Travelestar

Travelestar Don't wait for the perfect moment for traveling , take the moment and make it perfect travel . . . A Whole World on a Single Island. . .

KANDY ESALA PERAHERA FESTIVAL 2026 🐘✨Experience one of the world’s most spectacular cultural celebrations – The Kandy Es...
09/07/2026

KANDY ESALA PERAHERA FESTIVAL 2026 🐘✨

Experience one of the world’s most spectacular cultural celebrations – The Kandy Esala Perahera 2026.

Witness the breathtaking Grand Randoli Perahera, featuring:
🐘 Magnificently caparisoned elephants
Mesmerizing fire dancers
Traditional Kandyan dancers
Powerful regional drumming
Ancient rituals and vibrant cultural performances

This sacred festival is held in honor of the Sacred Tooth Relic of Lord Buddha, bringing together centuries of Sri Lankan history, devotion, and tradition in an unforgettable procession.

📅 Festival Dates: 18th – 28th August 2026
🌟 Grand Randoli Perahera: 27th August 2026
📍 Location: Kandy, Sri Lanka 🇱🇰

Save the schedule, plan your visit, and don’t miss this once-in-a-lifetime cultural experience!

දවසක ගොඩක් ලොකු ලස්සන කතාවක් තියේවි... කියන්න ❤️❤️
24/04/2026

දවසක ගොඩක් ලොකු ලස්සන කතාවක් තියේවි... කියන්න ❤️❤️

05/04/2026

ශ්‍රී පාදස්ථානය - ශ්‍රී ලංකා 🙏🏼⛰️💙

22/03/2026

ටිකක් life එකේ ගේමක් ගහන් එනකොටම කෙලවෙලා ම යනවා නාකියෝ ටික 🥲

"ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල වර්තමාන තත්වය"පසුගිය දවස්වල පැවති ආපදා තත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය විශ...
18/12/2025

"ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල වර්තමාන තත්වය"

පසුගිය දවස්වල පැවති ආපදා තත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය විශාල හානියකට ලක් වුණා.

දැනට ගණන් බලා ඇති ආකාරයට රුපියල් බිලියන 341 ක් (කෝටි 34,100 ක්) පමණ හානියක් දුම්රිය මාර්ග පද්ධතියට වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තම්නේතුව මෙම දුම්රිය මාර්ග පද්ධතිය නැවත යථා තත්වයට පත් කරන්න විශාල මහන්සියක් ගන්නවා.

• 09.12.2025 – 56%
• 01.01.2026 – 80%
• 01.02.2026 – 83%+
ලෙස දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්වයට ගෙන එන්නයි සැලැස්ම.

මට හිතුණා මේ වෙන විට දුම්රිය මාර්ග පද්ධතිය ගැන සටහනක් ඔබට ගෙන එන්න.
ඉතින් මේක ඔබට වටියි කියලා හිතනවා නම් සේව් කරලා තියාගන්න.

ශෙයා කරගන්න හැමෝම එක්ක.

ජය වේවා.

- විකුම් හර්ෂණ -

කෑම බෙදනව නම් අවශ්‍ය අයටම දෙන්න අදාල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සම්බන්ධ කරගන්න.සිදුවන ආහාර නාස්තිය අවම කරගන්න.🙏
02/12/2025

කෑම බෙදනව නම් අවශ්‍ය අයටම දෙන්න අදාල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සම්බන්ධ කරගන්න.සිදුවන ආහාර නාස්තිය අවම කරගන්න.🙏

අද දවසේ දැක්ක අවුල්ම නිව්ස් දෙකචුණ්ඩිකුලම් කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේ නිරත නාවික සෙබළුන් 5ක් අතුරුදන්. සහන සේවාවලට ...
30/11/2025

අද දවසේ දැක්ක අවුල්ම නිව්ස් දෙක

චුණ්ඩිකුලම් කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේ නිරත නාවික සෙබළුන් 5ක් අතුරුදන්. සහන සේවාවලට ගියපු හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි.

අඩේ අපි වෙනුවෙන් මහන්සි වෙන මිනිසුන්ට මෙහෙම වෙනකොට මාර අවුල්.

