03/09/2026
හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම දියඇල්ල? 😍💦 | සපුගහ දොල දියඇල්ල 🌿 | Sapugahadola Ella Falls 🇱🇰 කිරම
හම්බන්තොට තියෙන එකම දියඇල්ල | Sapugahadola Ella | Rammala Biso Ella Sri Lanka | hambanthota හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රම්මලේ ප්‍රදේශයේ සපුගහදොල ඇල්ල පිහිටා ඇත. උතුරු ගිරුවාපත්තුවේ මායිම වන රම්මලේ කන්ද රක්ෂිතය තුළින් ගලා එන සිසිල් දිය දහරාව මගින් මෙම ඇල්ල පෝෂණය වේ. මෙහි ජලය ගලා ගොස් කිරම ආරට එකතු වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් එකම දිය ඇල්ල ද මෙය සුවිශේෂී වේ. උස මීටර් 25 කින් මෙය යුක්ත අතර කොටස් දෙකක්ට ඇල්ල නිරූපණය වේ. මාතර සිට 52 km දුරකින් හා වලස්මුල්ල සිට 15 km කින් වරාපිටිය - ඌරුබොක්ක මාර්ගයේ මෙය පිහිටා ඇත. ඓතිහාසික සාධක අනුව වළගම්බා රාජ සමයේදී රාජ බිසවක් මෙම ඇල්ලෙන් පහළට වැටී මරණයට පත් වී ඇති බව සදහන් වේ. අතීතයේ සිට රම්මලේ කදු වැටිය හා ඓතිහාසික සබදතා රාශියක් පැවතී ඇත.වර්තමාන වනවිට මෙම ඇල්ල ආශිතව ඉදිකර ඇති හෝටලය මගින් දිය නෑම සදහා බැම්මක් බැද ඉදිකර ඇත