Hasaways

Hasaways Keep calm and never stop travelling

10/02/2026

බෙන්තර I A Coastal Paradise of Sri Lanka
“Painted by Sunsets, Loved by the Sea” ❤️😍🪂🚅🌊🌞

, , ,

Happy New Year 2026 😍💖Thank you for being part of our journey and for the love, support, and trust you’ve shown us throu...
01/01/2026

Happy New Year 2026 😍💖

Thank you for being part of our journey and for the love, support, and trust you’ve shown us throughout the year. May 2026 bring you new opportunities, beautiful memories, exciting journeys, and endless reasons to smile.

Let’s continue to explore, create, and share inspiring stories together. Here’s to a year filled with happiness,
success, and unforgettable adventures ahead!”












ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය – පාරිභෝගික සේවාව උදෙසා දිවා–රෑ කැපවෙමින්…දිවයින පුරා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ජ...
03/12/2025

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය – පාරිභෝගික සේවාව උදෙසා දිවා–රෑ කැපවෙමින්…

දිවයින පුරා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයේ ජල යෝජනා ක්‍රම 156 ක් පමණ ක්‍රියාකාරීත්වයට බාධා වී ඇත.
2025 දෙසැම්බර් 02 උදෑසන වනවිට, ඒ අතරින් 126 ක් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉතිරි 30 ක් යථා තත්ත්වයට පත් කිරීමට මණ්ඩලයේ සේවකයින්, විශ්‍රාමික සේවකයින්, ස්වෙච්ඡා සේවයට එක්වූ ප්‍රජාව සහ ත්‍රිවිධ හමුදාව , තම උපරිම දායකත්වය ලබා දෙන අතර මෙහෙයවීම් දිවා–රෑ සිදු කරමින් පවතී.

නායයෑම්, මාර්ග අවහිරවීම්, ජල නළ හා විදුලි උපකරණ වලට හටගත් හානි, ජල උත්පාදන ස්ථාන ගංවතුරට යටවීම සහ විදුලි සැපයුමේ බාධා වැනි හේතු නිසා සමස්ත පද්ධති සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට තවදුරටත් දින කිහිපයක් ගතවිය හැක.

මේ වනවිට බස්නාහිර පළාතේ සියලු පද්ධති සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන අතර, මහනුවර, පුත්තලම, කුරුණෑගල සහ සමහර අනෙකුත් දිස්ත්‍රික්කවල කිසියම් පද්ධති තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වී නොමැත.

විශේෂ විමර්ශන වාර්තාව: කැලණි ගඟේ 'මහා ජල බෝම්බය' සහ 2025 ගංවතුරේ විද්‍යාත්මක සත්‍යයවාර්තාව සැකසුවේ: ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ...
29/11/2025

විශේෂ විමර්ශන වාර්තාව: කැලණි ගඟේ 'මහා ජල බෝම්බය' සහ 2025 ගංවතුරේ විද්‍යාත්මක සත්‍යය
වාර්තාව සැකසුවේ: ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සෙනරත් දිසානායක දිනය: 2025 නොවැම්බර් 28 වේලාව: පස්වරු 7.00 තත්ත්වය: රතු නිවේදන (අධි අවදානම්)

හැඳින්වීම
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයක් අභියස අපි සිටින්නෙමු. බොහෝ දෙනා මෙය 2016 වසරේ ගංවතුර සමඟ සසඳමින්, "තාම වතුර නෑ" යැයි පවසමින් සැනසී සිටිති. නමුත් මාධ්‍යවේදියෙකු ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, අප ඉදිරියේ ඇත්තේ 2016 ට වඩා බිහිසුණු ජල විද්‍යාත්මක අනතුරක් බවයි.

මෙම වාර්තාව මගින් 2016 සහ 2025 තත්ත්වයන්ගේ විද්‍යාත්මක වෙනස, ඉදිරි දින කිහිපයේ කාලගුණ අනාවැකිය සහ ගංවතුර බැස යාමට ගතවන කාලය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ගෙන එන්නෙමි.

1. ඇයි මේ ගංවතුර 2016 ට වඩා භයානක? (විද්‍යාත්මක සත්‍යය)
බොහෝ දෙනාට අමතක වූ, නමුත් විද්‍යාත්මකව තහවුරු වූ කරුණ නම් 2016 සහ 2025 යනු හාත්පසින්ම වෙනස් සිදුවීම් දෙකක් බවයි.

