Mr.L a l i y a

Call Directions

Mr.L a l i y a In my opinion, she is the one who keeps smiling no matter how angry she is🤡
(1)

18/09/2026

🛕🌺 නල්ලූර් තේරු උත්සවය වෙනුවෙන්ම විශේෂ යාපනේ සංචාරය 🌺🛕

17/09/2026

📍Badulla passara road 📍

පස්සර පාරේ යද්දි නතර කරන්න හිතෙන තැනක්. 🍃💚🥹

යාපනේ පැත්තේ යන ඔයාලා යන්නම ඕන තැනක් - "කිරිමලෙයි පොකුණ"🌈️😍🤗යාපනය සංචාරය  02පතුලක් නැති ළිඳේ රහස  සහ  කීරමලෙයි ඖෂධීය මිර...
12/09/2026

යාපනේ පැත්තේ යන ඔයාලා යන්නම ඕන තැනක් - "කිරිමලෙයි පොකුණ"🌈️😍🤗

යාපනය සංචාරය 02
පතුලක් නැති ළිඳේ රහස සහ කීරමලෙයි ඖෂධීය මිරිදිය පොකුණ

අලිමංකඩින් තිබුණු අවන් හලකින් උදෑසන තේ එකකින් සප්පායම් වී තවත් සොඳුරු තැන් සොයා යන්නට ලක ලැස්ති වුනත් අලිමංකඩ සුන්දරත්වය විඳ ගනිමින් මද වේලාවක් ගත කළා. අලිමංකඩ ලුණු ලේවාය, කුඩා පඳුරු සහිත වන ලැහැබ, සිනිඳු වැල්ල සහිත ගොඩබිම යනමේ සුන්දර දසුන් අතරින් සමාන්තර සරල රේඛා දෙකක් ආකාරයට ඉද්ද ගැසුවාසේ කෙලින් දිවෙන රේල්පාර පරිසරයේ සුන්දරත්වය තව තවත් වැඩි කළා කීවොත් නිවැරදීයී. නැගෙනහිරින් පායන හිරුගේ රැස් දහරා ගෙන ආ උණුසුමත් ලුණු ලේවා හරහා හමන ලවන සහිත සුළඟත් ගතට ගෙන දුන්නේ මද සිසිලකි. වර්ගවාදී අරගල සමයේ සහමුලින්ම විනාශවී ගිය රේල්පාර නැවත පිළිසකර කිරීමෙන් පසු සංචාරක ගමන් ක්රමයෙන් දියුණු වීම මේ රටේ පුර වැසියෙක් හැටියට මගේ සිතට නැගුණු සතුට අසීමිතය.
මදක් කල්පනා කරනවිට යාපනයේ භූමිය පුරාම තියෙන්නේ ගුප්ත බවක් කීවොත් නිවැරදියි. එක් තැනක සම්පූර්ණයෙන් සිප්පි කටුවෙන් හුණු වැරැටිවලින් සමන්විත වගේම තවත් තැනක දක්නට ලැබෙන්නේ සාර වූ ඉතාම පෝෂණීය පසක් ඇති භූමියක්. සරු පසක් දක්නට ලැබෙන යාපනනේ පස ලවන සහිතය. පී එච් අගය 6.8 ත් 8.3 ත් අතර වෙයි. පාංශු විද්යාත්මකව කරන ලද වර්ගීකරණයේදී කැල්සයික් රතු- කහ ලැටසෝල් (CalcicRed-Yellow latasol),සොලොඩිසෙඩ්, සොලොනෙට්ස් සහ සොලොන්චැක් සහ රෙගොසොල් (Solodized Solonetz and Solon Chaks and Regosol) යන පස් වර්ග තිබෙන බවට අනාවරණය වී ඇත.
