Travel with achi

Call Directions

Travel with achi පරිසරයට ආදරය කරමින් සුන්දරත්වය විදින්න..
🌿🤍පන මෙන් ස්භාදම් මාතාව සුරකිමු.🍃💚

(123)

🌿 ඓතිහාසික දිඹුලාගල: හෙළ ඉතිහාසයේ සැඟවුණු වන අරණක මහා ආශ්චර්යය 🌿පොළොන්නරු පුරාවරයේ සිට මනම්පිටිය හරහා යන විට හමුවන, ඝන ව...
09/09/2026

🌿 ඓතිහාසික දිඹුලාගල: හෙළ ඉතිහාසයේ සැඟවුණු වන අරණක මහා ආශ්චර්යය 🌿

පොළොන්නරු පුරාවරයේ සිට මනම්පිටිය හරහා යන විට හමුවන, ඝන වනාන්තරයකින් වටවුණු දිඹුලාගල කන්ද ඔබ දැක ඇති. නමුත් මේ මනරම් කඳු පන්තිය පිටුපස ඇති සැබෑ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකම ඔබ දන්නවාද? 🤔 👇📍 භූගෝලීය පිහිටීමපොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර 16ක් පමණ දුරින් මුහුදු මට්ටමේ සිට මීටර් 545ක් උසින් මෙම ඓතිහාසික පුදබිම පිහිටා තිබෙනවා. කිලෝමීටර 5ක් පමණ දිගින් යුත් මහා ග්‍රැනයිට් කඳු වළල්ලක් සහ වන අරණක් මීට අයත් වෙනවා.📜 නාමයන් සහ ඉතිහාසයඅතීත පාලි ග්‍රන්ථවල "උදුම්බර ගිරි" (දිඹුල් කන්ද) සහ "ධූමරක්ඛ පබ්බතය" ලෙස හැඳින්වුණේ මේ පින්බිමයි. ක්‍රි.පූ. 4 වන සියවසේ පණ්ඩුකාභය කුමාරයාගේ සිට, සතුරු ආක්‍රමණ හමුවේ සැඟවුණු වළගම්බා රජු මෙන්ම, පළමුවන විජයබාහු සහ මහා පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය මේ බිමට ලැබුණා.🗿 ලංකාවේ විශාලතම සෙල්ලිපිය සහ පුරාවිද්‍යාවකඳු වළල්ල පුරා භික්ෂූන් වහන්සේලා භාවනා කළ කටාරම් කෙටූ ලෙන් 113ක් පමණ මෙහි තිබෙනවා.ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම සෙල්ලිපිය (ක්‍රි.පූ. 2 වන සියවසට අයත්) 2024 වසරේදී සොයාගත්තේ මෙම දිඹුලාගල අරණෙනුයි!8 වන සියවසට අයත් දේව රූප සහිත සුප්‍රසිද්ධ "පුල්ලිගොඩ බිතුසිතුවම්" පිහිටා ඇත්තේද මෙහියි.🦁 නූතන පුනරුදයේ නියමුවා: දිඹුලාගල නායක හාමුදුරුවෝසියවස් ගණනාවක් තිස්සේ ජනශූන්‍යව තිබූ දිඹුලාගල 1950 දශකයේදී නැවත සොයාගෙන සංවර්ධනය කළේ අපවත් වී වදාළ පූජ්‍ය කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් විසිනි. එහි සිටි ආදිවාසී (වැදි) ජනතාවට ඉඩම් සහ නිවාස ලබා දී, මහවැලි ජනාවාස ඇති කරමින් දේශසීමා ගම්මාන සුරැකි උන්වහන්සේ, 1995 මැයි 26 වනදා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අපවත් වුණා.🧗‍♂️ දිඹුලාගල ගියොත් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන:ආකාශ චෛත්‍යය: කඳු මුදුනටම ගිය විට මුළු පොළොන්නරුව සහ මඩකලපුවම එකට පෙනෙන මනරම් දර්ශනයක්.නාමල් පොකුණ සහ නටබුන්: කන්ද මැද පිහිටි ස්වාභාවික පොකුණ සහ 12 වන සියවසේ පැරණි ආරාම සංකීර්ණය.පුල්ලිගොඩ ලෙන: ඓතිහාසික බිතුසිතුවම්.කොස්ගහ උල්පත සහ මාරවීදිය: වනගතව ඇති පැරණි ලෙන් සහ සෙල්ලිපි.ඓතිහාසික වටිනාකම වගේම ස්වාභාවික සෞන්දර්යය අත්විඳින්න ජීවිතේ එක සැරයක් හරි යා යුතුම තැනක් තමයි දිඹුලාගල කියන්නේ! ❤️ fans