අරු ඇවිත් මූ ඇවිත් කරනකම් බලන් ඉන්නේ නැහැ එකමුතුවුනා පුළුවන් විදියට කරා එකෙන්ම රෙස්පෙක්ට් ❤️ 🇱🇰 🫡
30/11/2025

අරු ඇවිත් මූ ඇවිත් කරනකම් බලන් ඉන්නේ නැහැ එකමුතුවුනා පුළුවන් විදියට කරා එකෙන්ම රෙස්පෙක්ට් ❤️ 🇱🇰 🫡

ගංවතුර බැස ගිය පසු අප මුහුණ දෙන ඊළඟ මහා ඛේදවාචකයමේ මොහොතේ අපේ අවධානය යොමු වී තිබෙන්නේ ගංවතුරෙන් සහ නායයෑම්වලින් ජීවිත බේ...
30/11/2025

ගංවතුර බැස ගිය පසු අප මුහුණ දෙන ඊළඟ මහා ඛේදවාචකය

මේ මොහොතේ අපේ අවධානය යොමු වී තිබෙන්නේ ගංවතුරෙන් සහ නායයෑම්වලින් ජීවිත බේරා ගැනීම ගැන පමණයි. නමුත් ජලය බැස ගිය පසු අප ඉදිරියේ මැවෙන්නට නියමිත යථාර්ථය ඊටත් වඩා භයානක විය හැකියි. සරලවම කිව්වොත්, අපි ඉන්නේ බරපතල ආහාර හිඟයක් අබියසයි.

වැනසී ගිය වගා බිම් අපේ බත් පත සරුවට ලැබුණු කුඹුරු යායවල් අද වතුරට දියවී ගිහින් ඉවරයි. ගොවියාගේ ඩහදිය මහන්සිය පමණක් නොව, ලබන කන්නය දක්වා අපට කන්නට තිබූ වී ටිකත් මේ මහා ජල කඳට බිලි වී හමාරයි. උඩරට තත්වය මීටත් වඩා දරුණුයි. එළවළු පාත්ති, තේ වතු නායයෑම් සහ ධාරානිපාත වැස්ස නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ගිහින්. පහතරට වගා බිම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ; ඒවා තවමත් වතුර යට. මේ විනාශය හුදෙක් අද දවසට පමණක් බලපාන එකක් නෙමෙයි, මෙය ඉදිරි මාස ගණනාවක් පුරාවට අපේ කුස්සියට දැනෙනු ඇත.

බිඳ වැටුණු බෙදාහැරීමේ ජාලය යම් හෙයකින් වගා බිම් කිහිපයක් හෝ ඉතිරි වී තිබුණා යැයි සිතමු. නමුත් ඒවා වෙළඳපොළට ගෙන එන්නේ කෙසේද? ගංවතුර නිසා පාරවල් යටවුණා පමණක් නෙමෙයි, පාරවල් කැඩිලා, බිඳිලා, ඉරිතලලා විනාශ වෙලා ගිහින්. නිෂ්පාදන ගම්මානවලින් නගරයට ගේන්න තිබුණු ප්‍රවාහන මාර්ග සියල්ලම පාහේ අඩපණයි. ඉතින් ගොවියා ළඟ බඩු තිබුනත්, පාරිභෝගිකයා ළඟට එන්න විදියක් නෑ.

සත්ව ගොවිපොළවල නිහඬ විලාපය අපට නොපෙනෙන, නමුත් ඉතාම ශෝකජනක විනාශය සිදුවී ඇත්තේ සත්ව ගොවිපොළවලයි. කුකුළු ගොවිපොළවල්, දායක ගොවිපොළවල් වතුරට ගසාගෙන ගිහින්. මෙහි ප්‍රතිඵලය වන්නේ ඉදිරියේදී බිත්තර, මස් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල දැඩි හිඟයක් ඇති වීමයි.

අපි දැන් මොකද කරන්නේ? ඇත්ත තිත්තයි. අපිට මුල ඉඳලා හැමදේම පටන් ගන්න වෙනවා. මේ මොහොතේ මනුෂ්‍යත්වයේ නාමයෙන් අපට කරන්න පුළුවන් ලොකුම දේ තමයි "අරපිරිමැස්ම". ඔබ ආපදාවට ලක් නොවුණු කෙනෙක් නම්, අද ඔබේ පිඟානට බෙදාගන්නා බත් ඇටය ගැන දෙවරක් හිතන්න. කෑම විසි කරන්න එපා. තියෙන දේ අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. මොකද හෙට දවසේ මේ රටේ ඕනෑම කෙනෙක්ට කුසගින්නේ ඉන්නට සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි.