යාපනයේ බලන්න තිබෙන විශේෂ ස්ථාන අතර පතුළ නැති ළිඳ විශේෂ ස්ථානයක්. . මෙය හඳුන්වන්නේ නිලාවරෙයි පතුල නැති ළිඳ යනුවෙනි. යාපනයේ සිට කිලෝමීටර් 17 නීලාවරෙයි නගරයට නුදුරින් (යාපනයෙ කන්කසන්තුරෙ පාරේ චුන්නාකම් මංසන්ධියෙන් දකුණට හැරී ගියවිට හමුවන නීලවරායි මංසන්ධියේ පිහිටි) මෙම ළිඳ පිහිටා තිබේ.. මේ හා සම්බන්ධව යාපනය ජනතාවගේ මතය වන්නේ මෙම ළිඳේ ජලකඳ යාපනය පොළොව යටින් පිහිටි කුහරයක් තුළින් ගමන් කර මහ සයුර සමග සම්බන්ධවන බවය. මේ ළිඳේ ගැඹුර පිළිබඳව මම එම ප්රදේශයේ සිටි මැදිවිය ඉක්මවූ මිනිසෙකුගෙන් විමසු විට ඔහු කැඩිච්ච සිංහලෙන් කියා සිටියේ මේ ළිඳේ බැඹුර පිළිබඳව පරීක්ෂණ කරන්න පැමිණි පිරිසක් දෙහි ගෝනියක් මෙම ලිඳට දැමූ බවත් පසුව මෙම දෙහි ගෙඩි නිරාවරෙයි මුහුදෙන් මතුවුණ බවය.
ඒකෙසේ වෙතත් ජාතික ජල සම්පාදන සහ ජල පවාහන මණ්ඩලය මෙම පතුල නොපෙනෙන ළිඳේ ජලය නිරාවරෙයි නගරයටත් හා ප්රදේශයේ ජනතාවගේ පරිහරණය සඳහාත් බෙදා හරින අන්දම එහි ගිය අපට දැක ගැනීමට හැකිවිය. දිනකට ජලය ලිටර් දස දහස් ගණනක් නිරාවරෙයි නගරයේ සහ ජනතාවගේ අවශ්යතා සඳහා බෙදා හැරියත් මෙම ලිඳ කිසිම දිනක නොසිඳෙන බව ප්රදේශයේ ජනතාවගෙ දැන ගන්නට ලැබුණි.
මෙම අසාමාන්ය ළිඳ පිළිබඳව මහනුවර හන්තානේ මූලික අධ්යයන ආයතනයේ භූ විද්යාව පිළිබඳ මහාචාර්ය සී බී දිසානායක දක්වන අදහස වන්නේ ළිඳක් වුවොත් පතුලක් තිබිය යුතුය, එහෙත් යාපනේ පසතුළ තිබෙන හුණුගල් ලෙහෙසියෙන්ම කැබලි වෙන බැවින් කුස්තුර හට ගැනීම නිරතුරුවම සිදුවෙයි. මෙම කුස්තුර තුළින් ජලය පහසුවෙන් කිලෙ මීටර් ගණනාවක් හෝ ඈතට ගලායාමේ හැකියාවක් ඇත. ඒ නිසා පොළොවේ ගිලා බැසීම් සහ කඩා වැටිම පහසුවෙන් සිදුවිය හැකියි. ඒ අනුව මෙම නිරාවරෙයි ළිඳේ පතුලක් නොමැතිවීමට හේතුව වසර සිය දහස් ගණනක් තිස්සේ හුණුගල් තුළින් ජලය ගලායාමේ ක්රියාවලිය නොකඩවා සිදුවීම නිසා වෙනම ජල මාර්ග පද්ධතියක් ලෙසට මුහුදට ගලායාම විය හැකිය.

