය කිරීම සුදුසුය.
• තවත් වාහනයකට ඉස්සර කිරීම
• දකුණට හැරවීම
• අනතුරක් වැළැක්වීම
යන අවශ්‍යතා සඳහා කඩ ඉරි ඉක්මවා පැදවිය හැකිය.
2. මාර්ගය මැද ඇති තහි ඉර
මෙයද මාර්ගයේ මැද දක්වන රේඛාවකි. මෙම රේඛාවෙන් වීමට බරව වාහනය ධාවනය කළ යුතුය.
• දකුණට හැරවීම
• අනතුරක් වැළැක්වීම
• සඳහා මේ රේඛාව ඉක්මවිය හැකිය.
3. මාර්ගය මැද ඇති ද්විත්ව රේඛා (=)
මෙයද මාර්ගයේ මැද දක්වන රේඛාවකි. වාහනය එම රේඛාව නොකැපෙන සේ වම් පසින් ධාවනය කළ යුතුය. ද්විත්ව රේඛාව ඉක්මවන සේ ඉස්සර කිරීම හෝ දකුණට හැරවීම නොකළ යුතුය එහෙත් අනතුරක් වැළකීම සඳහා ද්විත්ව රේඛා ඉක්මවා ධාවනය කළ හැකිය.
4. මාර්ගය ධාවන මං තීරු දක්වන රේඛා (----)
මං තීරු වැඩි ප්‍රමාණයක් ඇති පුළුල් මාර්ගවල මෙවැනි රේඛා දක්වා ඇත. මේවා කඩ ඉරි වශයෙන් දක්වා ඇත. කඩ ඉරි රේඛා කැපෙන සේ ධාවනය කිරීම වරදක් නොවේ. එහෙත් තම වේගයට සරිලන මං තීරුවක ධාවනය කිරීම ආරක්ෂාකාරීය.
දියුණු තත්ත්වයේ අධිවේගි මාර්ගවල මෙවැනි මංතීරු තුනක් බැගින් එක පසෙක ඇත. (එවිට මංතීරු 06කට බෙදෙනු ඇත)
• මෙයින් මාර්ගය අයිනට ආසන්නයේ ඇති මං තීරුව වමට හැරවීමට හෝ නැවැත්වීමට වේගය බාල කරන වාහන සඳහාය. නැතහොත් සෙමින් ගමන් කරන වාහන වලට ඒ මං තීරුව තෝරාගත හැකිය.
• දෙවැනි මං තීරුව ඉදිරියට ධාවනය කිරීම සඳහාය.
• තුන්වැනි මංතිරුව හෙවත් මැද ඇති මංතීරුව ඉස්සර කිරීමට ඉඩ ලබා ගැනීම සඳහාය.
5. මංසන්ධිවල ඇති කොටු දැල් සටහන්
කොළඹ සහ වාහන තදබදය අධික ප්‍රදේශ වල මංසන්ධි වල මෙවැනි දැල් සටහන් මාර්ගය මැද ඇඳ තිබෙනු ඔබ දැක ඇත. මෙය මංසන්ධිය කොටුව වන අතර ඔබ ඉදිරියට ගමන් කරන්නේ නම් ඉදිරියේ යම් අවහිරතාවක් ඇතිව ගමන් කිරීමට නොහැකි නම් මෙම කොටුවට වාහනය ඇතුල් කිරීමට හෝ නවතා ගෙන සිටීම කිරීමට නොහැක.
6. මාර්ගය අයිතේ ඇති සුදු පැහැති රේඛාව
මෙවැනි රේඛාවකින් අදහස් වනුයේ එම රේඛාව ඉක්වෙන සේ මාර්ගය දෙසට බරව වාහන ගාල්කර තැබීම නොකළ යුතුය.