2016 මැයි (පහළ නිම්න ගංවතුර): එදා වැස්ස ලැබුණේ හංවැල්ල සහ කොළඹට පමණය. ගඟේ ඉහළින් (අවිස්සාවේල්ලෙන්) ආ ජල කඳ අඩුය. එදා අවිස්සාවේල්ල මාපකය (Glencourse) සටහන් වූයේ මීටර් 16.70 ක් ලෙස පමණි.

2025 නොවැම්බර් (ඉහළ නිම්න ගංවතුර - වත්මන් තත්ත්වය): මෙවර කිතුල්ගල, දෙරණියගල සහ ලක්ෂපාන යන ඉහළ කඳුකරයට මිලිමීටර් 300-400 ක අති විශාල වර්ෂාවක් ලැබී ඇත.

සාක්ෂිය: අද (28) වන විට අවිස්සාවේල්ල මාපකය මීටර් 17.94 ක් දක්වා ඉහළ ගොස් ඇත.

නිගමනය: මෙය 2016 ට වඩා මීටර් 1.24 ක් (අඩි 4ක් පමණ) උසැති දැවැන්ත ජල කඳකි. මෙම "ජල බෝම්බය" තවමත් කොළඹට ළඟා වී නැත. එය හෙට (29) දින කොළඹට කඩා වදිනු ඇත.

2. කොළඹට කුමක් සිදුවේද? (ඉදිරි පැය 48 සඳහා පුරෝකථනය)
කොළඹ නගලගම් වීදියේ ජල මාපකය මේ මොහොතේ (නොවැ. 28) අඩි 5.30 ක් වැනි අගයක් පෙන්නුම් කළද, හෙට දිනය ඉතා තීරණාතිකය.

ජල මට්ටම ඉහළ යාම: අවිස්සාවේල්ලෙන් එන අතිරික්ත ජල කඳ සහ පසුගිය වසර 10 තුළ කොළොන්නාව අවට සිදුවූ ඉඩම් ගොඩකිරීම් (Land Reclamation) යන සාධක දෙක එකතු වූ විට;

පුරෝකථනය: නගලගම් වීදිය මාපකය අඩි 9.25 සිට අඩි 9.75 දක්වා ඉහළ යාමේ දැඩි අවදානමක් ඇත.

සරලව කිවහොත්: 2016 වසරේ ඔබේ නිවසට ජලය පැමිණි මට්ටමට වඩා, මෙවර අඩි 1 යි අඟල් 6ක් හෝ අඩි 2ක් (1.5ft - 2.0ft) වැඩිපුර ජල මට්ටමක් බලාපොරොත්තු වන්න.

3. සුළි කුණාටුවේ ගමන් මග සහ කාලගුණ අනාවැකිය
දිවයිනට බලපා ඇති කාලගුණ පද්ධතියේ හැසිරීම පිළිබඳ නවතම චන්ද්‍රිකා දත්ත (Satellite Imagery) විශ්ලේෂණය පහත පරිදි වේ:

සුළි කුණාටුවේ ගමන් මග: දිවයින ආශ්‍රිතව පවතින මෙම පීඩන අවපාතය (Depression) ඉදිරි පැය 24 තුළ ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඈතට, එනම් උතුරු/වයඹ (North-West) දෙසට ගමන් කරනු ඇතැයි පුරෝකථනය කෙරේ.

වර්ෂාපතනය: කුණාටුව ඈතට ගියද, එහි "වලිගය" (Trailing Bands) මගින් තවදුරටත් නිරිතදිග කලාපයට වැසි ගෙන එනු ඇත. නමුත් හෙට (29) සවස් වන විට වර්ෂාවේ අඩුවීමක් බලාපොරොත්තු විය හැක.

අවදානම: වැස්ස අඩු වුවද, ගංවතුර අඩු නොවේ. මන්ද ඉහළ කඳුකරයෙන් ගලා එන ජලය කොළඹට පැමිණීමට දිනක් පමණ ගතවන බැවිනි. එමනිසා වැස්ස පෑව්වද ජල මට්ටම තවදුරටත් ඉහළ යනු ඇත.

4. ගංවතුර බැස යාම සහ සාමාන්‍ය තත්ත්වයට පත්වීම (Time Forecast)
කැලණි ගඟේ පහළ නිම්නය යනු ඉතා සෙමින් ජලය බැස යන ප්‍රදේශයකි. වත්මන් දත්ත අනුව ගංවතුර බැස යාමේ කාලසටහන (Timeline) පහත පරිදි අනුමාන කළ හැක:

උපරිම මට්ටමට පැමිණීම (Peak): නොවැම්බර් 29 (හෙට) දහවල් හෝ රාත්‍රී කාලයේදී කොළොන්නාව සහ තදාසන්න ප්‍රදේශ උපරිම ජල මට්ටමට ළඟා වනු ඇත.

