Travel with achi

Travel with achi පරිසරයට ආදරය කරමින් සුන්දරත්වය විදින්න..
🌿🤍පන මෙන් ස්භාදම් මාතාව සුරකිමු.🍃💚

(127)

කොන්ඩේ කැපුවේ ඇයි අපරාදෙනේ කියන්න එපා... මගේ හිසකෙස් පිකිකා හා හිසකෙස් නැති කෙනෙක් වෙනුවෙන් දන් දීලා තියෙන්නේ.. මොහොතකට ...
25/05/2026

කොන්ඩේ කැපුවේ ඇයි අපරාදෙනේ කියන්න එපා... මගේ හිසකෙස් පිකිකා හා හිසකෙස් නැති කෙනෙක් වෙනුවෙන් දන් දීලා තියෙන්නේ.. මොහොතකට හරි කෙනෙක් ගේ මූනට හිනාවක් ගේනවනම් තමන්ට තියන දෙයක් දෙන්න දෙපාරක් හිතන් නෑ..💜🙏😘
fans with achi

හරිත නිම්නයක කොළ පාට පිරුණු තේ වතු යාය හැඩ කරන ආදරණීය දම් පාට මල් පොකුරු පිපී හිනහෙන වසත් කල වැටෙන වැහි බිංදු පවා කියාවී...
24/05/2026

හරිත නිම්නයක කොළ පාට පිරුණු තේ වතු යාය හැඩ කරන ආදරණීය දම් පාට මල් පොකුරු පිපී හිනහෙන වසත් කල වැටෙන වැහි බිංදු පවා කියාවී සොබාදම් මතාවගේ ආදරණීය බව .



විදින්න රකින්න ආදරයෙන් සුරකින්න.

ඔයත් Travel with achi ජේජ් එක follow කරලා ලයික් කරලා එකතුවෙන්න අමතක කරන්න එපා.ඉතින් තවත් සුන්දර තැනක මතක සටහන් තුලින් හමුවෙමු.

😍💜🌎😇🍁💙🍀 Follow my Travel with achi page too guys


#நமுனுகுலை #නමුණුකුල # #2026 fans

බුද්දම රජමහා විහාරය..💜🙏බුද්දම රාජ මාහා විහාරය( සියඹලාණ්ඩුව )කොළඹ සිට දුර 311 kmඌව වෙල්ලස්සේ සැගවුන පුදබිම් අතර බුද්දම රා...
22/05/2026

බුද්දම රජමහා විහාරය..💜🙏

බුද්දම රාජ මාහා විහාරය
( සියඹලාණ්ඩුව )
කොළඹ සිට දුර 311 km

ඌව වෙල්ලස්සේ සැගවුන පුදබිම් අතර බුද්දම රාජ මහා විහාරයට හිමිවන්නෙ සුවිශේෂී ස්ථානයකි. මෙහි ඇති සෙල්ලිපි වල බ්‍රාහ්මීය අක්ෂර අනුව ක්‍රි.පූ දෙවැනි හෝ තුන්වැනි සියවස් වලට අයත් යැයි මත පලකරයි. ජනප්‍රවාද වලට අනුව මෙය වළගම්බා රජ සමයේ ඉදිවන්නට ඇතැයි පැවසේ. එහෙත් නිශ්චිත ලිඛිත සාක්ෂි සොයා ගත නොහැක.

පසු කලෙක මහනුවර යුගයේදී ප්‍රතිසංස්කරණය වන්නට ඇතැයි සැලකෙන අතර බිතුසිතුවම්, පිළිම කලාව ඊට සාක්ෂි සපයයි. එසේම තවමත් ශ්‍රී ලංකාවේ නොනැසී පවතින "වැලිපිලි" අතරින් එකක් සහ "ආචරියා" යන වචනය සහිත සෙල්ලිපිය ඉතා වැදගත්ය. ඊට අමතරව සෙල්ලිපි හා ගල් ලෙන් විශාල සංඛ්‍යාවක් දැකගත හැක. එසේම 1818 වෙල්ලස්සෙ කැරැල්ලට නායකත්වය දුන් භික්ෂූන් වහන්සේලා අතර සිටි නාපේ දේවරක්ඛිත හිමි මෙම විහාරස්ථානයේ කලක් වැඩ වාසය කොට සිටි බවටද මතයක් ඇත.