කීරමලෙයි ඖෂධීය මිරිදිය පොකුණ

අපි පතුලක් නොමැති ළිඳ බලලා ගියේ කන්කසන්තුරේ පොන්මාලෙයි පිහිටි කීරමලෙයි ඖෂධීය මිරිදිය පොකුණ බලන්න. හින්දු භක්තිකයන් ඉතාමත් ගෞරවයෙන් සළකන මෙම කීරමලෙයි පොකුණේ විශේෂත්වය වන්නේ මහ සයුර අසළ තිබුණත් මෙහි ජලය මිරිදිය වීමයි. කාන්තාවන්ට සහ පිරිමින්ට ස්නානය කිරීමට වෙන් වෙන්ව තිබුණත් පොකුණේ බැම්ම අවසන් වන්නේ මහසුරෙණි. හින්දු භක්තිකයන් මෙම පොකුණෙන් මිරිදිය ස්නානය කිරීමෙන් සෞඛ්ය සම්පන්න තරුණ බවක් ලැබෙන බවට විශ්වාස කරයි. කිරමලෙයි හෙවත් මුගටිකන්ද පොකුණ පිළිබඳව එන ජනප්රවාදයක සඳහන් වන්නේ ඉන්දියාවේ සිට පැමිණි කුමාරයකු සහ කුමරියක හෙවත් සහෝදරයකු සහ සහෝදරිය අතර සිදුවූ සම්භෝගය නිසා කුමාරයාට අශ්ව මුහුණකුත් හා කුමාරියට මුගටි මුහුණකුත් ලැබුණු බවත්, මෙම ප්රදේශයේ පිහිටි මාවට්ටිපුරම් හෙවත් අශ්වකන්ද ප්රදේශයේදී කුමාරයාට නැවත මිනිස් ස්වරූපයක් ලැබුණත් කුමරිය මෙම පොකුණෙන් ස්නානය කිරීමෙන් එය ලබාගත් බවත්ය. අදත් මෙම ප්රදේශයේ මෙම රූපදෙක දැකිය හැකිය. යාපනය අර්ධද්වීපයේ සංචාරය කරන්නෙකුට පොන්මාල්ලෙයි දක්වා ගමන් කිරීමේදී ශ්රී ලංකාවේ ප්රථම සිමෙන්ති කම්හලවූ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලද ඈතින් දැකිය හැකිය.

තවත් කොටසක් ඉදිරියේදි.......

✍ අමල් උඩවත්ත

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මඩු පල්ලිය මෙරට කතෝලික බැතිමතුන්ගේ සුවිශේෂී පුද බිමක්. මඩු පල්ලිය කතෝලිකයන්ට මෙන් ම...
11/09/2026

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මඩු පල්ලිය මෙරට කතෝලික බැතිමතුන්ගේ සුවිශේෂී පුද බිමක්. මඩු පල්ලිය කතෝලිකයන්ට මෙන් ම බෞද්ධයනට හා හින්දූනට ද වැදගත් වූ ස්ථානයකි.

ක්‍රි.ව. 1868 දී රාජගුරුධුරයට පත්වූ අති උතුම් ක්‍රිස්ටෝෆර් බොන්ජින් හිමිපාණන් විසින් ක්‍රි.ව. 1870 දී මේ සිද්ධස්ථානයේ පවතින ජුලි 02 දින මහා මංගල්‍යය ස්ථාපිත කළ අතර එදා සිට අද දක්වා වසරක් වසරක් පාසා ලක්ෂ සංඛ්‍යාත දේවජනතාවක් මහවන ගෙවමින් මව් සෙනෙහස පතා එති. මඩු මංගල්‍යය උතුරේ හා දකුණේ, සාමයේ සංකේතයක් යැයි කීවොත් නිවැරැදිය. මඩු පූජා භූමිය තුළදී සිංහල ,දෙමළ,මුස්ලිම්,කතෝලික,බෞද්ධ සියලු දෙනාම සහෝදර සහෝදරියන් ලෙස භක්තියෙන් හා සමඟියෙන් වෙලී කටයුතු කළ අයුරු අතීතයේදීත් වර්තමානයේදීත් දැකිය හැකිය.