ස්ථාවරව පැවතීම (Stagnation): නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල ජල මට්ටම අඩුවීමකින් තොරව ඉහළ අගයකම පවතිනු ඇත (මුහුදේ වඩදිය මට්ටම් සහ ජල පරිමාව වැඩි නිසා).

බැස යාම ආරම්භ වීම (Receding): වර්ෂාව සම්පූර්ණයෙන්ම නතර වුවහොත්, දෙසැම්බර් 02 වන දින සිට ඉතා සෙමින් (දිනකට අඟල් කිහිපය බැගින්) ජලය බැස යාම ආරම්භ වේ.

සාමාන්‍ය තත්ත්වය: ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් නිදහස් වීමට දෙසැම්බර් 06 හෝ 07 දක්වා කල් ගත විය හැක.

5. මාධ්‍යවේදියෙකු ලෙස ජනතාවට කරන අවසන් ආයාචනය
බුද්ධිමත් ජනතාවනි,

විද්‍යාව බොරු නොකියයි. අප සතුව ඇත්තේ 2016 ට වඩා දරුණු ඉලක්කම් ය.

ග්ලෙන්කෝස් මාපකය 2016 පරාජය කර ඇත.

අපේ ජල රැඳවුම් ඉඩම් කොන්ක්‍රීට් වී ඇත.

එබැවින්, "ගිය පාර වතුර ආවේ නෑ" කියන මතකයේ එල්බගෙන නොසිටින්න. නගලගම් වීදිය අඩි 5.00 පෙන්වන මෙම මොහොත, ඔබගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලැබෙන අවසන් ස්වර්ණමය පැය කිහිපයයි. අඩි 5 සීමාව පැන්න පසු මාර්ග යට වී ඔබ කොටු වන බව මතක තබා ගන්න.

වහාම ඉවත් වන්න. ආරක්ෂිත ස්ථාන කරා යන්න. දේපලවලට වඩා ජීවිතය වටිනා බව සිතන්න.

🛑 හදිසි ආධාර සහ සම්බන්ධීකරණ විස්තර (Save & Share)
ගංවතුර අවදානම හමුවේ කොටු වී සිටින හෝ ඉවත් වීමට සහය අවශ්‍ය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ දුරකථන අංක:

1. ක්ෂණික සහන සහ මෙහෙයුම් මධ්‍යස්ථාන (24 Hours)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (රට පුරා ඕනෑම තැනක සිට නොමිලේ ඇමතිය හැක)

පොලිස් හදිසි ඇමතුම් අංශය: 119 (ජීවිතාරක්ෂක බෝට්ටු ඉල්ලීම් සහ ආරක්ෂාව සඳහා)

සුව සැරිය ගිලන් රථ සේවය: 1990 (රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් ඉවත් කරගැනීම සඳහා)

2. බෝට්ටු සහ හමුදා සහය (කොළඹ සහ කැලණි ගඟ දෙපස) ඔබේ නිවස වට වී ඇත්නම් හෝ රෝගියෙකු ඉවත් කරගැනීමට බෝට්ටුවක් අවශ්‍ය නම් පහත අංක අමතන්න:

ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් මැදිරිය (Rescue Ops): 011-2445368 / 011-2212230

යුධ හමුදා හදිසි මැදිරිය: 113 / 011-2434251

ගුවන් හමුදා සහන මැදිරිය (Air Rescue): 011-2441044

3. ප්‍රාදේශීය ලේකම් කාර්යාල (සහන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සඳහා) ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට කතා කර ළඟම ඇති ආරක්ෂිත මධ්‍යස්ථානය (පන්සල/පාසල) දැනගන්න.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: 011-2572532 / 011-2533923

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: 011-2560321

වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: 011-2930438

බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: 011-2461327

4. දැනට හඳුනාගෙන ඇති ප්‍රධාන ආරක්ෂිත මධ්‍යස්ථාන (Safe Centers): (කරුණාකර යාමට පෙර ඔබේ ග්‍රාම නිලධාරී හරහා තහවුරු කරගන්න)

කොළොන්නාව: ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාලය / විද්‍යාවර්ධන විද්‍යාලය.

වැල්ලම්පිටිය: සේදවත්ත රජමහා විහාරය.

කැලණිය: විද්‍යාලංකාර පිරිවෙන (සහන කඳවුර).