සියඹලාණ්ඩුව අම්පාර මාර්ගයේ අම්පාර දෙසට ගමන් කර 9 වැනි සැතපුම් කණුව වන ගොවිදුපුර මංසංධියෙන් හැරී 5 km බුද්දම දෙසට ගිය විට මෙම පුදබිමට පිවිසිය හැකිය. ඉතාම සුන්දර මනස්කාන්ත පරිසරයක කදුමුදුනකට මායිම් වෙමින් විරාජමාන වන මෙම බුද්දම පින්බිම ඔබ දැකබලා ගත යුතුම සිද්ධස්ථානයකි.

fans

අවසානය වෙනකම් බලලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා... 😘🥹 ඒ දිනේ මට කවදාවත් අමතක වෙන් නෑ... 😍😘 අසාවෙන් හිටමු මොහොතක්....
17/05/2026

අවසානය වෙනකම් බලලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා... 😘🥹 ඒ දිනේ මට කවදාවත් අමතක වෙන් නෑ... 😍😘 අසාවෙන් හිටමු මොහොතක්...
fans

13/05/2026

ජීවිතේ සමහර දේවල් තියෙනවා,
ඒ දේවල් එක පාරක් අපෙන් ගිලිහුණොත්,
ආයෙත් කවදාවත් ලැබෙන්නේ නැහැ. 🚫

කටින් පිට කරපු වචන. 🗣️

අපතේ යවපු කාලය. ⏳

බිඳුණු විශ්වාසය. 💔

සහ අපිට ලැබුණු අවස්ථාවන්. 🚪

ඒ අතරින් ප්‍රධානයි,
ඒ දේවල් අපි වෙනුවෙන්,
හැමදාම බලන් ඉන්නේ නැහැ. 🏃‍♂️

​අන්න ඒ නිසයි,
ජීවිතේ අපිට හමුවෙන පුංචි දේවල් ගැන වුණත්, අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ✨

ඔබ අනිත් අයත් එක්ක කතා කරන විදිහ. 💬

ඔබේ වටිනා කාලය ගත කරන විදිහ. ⌚

සහ තවත් කෙනෙකුගේ හිතකට ඔබ,
සලකන විදිහ ගැන නිතරම හිතන්න. ❤️

​මොකද සමහර සිදුවීම් අපේ ජීවිතේ,
සිද්ධ වෙනකොට ඒවා අපිට හරිම,
පුංචි දේවල් වගේ දැනෙන්න පුළුවන්. 🍃

හැබැයි ඒ දේවල් ඇත්තටම,
කොච්චර වටිනවද කියලා අපිට තේරෙන්නේ, කාලයත් එක්ක ඒ දේවල්,
අපිට අහිමි වුණාට පස්සෙයි. 💡

12/05/2026

අර්දුණු ඇල්ලයි මමයි.
fans

දුන්හිඳ: නම හැදුණු හැටි සහ එහි සැඟවුණු අතීතය        ​ශ්‍රී ලංකාවේ සුන්දරම දියඇලි අතරින් දුන්හිඳ ඇල්ලට හිමිවන්නේ සුවිශේෂී...
08/05/2026

දුන්හිඳ: නම හැදුණු හැටි සහ එහි සැඟවුණු අතීතය

​ශ්‍රී ලංකාවේ සුන්දරම දියඇලි අතරින් දුන්හිඳ ඇල්ලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බදුල්ල නගරයට නුදුරින් පිහිටි මෙම මනරම් දියඇල්ල දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ද නොමඳ ආකර්ෂණය දිනාගත් තැනකි.