රටට යම් විපත්තියක් කරදරයක් සිදුවූ කළ බැතිමත්හු මඩු මාතාවන්ට බාරහාර වෙති. 2001 වසරේදී රටට තිර සාමය උදාවෙන්නැයි පතමින් මඩු මාතා පිළිරුව දකුණට වැඩම කරවීය. අනුරාධපුරය, හලාවත, කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන රදගුරු පදවි කීපයකටම වැඩම කළ මඩුමාතා පිළිරුවට රටපුරා කිතුණු බැතිමතුන්ගේ නොමඳ හරසර ලැබිණි.
නමසිය හැත්තෑවේ දශකයට පෙර මඩු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවේ සතර දෙසින්ම මහ පිරිස් ඇදෙන්නට වුණේ ආගමික භේද පංති භේද කිසිත් නොසලකමිනි. එකළ සෑම වසරකම අගෝස්තු 15 වැනිදා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී පවතියි.
මඩු වන්දනාව ඇරබීමට පෙර ජනතාව ඉටුකරන්නාවූ සිරිත් විරිත් බොහෝමයක් වේ. ඒ අතුරින් පළමු වැන්න ලෙස තම තමන්ගේ දේවස්ථානය වෙත ගොස් බාරහාර වී ඉටිපහන් දල්වා, අසල්වැසියන් සියලු දෙනා සමග අමනාපකම් මග හැර දමා හොදහිත වර්ධනය කර ගනිමින් වන්දනාවට සරිලන ලෙස පේවෙති.
මේ වන්දනාවේ යෙදෙන බොහෝ දෙනෙක් අලුම්කරන්නේ නිවෙස්වලට වඩා කුඩාරමක් ඉදිකිරීමටය. එම කුඩාරම් ඉදිකිරිම තුළ පුරාණ ගිවිසුමේ දේවජනතාවට වූ දේවාදරයේ සැලකු මෙන්ම නික්මයාමේ සිද්ධියද ජුදා මංගල්‍යයන් අතර පවතින කුඩාරම් මංගල්‍යයේ ශේෂයන් නිහඩව එමගින් කියාපායි. වසරකට නිල වශයෙන් මංගල්‍යයන් 12ක් පමණ පැවැත්වෙන මේ සිද්ධස්ථානයේ ප්‍රධාන මංගල්‍යය පැවැත්වෙන්නේ අගෝස්තු 15 වනදාට යෙදෙන මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිත හෙවත් අහස් නැගීමේ මංගල්‍යය මුල් කර ගනිමිනි.

ත්‍රස්තවාදිනි මාතාවන්ගේ ගෞරවය කෙළසමින් මඩු දේවස්ථාන බිමෙහි බෝම්බ අතුරා එහි සිට හමුදාවන්ට වෙඩි තැබූහ. 2008 අප්‍රියෙල් 25 වැනිදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 වන සේනාංකයේ 572 බලසේනාව විසින් මඩු දේවස්ථානය මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත්තේය.

Mr laliya@top fansMuse

යාපනයේ අසිරිය රැගත් නල්ලූර් කන්දසාමි කෝවිල් තිරුවිලාව (Nallur Festival 2026) 😍🍃🌺🍀🌻සෑම වසරකම ජූලි, අගෝස්තු, සැප්තැම්බර්  ...
11/09/2026

යාපනයේ අසිරිය රැගත් නල්ලූර් කන්දසාමි කෝවිල් තිරුවිලාව (Nallur Festival 2026) 😍🍃🌺🍀🌻

සෑම වසරකම ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල ආරම්භ වන නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මහෝත්සවය දින 25 ක් පුරාවට ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මෙය "නල්ලූර් තිරුවිලා" ලෙස හඳුන්වන අතර, සාමාන්‍යයෙන් අනෙකුත් කෝවිල්වල උත්සව දින 10 කට සීමා වුවද නල්ලූර් තිරුවිලාව අතිශය සුවිශේෂී සංස්කෘතික අත්දැකීමකි.

මෙවර (2026) යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල් වාර්ෂික මහෝත්සවය 2026 අගෝස්තු 16 වනදා සිට සැප්තැම්බර් 12 වනදා දක්වා දින 25 ක් පුරාවට පැවැත්වේ.

තිරුවිලා සමයේදී සමස්ත යාපනයම උත්සවශ්‍රීයෙන් බබළන අතර, දිවයිනේ නානා දෙසින් මෙන්ම විදේශගතව වෙසෙන (කැනඩාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, එංගලන්තය වැනි රටවල) විශාල පිරිසක් යාපනයට ඒකරාශී වෙති.