06/09/2026

අනේ ආයෙත් එන්නේ කවදාදෝ....🥹🥀

04/09/2026

රුවන්වැලි සෑය 🤍🥹🌷

#

🍃🍃🍃මහියංගණ රාජමහා විහාරය.🌷🥀🌷🥀බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ පින් බිමකි ...
01/09/2026

🍃🍃🍃මහියංගණ රාජමහා විහාරය.🌷🥀🌷🥀

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ පින් බිමකි මහියංගණ රාජමහා විහාරය. සොළොස්මස්ථාන අතර මුල් තැනට පමිණෙන මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ මහවැලි ගඟබඩ පුරාණ බින්තැන්න ජනපදයට අයත් සීමාවේ යි. තැනිතලා බිම් පෙදෙස බිම්තැන්න හෙවත් බින්තැන්න ලෙස හඳුන්වා තිබෙනවා. මහී යනු පොළෝතලය යි. අංගන යනු තැනිතලාව යි.

බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමෙන් පසු මතු කාලයේ සම්බුදු සසුන බබළන ලක්දිවින් යක්ෂ ගෝත්‍රිකයන් බැහැර කිරීමට කටයුතු කරනවා. එදා මනෝරම්‍ය ගංතෙර යොදුන් තුනක් දිගු වූ, යොදුනක් පුළුල් වූ මහා නාග වන උයනෙහි රාත්‍රී කාලයේ යක්ෂයන් එක් රැස් වී සිටියා. තථාගතයන් වහන්සේ එම භූමියට වැඩම කළා. මහියංගන සෑ රදුන් පිහිටි ස්ථානයේ අහසෙහි වැඩ හිඳීමින් යක්ෂයන් බිය වන අන්දමට වර්ෂා, වාත අන්ධකාර මවා පා යක්ෂයන් බිය වද්දා ගිරි දිවයිනට පළවා හැරියා. මේ බව මහාවංසයේ සඳහන් වෙනවා. යක්ෂ දමනයෙන් පසු බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි දේවතාවුන් අතර සිටි සෝවාන් වූ සුමන සමන් දෙවිඳුන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද නීලවර්ණ කෙස් අත්ලක් සුමන සමන් දෙවිදුන්ට පිරිනැමුවා. සුමන සමන් දිව්‍ය රාජයා ස්වර්ණමය කරඬුවක කේශධාතුන් වහන්සේ වඩා හිදුවා ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් සත් රියන් උසැති මහියංගන දාගැබ තැනවූවා.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවෙහි සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය වූ සරභූ මහ රහතන් වහන්සේ දැල්වෙන දර සෑයෙන් බුදුරදුන්ගේ ග්‍රීවා ධාතූන් වහන්සේ රැගෙන ලක්දිවට වැඩම කළා. එම ධාතුන් වහන්සේ මහියංගණ දාගැබෙහි නිධන් කොට මේදෝවර්ණ පාෂාණයෙන් දොළොස් රියන් උසට දාගැබ විශාල කොට බැඳවූවා. එම සෑ රදුන් වට කොට තිස් රියන් උස් චෛත්‍යයක් කරවන ලද්දේ දේවානම් පියතිස්ස රජතුමාගේ සහෝදර උද්ධචූලාභ කුමරු බවයි පැවසෙන්නේ.

බුදුන් වහන්සේ දඹදිවින් පිටතට වැඩි ප්‍රථම අවස්ථාව මහියංගණයට වැඩමවීම යි. එසේ ම දෙවියකු විසින් මනු ලොව ඉදි කළ ප්‍රථම චෛත්‍යය මහියංගණ සෑරදුන් වහන්සේ යි. රහතන් වහන්සේ නමක් බැඳ වූ එකම සෑරදුන් වහන්සේ ද මහියංගණ සෑයයි. ඓතිහාසික මූලාශ්‍රවල කංචුක සෑයක් පිළිබඳ විස්තර වන ප්‍රථම සෑය ද මෙම සෑරදුන් වහන්සේ යි. විවිධ අමුද්‍රව්‍ය යොදා ගෙන තැන වූ සහ පිළිසකර කළ එකම සෑය ද මෙම සෑරදුන් වහන්සේ යි. මෙවන් අනූන වැදගත්කම්වලින් හෙබි මහියංගණ සෑ රදුන් වහන්සේ මිහිපිට මහානීය පුදබිමක් ලෙස බෞද්ධ ජනතාව අතර වන්දනීයත්වයට පත්වනවා.