නමුත් මෙම දියඇල්ලට "දුන්හිඳ" යන නම ලැබුණේ ඇයිදැයි ඔබ මොහොතකට හෝ සිතුවාද?

​"දුන්හිඳ" යන නාමය නිර්මාණය වී ඇත්තේ "දුම්" සහ "හිඳ" යන වචන දෙකේ එකතුවෙනි.

👉දුම්: අඩි 190ක් පමණ ඉහළ සිට පහළට ඇද හැලෙන ජල කඳ පාෂාණ තලයේ වැදීමේදී ඉහළට විහිදෙන සියුම් ජල බිංදු මීදුමක් හෝ දුමක් මෙන් දිස්වේ.

👉​හිඳ: පැරණි සිංහල භාෂාවෙන් "පහළට වැටීම" හෝ "ගලා හැලීම" යන අර්ථය මෙයට සමීප වේ.

​මේ අනුව, ඈත සිට බලන විට දියඇල්ල කඩා හැලෙන ස්ථානය දුමාරයකින් වැසී ඇති සේ පෙනෙන නිසා මෙය "දුන්හිඳ" ලෙස ජන වහරට එක්වී ඇත.

​දුන්හිඳ ඇල්ල හා බැඳුණු අපූරු ජනප්‍රවාද කිහිපයක්ම පවතී.

දුන්හිඳ සහ යෝධ පුස් වැලේ ජනප්‍රවාදය
​අතීතයේ දුන්හිඳ ඇල්ල කඩාහැලෙන ස්ථානය හරහා ඉතා විශාල, ශක්තිමත් පුස් වැලක් තිබුණු බව පැවසෙනවා. මේ වැල කොතරම් විශාලද යත්, එය නිසා ඇල්ලෙන් ගලා එන ජලය අවහිර වී බදුල්ල නගරයම ජලයෙන් යටවීමේ තර්ජනයකට ලක්ව තිබුණා.

​මේ අනතුරෙන් බදුල්ල බේරාගැනීම සඳහා එවකට ප්‍රදේශය පාලනය කළ නායකයන් දක්ෂ දුනු ශිල්පියෙකුට මේ කාර්යය පවරනවා. ඔහු දින හතක් තිස්සේ මහන්සි වී මේ යෝධ පුස් වැල කපා දැමූ බවයි කියැවෙන්නේ.

​වැල කපා ඉවත් කළ පසු ජලය ඉතා වේගයෙන් පහළට කඩාහැලෙන්නට පටන් ගත්තා. එම වේගය නිසා ජලය විසිරී දුමාරයක් මෙන් පෙනෙන්නට වූ බැවින්, එය "දුන්හිඳ" වූ බව බොහෝ දෙනා විශ්වාස කරනවා.


බ් මේ වැල කැපූ අවස්ථාවේ එය කැබලිවලට කැඩී ගිය බවත්, එක් කැබැල්ලක් විසි වී ගොස් වැටුණු ස්ථානය අදටත් "පස්සර" (පස්සට ගිය රළ හෝ වැල) යනුවෙන් හැඳින්වෙන බවටත් ඇතැම් ගැමියන් අතර මතයක් පවතිනවා.

​ සංචාරකයෙකු ලෙස ඔබ දැනගත යුතු දේ
​බදුල්ල - මහියංගනය මාර්ගයේ කිලෝමීටර 5ක් පමණ ගිය තැන දුන්හිඳ ඇල්ලට පිවිසෙන මාර්ගය හමුවේ.

ප්‍රධාන දොරටුවේ සිට කිලෝමීටර 1.5ක පමණ පියමන් මාවතක් දිගේ ගමන් කිරීමෙන් මෙම අභිමානවත් දියඇල්ල දැකබලා ගත හැකිය. මඟ දෙපස ඇති ස්වාභාවික සෞන්දර්යය සහ කුඩා වෙළඳසැල් ඔබේ ගමනට අමුතුම අත්දැකීමක් එක් කරනු ඇත.