උත්සවයේ දැකගත හැකි විශේෂතා සහ සංස්කෘතික තොරතුරු:

සංස්කෘතික විනය සහ චාරිත්‍ර: කෝවිල් භූමියට ඇතුළු වන පිරිමින් උඩුකය නිරාවරණය කර (වේෂ්ටිය පමණක් අඳිමින්) පැමිණිය යුතු අතර, කාන්තාවන් සම්ප්‍රදායික සාරි හෝ පාවාඩයිවලින් සැරසී පැමිණෙති. මෙය අතිශය භක්තිමත් සහ විනයගරුක පරිසරයකි.

කොඩියේටම් (කෙඩි‌යේටම්): උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කොඩි එසවීමේ චාරිත්‍රය සිදුවේ.

තේර් උත්සවය (රථ උත්සවය): 24 වන දිනයේ පැවැත්වෙන තේර් තිරුවිලාවේදී විශාල රථයක (Chariot) මුරුගන් දෙවියන් තැන්පත් කර දහස් සංඛ්‍යාත භක්තිකයන්ගේ හූංකාර සහ භක්ති ගීත මධ්‍යයේ කෝවිල වටා වඩම්මවනු ලබයි.

තීර්තම් (දිය කැපීමේ උත්සවය): 25 වන දිනයේදී උත්සවය නිමා කරමින් කෝවිල් පුෂ්කරණියේ (තෙප්පකුලම්) දිය කැපීමේ චාරිත්‍රය පැවැත්වේ.

මුරුගන් දෙවිඳු සහ වල්ලි - දේවයානි මෑණිවරු: කතරගම දෙවියන්ගේ දකුණු පසින් වල්ලි මෑණියන්ද, වම් පසින් දේවයානි මෑණියන්ද වැඩසිටිති. දේවයානි මෑණියන් දේව මංගල්‍යය (දේවිකා සම්ප්‍රදාය) නිරූපණය කරන අතර, වල්ලි මෑණියන් ප්‍රේමය සහ ආත්මීය බැඳීම නිරූපණය කරයි.

යාපනයට යන ඔබට රසවිඳිය හැකි දේ:

නල්ලූර් කෝවිල අසල පිහිටි ප්‍රසිද්ධ "රියෝ අයිස්ක්‍රීම්" (Rio Ice Cream) රස විඳීම.

යාපනයේ සාම්ප්‍රදායික මිදි වයින්, පනාකට්ටු සහ යාපනයේ සැර මිරිස් අඩංගු ආහාර රටාව.

කෝවිල් භූමිය වටා ඇති වෙළඳ සැල්වලින් සාම්ප්‍රදායික පිත්තල භාණ්ඩ, මාල සහ රසකැවිලි ලබාගැනීම.

Sigiriya Water Gardens: The Ancient Hydraulic Wonder of Sri LankaRising dramatically from the dry-zone plains of Sri Lan...
10/09/2026

Sigiriya Water Gardens: The Ancient Hydraulic Wonder of Sri Lanka

Rising dramatically from the dry-zone plains of Sri Lanka, Sigiriya Rock Fortress is far more than an ancient stone monument. It is a remarkable combination of royal architecture, landscape design, hydraulic engineering, art, and natural beauty.

Built primarily during the reign of King Kashyapa I in the fifth century CE, Sigiriya transformed a massive granite rock into the heart of an extraordinary royal capital. Today, visitors are often captivated by the towering rock, the famous Lion's Paw entrance, ancient frescoes, and Mirror Wall. Yet beneath the shadow of the rock lies another remarkable achievement—the Sigiriya Water Gardens.

More than 1,500 years ago, Sri Lankan engineers created an elaborate system of pools, fountains, channels, reservoirs, gardens, and underground water infrastructure. These features were designed not simply for decoration, but also for cooling, recreation, water management, and the enhancement of the royal environment.

The Historical Origins of Sigiriya

The history of Sigiriya began long before it became a royal fortress.