5. විදුලි බිඳවැටීම් දැනුම් දීමට:

ලංකා විදුලිබල මණ්ඩලය (CEB): 1987

LECO ආයතනය: 1910

⚠️ ඉවත් වීමට පෙර සැලකිලිමත් වන්න!
ඔබ ආරක්ෂිත ස්ථානයකට යනවිට පහත දේවල් අනිවාර්යයෙන්ම ළඟ තබා ගන්න (Emergency Bag):

ලියකියවිලි: ඉඩම් ඔප්පු, උප්පැන්න සහතික, හැඳුනුම්පත් (ප්ලාස්ටික් බෑගයක දමා වතුර නොවදින ලෙස සකසන්න).

ඖෂධ: නිවසේ සිටින රෝගීන්ගේ දිනපතා ගන්නා බෙහෙත් වර්ග (අවම වශයෙන් දින 3කට සරිලන පරිදි).

ආහාර/ජලය: බිස්කට්, වතුර බෝතල් සහ කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි.

විදුලි පහන්: ටෝච්, පවර් බෑන්ක් (Power banks) සහ අමතර බැටරි.

සුරතල් සතුන්: හැකි නම් ඔවුන්වද ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්න, නැතහොත් ගැටගසා දමා නොයන්න (ලිහා දමන්න).

"ජීවිතය රැකගන්න - දේපල පසුව සොයාගත හැක."

මීට, විශ්වාසී, සෙනරත් දිසානායක (වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල දත්ත ඇසුරිනි)

28/11/2025

ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

🚨 හදිසි ජල නිකුත් කිරීමේ නිවේදනයයි - වික්ටෝරියා ජලාශය​මේ වන විට වික්ටෝරියා ජලාශයේ වාර්තාගත මට්ටමේ ජල මුදා හැරීමක් සිදු ක...
27/11/2025

🚨 හදිසි ජල නිකුත් කිරීමේ නිවේදනයයි - වික්ටෝරියා ජලාශය

​මේ වන විට වික්ටෝරියා ජලාශයේ වාර්තාගත මට්ටමේ ජල මුදා හැරීමක් සිදු කෙරේ!

​🛑 තත්ත්වය: ස්වයංක්‍රීය වාන් දොරටු අටම (08) තුන්වන මට්ටම (මීටර් 4.7) දක්වා ඉහළට ඔසවා ඇත
🌊 ජල ධාරිතාව: තත්පරයට ඝන අඩි 1,26,700 ක අති විශාල ජල කඳක් පහළට මුදා හැරේ.

​⚠ විශේෂ අවවාදයයි:
මෙම විශාල ජල කඳ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම පහළ ප්‍රදේශවලදී හදිසියේ ඉහළ යා හැක. ගඟ දෙපස සහ පහත් බිම්වල වෙසෙන ජනතාව ඉතාමත්ම විමසිලිමත් වන්න. දරුවන් ගඟ ආසන්නයට යැවීමෙන් වළකින්න.
​කරුණාකර මෙම පණිවිඩය Share කර අන් අයව දැනුවත් කරන්න. 🙏📢

Watch now on YouTube ~
26/11/2025

Watch now on YouTube ~

තබදෝල ඇල්ලේ සැඟවුණු නිධානය! 💰 සොබා දහම සහ මිනිරන් රහස හමුවන කළුතර රහස!කවුරුත් නොදන්නා රහසක් හෙළිවේ! 👀 කළුතර දිස්ත....

15/11/2025

"නීලාවේලියේ නිල් දියමන්තිය: පරෙවි දූපත" (The Blue Diamond of Nilaveli: Pigeon Island)

Watch Now ~ https://youtu.be/2jG6MoooosA

නීලාවේලියේ සුප්‍රසිද්ධ, පුළුල් වෙරළ තීරයට ඉතා නුදුරින්, ඉන්දියන් සාගරයේ නිල්වන් දියඹ මත දිදුලන සැබෑ "දියමන්තියක්" ලෙස පරෙවි දූපත හැඳින්විය හැකියි. මෙම "නිල් දියමන්තියේ" සැබෑ වටිනාකම සැඟවී ඇත්තේ මතුපිට නොව, ඒ ජලය යට ඇති විස්මිත කොරල් පර සහ දහස් ගණන් වර්ණවත් මත්ස්‍යයින් අතරයි. එය, නීලාවේලියට ලැබුණු සොබාදහමේ වටිනාම වස්තුවකි.

යං අපිත් එක්ක මේ සුන්දර දියමන්තිය නරබන්න

, , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Address

Bentota

Website

https://bit.ly/hasawaysweb

Alerts

Be the first to know and let us send you an email when Hasaways posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hasaways:

Share