​ඔබත් බදුල්ලට පැමිණි විටෙක, මීදුමක් මෙන් විසිරෙන දිය දහරින් නැහැවෙන මේ සොඳුරු දුන්හිඳ අසිරිය විඳගන්න අමතක කරන්න එපා!
(උපුටා ගැනීමක්)

fans

සුද්දන් මට්ටු කළ මඩුවන්වෙල කළුකුමාරයාගේ වළව්වඅතීතයේ රජකාලේ තේජසත්, සිංහල ප්‍රභූ පරම්පරාවක අභිමානයත් එකට යා වුණු අපූරු නව...
07/05/2026

සුද්දන් මට්ටු කළ මඩුවන්වෙල කළුකුමාරයාගේ වළව්ව

අතීතයේ රජකාලේ තේජසත්, සිංහල ප්‍රභූ පරම්පරාවක අභිමානයත් එකට යා වුණු අපූරු නවාතැනක් ගැන අද හෙළ රහස් අපි ගෙන එනවා. ඒ තමයි සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කියන සුන්දර ගම්මානයේ පිහිටලා තියෙන, ලංකාවේ වැඩිම කාමර සංඛ්‍යාවක් තිබුණු බව කියවෙන මඩුවන්වෙල වලව්ව. මේ වලව්වේ පස් පෑගීම පවා එකල සාමාන්‍ය මිනිසෙකුට හීනයක් වගේ දෙයක්.

මඩුවන්වෙල වලව්ව ගැන කතා කරද්දී මුලින්ම හිතට එන්නේ මඩුවන්වෙල කියන නම හැදුණු හැටි. ජනප්‍රවාදයේ එන විදිහට මේ ප්‍රදේශයේ ඒ කාලේ කුළු හරකුන් හෙවත් මඩුවන් බහුලව ගැවසුණු වෙලක් තිබිලා තියෙනවා. ඒ නිසයි මේ ගමට මඩුවන්වෙල කියන නම ලැබිලා තියෙන්නේ.

මේ මඩුවන්වෙල පරම්පරාවේ ඉතිහාසය ආරම්භ වෙන්නේ දෙවන විමලධර්මසූරිය රජුගේ කාලයේ සිටයි. එදා රජුට විශ්වාසවන්තව සේවය කළ මඩුවන්වෙල මහා මොහොට්ටාලට තෑගි ලෙස ලැබුණු අක්කර අසූ දහසක පමණ නින්දගම් මැද තමයි මේ මහා මන්දිරය ඉදිවෙන්නේ.

මේ වලව්වට ඇතුළු වෙද්දීම අපිට හමුවෙන පළමු විශේෂත්වය තමයි එහි ඇති අලංකාර ගල් උළුවස්ස. මකර තොරණක හැඩය ගත් මේ ගල් ආරුක්කුව එදා සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්වත්වය කියාපානවා. හැබැයි මේ උළුවස්ස මිටිව සාදා තිබීම පිටුපසත් හරි අපූරු කතාවක් තියෙනවා.

වලව්වට ඇතුළු වෙන ඕනෑම කෙනෙකුට, ඔහු මොන තරම් ඉහළ තනතුරක් දැරුවත්, හිස නමා ආචාරශීලීව ඇතුළු වෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම එදා සිටි සුදු ජාතික නිලධාරීන්ට පවා මඩුවන්වෙල වලව්වේ අධිපතියා ඉදිරියේ හිස නැමීමට සිදු වූයේ මේ වාස්තු විද්‍යාත්මක උපක්‍රමය නිසයි.

වලව්වේ ස්වර්ණමය යුගය සටහන් වෙන්නේ වික්‍රම කොණ්ඩසිංහ සිරිවර්ධන මඩුවන්වෙල මහා දිසාවගේ කාලයේදීයි. ඔහු මඩුවන්වෙල කළු කුමාරයා ලෙසත් ප්‍රසිද්ධ වුණා. ඉතාම උස මහත, තේජවන්ත පෙනුමක් තිබුණු ඔහු ඉංග්‍රීසි භාෂාවත් ඉතා චතුර ලෙස හැසිරවූ අයෙක්.