Archaeological evidence indicates that humans occupied the surrounding region thousands of years ago. Natural caves and rock shelters around Sigiriya were later used by Buddhist monks, particularly from around the third century BCE onward. Evidence of this early religious occupation can still be seen in drip ledges and ancient inscriptions.

Sigiriya's transformation into a royal center occurred during a turbulent period in the history of the Anuradhapura Kingdom.

King Kashyapa I established his capital at Sigiriya after taking the throne from his father, King Dhatusena. His half-brother, Moggallana, the legitimate heir, fled to South India. Concerned about a possible attack, Kashyapa selected Sigiriya because its enormous rock offered exceptional defensive advantages.

The king then transformed the area into a sophisticated royal city designed to reflect power, wealth, and prestige.

Sigiriya Through the Centuries
Period Major Development
Early prehistoric period Human settlement in the surrounding region
3rd century BCE onward Buddhist monastic occupation
477–495 CE Development of the royal city under King Kashyapa
After 495 CE Return to Buddhist monastic use
19th century European rediscovery and archaeological investigation
20th century onward Major archaeological research and conservation
1982 Inscription as a UNESCO World Heritage Site

The royal phase of Sigiriya was relatively short, but the architectural and engineering legacy created during this period remains extraordinary.

A City Designed Around Water

One of the most impressive characteristics of Sigiriya is the way its architecture was integrated with the surrounding landscape.

The western gardens demonstrate an unusually strong sense of geometric planning. Pools, pathways, islands, walls, moats, and waterways were arranged according to carefully considered patterns.

Water played an important role throughout the complex.

The gardens provided beautiful surroundings for the royal court, while pools and waterways helped create cooler microclimates in Sri Lanka's hot dry-zone environment. At the same time, water was collected, stored, transported, and distributed using systems that relied heavily on gravity and the natural slope of the landscape.

This combination of beauty and engineering is what makes Sigiriya particularly fascinating.

The Three Major Garden Systems

The landscape around Sigiriya can broadly be understood through three interconnected garden zones:

1. Water Gardens

The Water Gardens occupy the western area of the complex. They are characterized by geometric layouts, pools, channels, fountains, islands, and symmetrical designs.

2. Boulder Gardens

Closer to the rock, the landscape becomes more natural. Large granite boulders were incorporated into pathways, buildings, meditation spaces, and architectural structures.

3. Terraced Gardens

The terraces gradually lead visitors toward the base of Sigiriya Rock. Their walls follow the natural contours of the terrain, creating a transition between the formal gardens and the monumental rock.

Together, these three zones demonstrate how ancient architects combined geometry, nature, architecture, and water.

The Engineering Behind the Sigiriya Water Gardens

The hydraulic system is arguably one of Sigiriya's greatest technological achievements.

Rather than depending primarily on mechanical pumps, the ancient system made intelligent use of gravity, elevation, water pressure, reservoirs, and carefully positioned channels.

Water could be collected in higher areas and directed toward lower sections of the gardens. As water moved through channels and pipes, differences in elevation generated pressure that could produce fountain effects under suitable conditions.

This demonstrates an impressive understanding of basic hydraulic principles.

Ancient Water-Conveyance Technology

Archaeological remains associated with the water-management system include:

Terracotta pipes
Stone channels
Underground conduits
Carefully constructed pools
Water-resistant surfaces
Limestone components
Rock-cut drainage channels
Reservoirs and cisterns

The durability of many of these structures is remarkable considering their age.

The Famous Sigiriya Fountains

The fountains of Sigiriya are among the most fascinating features of the ancient gardens.

During periods of sufficient rainfall, water moving through the hydraulic network can create fountain effects without the use of modern machinery.

The principle is relatively simple: water stored at a higher elevation moves downhill through channels, and carefully designed openings regulate the flow.

What makes the achievement remarkable is that the ancient engineers integrated these hydraulic principles into a large landscape rather than using them as isolated technical features.

The fountains therefore became part of both the engineering system and the visual experience of the royal gardens.

The Four Main Water Garden Areas

The western Water Gardens contain several distinct landscape units.

