06/08/2020
井川小学校閑蔵分校
(ඉකවා ශෝ ගක්කෝ කන්සෝ බුන්කෝ)
දැක්කම මොකක් වගේද පේන්නෙ? අත ඇරපු බිල්ඩින් එකක් වගෙ නේද? මොකක්ද මේ? ඇයි අත ඇරලා තියෙන්නේ කියන ප්‍රශ්නය මටත් ආවා.
ලගට ගිහින් බැලුවාම අවුරුදු 50 කට වගේ ඉහතදී අත ඇරලා දාපු පාසලක්? කලු ලෑල්ලත් පේනවා නේද තාම එහෙන්ම තියෙනවා.
ඇයි පාසලක් මෙහෙම අත ඇරලා දාලා තියෙන්නෙ ප්‍රශ්නයක් එනවා නේද?
මට්ත් එහෙම ප්‍රශ්නයක් ආව ,ඇත්තටම කීවොත් ජපානයේ එන්න එන්න ළමයිගේ ප්‍රතිශතය අඩු වෙමින් පවතින අතර වයසක පුද්ගලයන් ගේ ප්‍රතිශතය වැඩි වේ.
ඇයි එහෙම වෙන්නෙ???
ජපන් ජාතිකයන් ගේ අරමුණ විවාහ නොවි රැකියව කරගෙන වෙන වෙනම තනියම ජීවත් වෙන්නයි. ළමයි හැදුවොත් ගොඩක් සල්ලි වියදම් වෙනවා කිය්ලා මෙයාල හිතනවා කරදරයි කියලා තමා අහන අය කියන්නෙ,
ඒ නිසා ගම වල් අස්සෙ තියන පාසල් වහන්න සිද්ධ වෙලා. ගොඩක් අය ගම දාලා නගර කිට්ටුවට් ගිහින්.මේ මට හ්ම්බුන එකක් විතරයි. තව ජපානයේ මේ වගෙ වහපූ පාසල් ගනන් කරන්න බැරි තරම් ඇති...
මෙහෙම ගියොත් ජපාන් ජාතිකයෝ ඉතිරිවෙයිද??
ඔබේ අදහස බෙදා ගන්න.
අලුත් දේවල් කමෙන්ට් කරන්න.
සටහන: භානුක කරුණාරත්න.