මේ විපත තනි පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙය ජාතික ව්‍යසනයක්. එකට එක්වී, ඉතිරි වී ඇති සම්පත් රැකගෙන, මේ අඳුරු කාලය පසුකර යමු.
Copied

🚨 ගංවතුරෙන් හානි වූ ඔබේ වටිනා ලියකියවිලි සහ ගිණුම් නැවත ලබා ගන්නේ කොහොමද? 📄මේ දවස්වල පවතින ගංවතුර තත්ත්වය නිසා බොහෝ දෙනෙ...
30/11/2025

🚨 ගංවතුරෙන් හානි වූ ඔබේ වටිනා ලියකියවිලි සහ ගිණුම් නැවත ලබා ගන්නේ කොහොමද? 📄

මේ දවස්වල පවතින ගංවතුර තත්ත්වය නිසා බොහෝ දෙනෙක් ලොකු පීඩනයකින් ඉන්නේ. 😥 ජීවිත ආරක්ෂා කරගන්න කලබලෙන් දුවද්දී, අපේ වටිනාම ලියකියවිලි (උප්පැන්න, ඔප්පු, බැංකු පොත් වගේ දේවල්) වතුරට යට වෙලා හෝ නැති වෙලා වෙන්න පුළුවන්. 🌊 ඒ ගැන හිතලා දැන් කලබල වෙන්න එපා. අපිට ඒවා නැවත හදාගන්න පුළුවන්. 💪 ඒ සඳහා කරන්න ඕන මූලික දේවල් ටිකක් පහලින් දානවා.

පළවෙනි දේ තමයි, තෙමුණු ලියකියවිලි හමුවුණා නම්, ඒවා කවදාවත් තද අව්වේ හෝ ගින්දර ළඟ වේලන්න යන්න එපා. ☀️❌ එහෙම කළොත් ඒ කොළ කැඩී යන්න පුළුවන්. ඒ වෙනුවට, හෙමින් හුළඟේ වේලෙන්න තියන්න. 🌬️

🆔 ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න/විවාහ සහතික:
මේවා නැතිවුණා නම් මුලින්ම ළඟම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න (Police Entry). 🚓 ඊට පස්සේ ඒ පැමිණිල්ලේ පිටපතක් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න. (වැඩි විස්තර දැනගන්න රජයේ තොරතුරු කේන්ද්‍රය - 1919 අමතන්න)

🏦 බැංකු ගිණුම් සහ ATM කාඩ්පත්:
ඔබේ බැංකු පොත්, චෙක්පත් හෝ ATM කාඩ්පත් වතුරට අහුවුණා නම්, පමා නොවී වහාම බැංකුවට කෝල් එකක් දීලා ඒවා නවත්තන්න (Block කරන්න). 📞 ඊට පස්සේ බැංකුවට ගිහින් අලුත් ඒවා හදාගන්න. 💰

🏠 ඉඩම් ඔප්පු සහ වාහන ලියකියවිලි:
ඉඩම් ඔප්පු සඳහා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයටත්, වාහන පොත් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටත් යන්න වෙනවා. වාහන ලිපි ලේඛන ගැන ගැටළු තියෙනවා නම් 1968 අංකයට කතා කරන්න පුළුවන්.

🎓 අධ්‍යාපන සහතික (O/L, A/L):
මේවායේ පිටපත් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගන්න පුළුවන්. විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංකය වන 1911 කතා කරලා විස්තර අහගන්න. ☎️

📞 මතක තියාගන්න ඕන වැදගත් අංක:
ඔබට අදාළ ආයතනයේ නම්බර් එක හොයාගන්න අමාරු නම් පහළ අංකවලට කතා කරන්න.

🆘 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (හදිසි අවස්ථා සඳහා): 117

ℹ️ රජයේ තොරතුරු කේන්ද්‍රය (ඕනෑම රජයේ සේවාවක් ගැන අහන්න): 1919

🚓 පොලිස් හදිසි ඇමතුම්: 119

🚗 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV): 1968

📚 විභාග දෙපාර්තමේන්තුව: 1911

📱 අනාගතය ගැනත් හිතමු:
මේ වගේ දේවල් ආයේ වෙන්න පුළුවන්. ඒ නිසා අදම ඔබේ හැම වටිනා ලියවිල්ලකම පැහැදිලි ෆොටෝ එකක් අරගෙන ෆෝන් එකේ හරි, Google Drive වගේ තැනක හරි ආරක්ෂිතව සේව් කරගන්න. ☁️

මේ අමාරු කාලේ අපි එකිනෙකාට උදව් කරගමු ❤️

Address

Colombo
000130

Alerts

Be the first to know and let us send you an email when Travelestar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category