🥰🙏 ක්‍රමයෙන් නිර්මාණය වුන මිරිවැඩි සගල@top fans
01/09/2026

🥰🙏 ක්‍රමයෙන් නිර්මාණය වුන මිරිවැඩි සගල@top fans

31/08/2026

රුවන්වැලිසෑය ට ,පූජා කිරිම උදෙසා මා විසින් නිර්මාණය කල,

මිරිවැඩි සගල පූජාව ❤️☸️

ද්‍රොණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ගර්භය තුළ වඩ සිටිනා උතුම් ස්වර්ණමාලි සෑ රජුනි,
දෙව් බඹ සේනා වන්දනාවට පාත්‍ර වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

දැක බලා සතුටු සිතින් පින් කැමැත්තො පින් අනුමොදන් කරගනිත්වා! පින් කැමති ඔබ සියලු දෙනාට කුසල් අනූමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා !!!

කිසිවෙකුට වසංගත රෝග උපද්‍රවයක්, පීඩාවක් නොම වී, යහපත, සෙත, ශාන්තිය සැලසේවා !!!🌼🌼🌼🌼

සැමට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධවීමේන් සියලු දුක් නිමා කර ලබන අමා මහ නිවනින් නිවී සැනසීම මේ පින් හේතු වාසනා වේවා!!! 🌼🌼🌼🌼

බ්‍රහ්ම, දිව්‍ය, විශාල රූප දෙවිඳු,මනුෂ්‍ය ,අමනුෂ්‍ය ආදී සතර වර්ගයාට මේ පින් අනූමෝදන් වේවා!!!🌼🌼🌼🌼

මේ පුජාවෙන් රැස් කරගත් සියලුම පින් ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!🙏🙏🙏🌼🌼🌼🌼

🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏 🙏

මගේම අත් වලින් සාදා නිම කර,
මිරිවැඩි සගල පූජා කිරීමට මං ගොඩක් කාලයක් ඉදන් ආසා කලා, අද ඒ ආසාව සම්පූර්ණ කරගන්න ලැබුනා....🙏🤍
මාගේ පවුලේ සියලු දෙනාටත්,මෙය නරඹන ඔබටත්,
මේ පිං අයිති වේවායී travel with achi මාගෙ එකම පැතුමයි…!!!




🌿💦 මේ සුන්දර දිය ඇල්ල අතර සතුන් 6 දෙනෙක් සැඟවිලා ඉන්නවා… 👀🧩ඔයාට සතුන් 6 දෙනාම හොයාගන්න පුළුවන්ද? 🔍                      ...
17/08/2026

🌿💦 මේ සුන්දර දිය ඇල්ල අතර සතුන් 6 දෙනෙක් සැඟවිලා ඉන්නවා… 👀🧩
ඔයාට සතුන් 6 දෙනාම හොයාගන්න පුළුවන්ද? 🔍

මතක් වෙන විට නුබට මං හරි ලෝබයි ...මක් කරන්න ද ..?ආදරේ හැටි එහෙමයි..!🥺🥀My Soul - මගේ ආත්මය   fans
03/08/2026

මතක් වෙන විට
නුබට මං හරි ලෝබයි ...
මක් කරන්න ද ..?
ආදරේ හැටි
එහෙමයි..!

🥺🥀
My Soul - මගේ ආත්මය

fans

මිහින්තලය 🥹🙏❣️ fans
12/07/2026

මිහින්තලය 🥹🙏❣️
fans

11/07/2026

පස්සර මැදවෙලගම මැදවෙලගම එකමුතුව
දෙවන වරටත් සංවිධානය කරන පොසොන් කලාපය
ජූලි 10,11,12,13 යන දිනයන්හීදී...පස්සර මැදවෙලගම පොදු ක්‍රීඩාංගනයේ..

මසුරු කෝසිය ජාතක කතා වස්තුව රැගත් මහා තොරන් රාජයා සහ විනෝද ක්‍රීඩා රැසක් සමගින්...❤️🎡🎢🥰 ゚viralシfypシ゚viralシalシ



Address

Badulla

Telephone

+94771225239

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with achi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category