The Quadripartite Garden

One of the most visually striking areas is the large symmetrical garden divided into geometric sections.

Pools, pathways, islands, and terraces create a carefully balanced composition around a central axis. The arrangement demonstrates the importance of symmetry in Sigiriya's architectural philosophy.

The garden may also have provided spaces for relaxation, recreation, and royal activities.

The Fountain Garden

Another section contains long pools, waterways, fountains, and landscaped areas.

The movement of water through these spaces would have added both visual beauty and soothing sounds to the royal environment.

Small islands and elevated structures are also associated with the garden landscape, providing shaded spaces that could have offered relief from the tropical heat.

The Asymmetrical Garden

Further into the complex, the rigid geometry becomes less dominant.

Natural rocks and irregularly arranged pools create a more secluded atmosphere. This transition demonstrates that Sigiriya's designers did not follow a single architectural formula; instead, they adapted the landscape according to function and terrain.

The Miniature Water Garden

A smaller garden area provides another fascinating example of Sigiriya's design philosophy.

Its smaller waterways, pools, pathways, and architectural features create a compact version of the larger landscape concept.

The careful arrangement of shallow water and reflective surfaces would have produced changing visual effects depending on sunlight, moonlight, and movement through the garden.

Water Management on Top of Sigiriya Rock

Providing water to the summit of a nearly 200-meter-high rock was a major engineering challenge.

Rather than assuming that water had to be mechanically pumped from ground level, archaeological evidence points to the importance of rainwater harvesting.

The summit contains rock-cut features and reservoirs designed to collect rainfall.

Natural slopes on the plateau helped direct water into storage areas. Some of the collected water could then be used by people occupying the royal complex.

This demonstrates another important principle of ancient Sri Lankan engineering: work with the landscape rather than against it.

The Boulder Gardens

As visitors approach Sigiriya Rock, the formal Water Gardens gradually give way to the Boulder Gardens.

Here, enormous natural rocks become part of the architecture.

Ancient builders placed structures, halls, pathways, and other features around these formations. Some boulders contain evidence of architectural foundations or rock-cut water features.

The result is a landscape where it can sometimes be difficult to determine where nature ends and architecture begins.

This naturalistic design also reflects the site's later Buddhist history, when parts of Sigiriya continued to be used as a monastic environment.

The Terraced Gardens

The Terraced Gardens form another important part of the journey toward the summit.

Stone retaining walls create a series of terraces that follow the contours of the rock. These spaces provided a gradual transition between the surrounding landscape and the dramatic summit.

The terraces also demonstrate the ability of ancient builders to manage soil, water, plants, and slopes within a challenging environment.

Sigiriya Frescoes and the Mirror Wall

Sigiriya's water engineering was accompanied by remarkable artistic achievements.

Halfway up the rock are the famous Sigiriya frescoes, which depict elegantly painted female figures often interpreted as celestial beings.

Nearby is the celebrated Mirror Wall.

The wall was originally covered with a highly polished plaster surface. Over the centuries, visitors wrote inscriptions and poems on it, creating an extraordinary record of how later generations experienced Sigiriya.

These ancient writings provide valuable information about the site's artistic reputation and cultural significance long after the royal capital had disappeared.

Sigiriya as an Early Example of Sustainable Design

One of the most interesting ways to understand Sigiriya today is through the concept of sustainable landscape design.

The ancient system incorporated several principles that remain relevant in modern water management:

Gravity-Fed Water Distribution

Water was moved using natural elevation differences, reducing the need for external energy.

Multiple Storage Areas

Reservoirs, pools, and cisterns provided several locations for collecting and storing water.

Working With Natural Topography

The engineers used the natural slopes of the land and rock to guide water.

Environmental Cooling

Pools and waterways could contribute to a cooler environment through evaporation, particularly around the royal gardens.

These ideas demonstrate that ancient engineering was not necessarily separate from environmental thinking. At Sigiriya, technology and landscape were closely connected.

The Wider Sri Lankan Water Heritage

Sigiriya should also be viewed within the broader history of Sri Lanka's ancient hydraulic civilization.