සුදු පාලකයන්ට කිසිසේත්ම යටත් නොවූ ඔහු තමන්ගේ පාලන ප්‍රදේශය තුළ තනි රජෙකු ලෙසයි කටයුතු කළේ. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් පවා මඩුවන්වෙල දිසාවට යම් බියක් සහ ගෞරවයක් දැක්වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

මේ වලව්ව මුලින්ම ඉදිකරද්දී එය කුඩා නිවසක් ලෙස පැවතියත්, පරම්පරා කිහිපයක් යද්දී එය මහා මන්දිරයක් බවට පත්වුණා. එහි උච්චතම අවස්ථාව වන විට මෙහි කාමර 121 ක් සහ මැද මිදුල් 21 ක් තිබී තිබෙනවා. හිතන්න, එකම නිවසක් ඇතුළේ කාමර 121 ක් කියන්නේ කොයි තරම් විශාල සංකීර්ණයක්ද කියලා.

වලව්ව වටා ආරක්ෂක පවුරු තුනක් ඉදිකර තිබුණේ සතුරන්ගෙන් ආරක්ෂා වීමටයි. අද වන විට කාලයත් සමඟ බොහෝ කොටස් විනාශ වී ගියත්, තවමත් කාමර 42 ක් සහ මැද මිදුල් 7 ක් අපිට දැකගන්න පුළුවන්.

වලව්වේ ඇතුළත බිම අලංකාර කර ඇති ආකාරය හරිම සුවිශේෂීයි. විවිධ වර්ණවලින් සහ රටාවලින් යුත් පිඟන් ගඩොල් මෙන්ම පිඟන් කටු යොදාගෙන ඉතා සියුම් ලෙස බිම නිර්මාණය කර තිබෙනවා. මෙහි ඇති තවත් රසවත් කතාවක් තමයි, බිමට අල්ලා ඇති පිඟන් කටු අතර වික්ටෝරියා රැජිනගේ රුව සහිත පිඟන් කටුත් තිබීම.

දිසාව රැජිනගේ රුව බිමට ඇල්ලුවේ වලව්වට එන යන හැමෝටම එය පෑගෙන්න සලස්වන්නයි. එයින් ඔහු අදහස් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තමන්ගේ පතුල යට සිටින බව පෙන්වීමටයි. දිසාවගේ තිබුණු ඒ නිර්භීතකම අදටත් එම බිම දෙස බලද්දී අපිට දැනෙනවා.

වලව්ව ඇතුළත ඇති අධිකරණ ශාලාව තවත් වැදගත් ස්ථානයක්. මඩුවන්වෙල දිසාවට තමන්ගේ ප්‍රදේශයේ වැරදි කරන අයට දඬුවම් දීමේ සහ නඩු ඇසීමේ බලය තිබුණා. ඒ කාලේ මේ වලව්ව ඒ පළාතේම පරිපාලන මධ්‍යස්ථානය වුණා.

මන්දිරයේ ඇති දැව කැටයම්, උළුවහු සහ ජනෙල් සියල්ලම ඉතාමත් උසස් මට්ටමේ සිංහල කලා ශිල්පවලින් පිරිලා තියෙනවා. වලව්ව පුරා සැරිසරද්දී අපිට දැනෙන්නේ මීට වසර සිය ගණනකට පෙර අතීතයකට ගියා වගේ හැඟීමක්.

මඩුවන්වෙල වලව්වේ මුළුතැන්ගෙය සහ ගබඩා කාමර ඉතා විශාලයි. දහස් ගණනකට ආහාර පිසීමට හැකි ආකාරයටයි මේවා නිර්මාණය කර තිබුණේ. වලව්වේ වැඩ කරන පිරිස සඳහා වෙනම නවාතැන් සහ පහසුකම් තිබුණා. වලව්වට අයත් කුඹුරු ඉඩම්වලින් ලැබෙන අස්වැන්න ගබඩා කරන්න විශාල වී අටු කිහිපයක්ම තිබුණු බව පැවසෙනවා. මේ හැමදෙයකින්ම පෙනෙන්නේ එදා තිබුණු අතිශය පොහොසත් සහ ස්වයංපෝෂිත ජීවන රටාවයි.

මඩුවන්වෙල දිසාවට දරුවන් සිටියේ නැහැ. ඒ නිසා ඔහුගේ මරණයෙන් පසු මේ මහා බුදලය හිමිවුණේ ඔහුගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු වූ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාටයි. ඔහු ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.

පසුව මෙම උරුමය ඔහුගේ දියණිය වූ සීතා මොලමුරේ මහත්මියට හිමිවුණා. 1964 වසරේදී රජය විසින් වලව්ව පවරා ගැනීමෙන් පසු, 1972 දී එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත්වුණා.

අද වන විට මඩුවන්වෙල වලව්ව පුරාවිද්‍යා කෞතුකාගාරයක් ලෙස මහජනතාවට විවෘතව පවතිනවා. කොලොන්න වගේ දුෂ්කර ප්‍රදේශයක පිහිටියත්, අදටත් දහස් ගණන් සංචාරකයින් මේ වලව්ව බලන්න එන්නේ එහි ඇති ඓතිහාසික වටිනාකම නිසයි.

වලව්ව වටා ඇති සුවිශාල තුරුලතා සහ නිස්කලංක පරිසරය මේ ගමනට තවත් සුන්දරත්වයක් එක් කරනවා. අක්කර විස්සක පමණ භූමි භාගයක් පුරා පැතිරුණු මේ පරිශ්‍රය තුළ ඇවිද යද්දී අපේ අතීත උරුමය ගැන ආඩම්බරයක් හිතට දැනෙනවා.

ඔබත් ඉතිහාසයට ආදරය කරන, පැරණි සිංහල ගෘහ නිර්මාණ ගැන උනන්දු කෙනෙක් නම් මඩුවන්වෙල වලව්ව කියන්නේ ජීවිතයේ එක් වරක් හෝ නැරඹිය යුතුම ස්ථානයක්. එහි යන ඔබට බිත්ති අතර රැඳී ඇති අතීතයේ රාවයත්, මඩුවන්වෙල දිසාවගේ ඒ තේජවන්ත අභිමානයත් අත්විඳින්න පුළුවන්. ලංකාවේ ඉතිරිව තිබෙන වලව් අතරින් වැඩිම ජනතා ආකර්ෂණයක් ලැබූ මේ මහා මන්දිරය අපේ රටේ අනන්‍යතාවය පෙන්වන කැඩපතක් වැනියි.

අපේ උරුමයන් රැකගැනීමත්, ඒවා ගැන අනාගත පරපුර දැනුවත් කිරීමත් අප සැමගේ වගකීමක්. මඩුවන්වෙල වලව්ව කියන්නේ ගඩොලින් සහ සිමෙන්තියෙන් කළ නිර්මාණයක් විතරක් නෙවෙයි, ඒක ලාංකීය අභිමානයේ සහ නොසැලෙන පෞරුෂයේ සලකුණක්. ඉතින් දවසක නිවාඩුවක් ලැබුණොත්, රත්නපුර හරහා කොලොන්නට ගිහින් මේ තේජවන්ත වලව්වේ අසිරිය විඳගන්න අමතක කරන්න එපා.
(උපුටා ගැනීමක්)
fans #••

07/05/2026

ඉතින් මන් අහන්නෙම
එයාට කවි ලියන්නම මන් Art කලා වෙන්න බැරුද? 💜✍

Address

Badulla

Telephone

+94771225239

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with achi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category