Across the country's dry zone, Sri Lankan engineers developed sophisticated networks of reservoirs, canals, tanks, and agricultural landscapes.

The traditional tank cascade systems, known as Ellanga, connected multiple reservoirs across landscapes, helping manage seasonal rainfall, irrigation, soil erosion, and agricultural production.

Sigiriya's hydraulic features form part of this much wider Sri Lankan tradition of adapting water management to the country's climate.

Rediscovery of Sigiriya

After King Kashyapa's defeat and death in the late fifth century, Sigiriya gradually lost its role as a royal capital.

The site returned largely to monastic use and eventually became covered by vegetation.

Although local knowledge of the rock remained, Sigiriya attracted renewed attention from European explorers during the nineteenth century.

Archaeological investigations later revealed the extraordinary complexity of the fortress, gardens, paintings, inscriptions, and hydraulic systems.

During the twentieth century, researchers and conservation teams carried out extensive work to document and preserve the site.

Sigiriya was eventually recognized internationally for its outstanding cultural importance and was inscribed as a UNESCO World Heritage Site in 1982.

Why Sigiriya Still Amazes Visitors

Today, Sigiriya is one of Sri Lanka's most famous tourist destinations, but its importance goes far beyond the dramatic climb to the summit.

Visitors can explore:

The ancient Water Gardens
Royal pools and fountains
Boulder Gardens
Terraced pathways
Lion's Paw entrance
Sigiriya frescoes
Mirror Wall
Ancient palace ruins
Rock-cut cisterns
Panoramic views from the summit

The site offers something different to history lovers, photographers, architecture enthusiasts, archaeologists, nature lovers, and travelers interested in ancient technology.

Final Thoughts

Sigiriya is a masterpiece of ancient Sri Lankan civilization where water, stone, architecture, art, and nature were brought together into one extraordinary landscape.

Although the royal capital existed for only a relatively short period, its surviving remains reveal an ambitious vision. The Water Gardens demonstrate careful planning, while the reservoirs, channels, fountains, and cisterns reveal sophisticated approaches to water management.

Standing among the ancient gardens today, it is easy to appreciate why Sigiriya continues to fascinate people from around the world.

More than 1,500 years after its creation, Sigiriya remains a powerful reminder that ancient Sri Lanka possessed remarkable knowledge of engineering, architecture, environmental adaptation, and landscape design.

It is not simply a rock fortress.

Sigiriya is a living lesson in how human creativity can transform stone, water, and landscape into something extraordinary.

Sigiriya Sri Lanka, Sigiriya Rock Fortress, Sigiriya Water Gardens, ancient Sri Lankan engineering, Sigiriya hydraulic system, Sigiriya fountains, King Kashyapa, Sigiriya history, Sri Lanka ancient architecture, Sigiriya travel guide, UNESCO Sri Lanka, Sri Lanka tourism, ancient water management, Sigiriya gardens, historical places in Sri Lanka.

゚viralシfypシ゚

10/09/2026

📍Madolaima
මඩොල්සිම තමයි හැබයි මේ රත්කැලේ පතන නෙමෙයි 🌱🍃

මේ රාගල viwe point 💚🍃

நல்லூர் கந்தன் சப்பரத்தில் அருள்பாலிக்கும் அழகிய காட்சி.2026🙏නල්ලූර් කන්දන් ස්වාමීන් වහන්සේ දේවාල රථයේ වැඩම කරමින් සිය ආ...
09/09/2026

நல்லூர் கந்தன் சப்பரத்தில் அருள்பாலிக்கும் அழகிய காட்சி.2026🙏

නල්ලූර් කන්දන් ස්වාමීන් වහන්සේ දේවාල රථයේ වැඩම කරමින් සිය ආශිර්වාදය පිරිනමන සුන්දර දසුනකි. 2026🙏

Nallur Kandaswamy Temple Sapparam.2026🙏

08/09/2026

📍Dabulla අහස යට ඉර බහින ලස්සන🌄✨💫

Address

Badulla
90500

Telephone

+94701053024

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.L a l i y a posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category