06/01/2023
වාහන Modify (බස් කලාව)
මොනාද මේ වාහන modify නැත්නම් වාහන වෙනස් කිරීම්, නැත්තම් වාහන අලංකරණය කියන්නේ. මේක ඇත්තටම කලාවක්. මේකට වයස සිමාවක් වෙනම වෙන් උන වාහනයක් නැ. තමන්ට තියන මොන වාහනේද modify කලාව ඇඟේ තියෙන කෙනෙක්ට ඒක අදාළ නැ. මොකද ඒක තමයි කලාවක් කියන්නේ තියන දෙයින් වෙනසක් කරන එක.
ඇත්තටම ලංකාවේ modify කියන්නේ මොකක්ද? ලංකාවේ නම් ඒක දඩුවම් ලැබිය හැකි වරදක්. මේ කලාව හරිම අහිංසක මිනිසුන් අතර ඇති කලාවක්. ඇත්තටම ගොඩක් රටවල මේ modify වලට ලොකු ඉඩක් ලැබෙනවා එ රටේ රජය පැත්තෙන්. ඒත් කියන්න දුකයි අපේ රටේ පෝක් ලයිට් එකක් ගැහුවත් දඩ කන්න වෙන තත්වයක් තියෙන්නේ. මේ modify නිසා ලංකාවේ ගොඩක් පරණ වාහන භාවිතයට ගැනීම සිද්ධ වෙනවා පරණ car එකක් van එකක් අරන් හදන්න සමහර අය පෙළඹිලා ඉන්නවා. එතකොට කොච්චර හොඳ දෙයක්ද රටට. භාවිතා නොවන වාහන පාවා අරගෙන modify කරලා සුපිරියට තියන් ඉන්න අය ඉන්නවා. ලංකාවේ වැඩියෙන්ම modify වෙන්නේ බස්, වෑන්, කාර්,බයික් තමා මේ අතරින් Bus විශේෂයි.
ලංකාවේ modify Bus එක්ක රට වටේ පිරිස් එකතු වෙලා ඉන්නවා ආදරේ කරන, ආසා කරන,හීන දකින අය. ලංකාවේ modify bus වලට තියන තත්ත්වය බැලුවොත් ස්ටිකර් ගලවනවා lights ගලවනවා.දඩ ගහනවා ගොඩක් කරදර වලට modify bus තියන අය මුහුන දෙනව. ඇත්තටම පාරේ යන්නේ පුදුම බයකින්. මොකද මොන හේතුවක් දාලා කොයි වෙලේ නවත්තලා ලියයිද දන්නෑනේ. ඇත්තටම පරණ පෙනුමට තියෙන්න තිබ්බ ගොඩක් බස් modify නිසා ලස්සනට පාරේ දුවනවා. අපිට පේනවා ඕන තරම් C T B බස් පරණ උන ඒවා පාරේ යනවා ඇත්තටම මිනිහෙක් ඒවගෙ යන්නත් අදි මදි කරනවා. ඒත් ලස්සනට modify කරලා තියන Bus එකක යන්න ඕන කෙනෙක් ආසයි. Bus එකක් කියන්නේ පොදු ප්‍රවාහන සේවයක් ඒකෙ පහසුකම් හදන්නේ මගියා වෙනුවෙන්. මේ වෙනකොට wash room එකක් බස් එකක හදන තත්ත්වය දක්වා බස් එකක් මගියාට පහසුකම් සපයා තිබෙනවා. ගොඩක් අය නොහිතන පැත්තක් තමා මේ බස් එකක් modify වෙන තැන. ඇත්තටම ලොකු කට්ටක් කනවා බස් එකක් design කරන්න modify කරන්න. ගොඩක් වෙලාවට සමහර design දවස් ගාණක් design කරනවා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර, කල්පනා කර කර, අදහස් අරගෙන, ලොකු මහන්සියක් වෙලා තමයි බස් එකක ස්ටිකර් එකක් හදන්නේ. එහෙම කරලා උසාවි දාලා මෙක ගෙනාපු විදිහට ඔක්කොම ගලවලා පෙන්නන්න කිව්වම කොච්චර වේදනාවක් එනවද? සමහර බස් ගලවද්දීත් ඒවගෙ ස්ටිකර් වලටවත් සල්ලි ගෙවලා ඉවර නැති බස් තියෙනවා. සල්ලි තියෙන පලියට බස් හදනවා නෙවෙයි ගොඩක් කට්ටිය,තමන්ගේ බඩු උකස් කරලා, විකුණලා බොහොම අමාරුවෙන් රෝල ගහලා දියුණු වෙන්න හදන අය ඉන්නවා. මේ කව්රුත් කූඩු විකුණලා, හොරකම් කරලා සල්ලි හොයන මිනිස්සු නෙවේ ලස්සන දකින, වෙනස්‌කම් මවන ඇහැක් තියන, විවිධ ආකාරයෙන් දෙයක් දිහා බලන අහිංසක මිනිස්සු. අලුත් කලාවක් හදාගත්ත මිනිස්සු. රට ලස්සන කරන මිනිස්සු. රටේ මේ කලාව ලෝකෙට ගෙනියපු මිනිස්සු. ඇත්තටම මේ කලාව නිසා ලංකාවේ නොදන්න පලාත් වල ජීවිතේට නොදැකපු අය පාවා ගොඩක් ළඟ යාළුවෝ උනා. ඇත්තටම මේ කලාව කියන්නේ ජාලයක් එ ජාලයේ ඉන්න ඔක්කොටම බස් නැ. ඒත් ඒ කලාවට ආදරේ කරන බස් වලට ආදරේ කරන ගොඩක් අය එකතු වෙලා ඉන්නවා. එකෙන් තේරෙනවා හොඳටම මේක මිනිස්සු කොච්චර ආදරෙන් වැලඳගෙන තියනවාද කියලා. මේ කලාව නිසා ගොඩක් මිනිස්සු එකතු වෙලා වැඩ කරන්න පුරුදු වෙලා තියෙනවා. කවදාවත් බස් එකකට ආදරේ කරන කෙනෙක් එ බස් එකකට කරදරයක් වෙනවට කැමති නැහැ. මාත් බස් තියන කෙනෙක් නෙවේ #බස්_පිස්සා ලේබල් එක ගහගෙන බස් වෙනුවෙන් කතා කරන කොල්ලෙක්. වාහනේ අනුන්ගේ උනත් අපි ඒවාට අපේ ඒවා වගේ ආදරේ. අපි වගේ #බස්_පිස්සන් ට පුදුම විඳිහට රෙදෙනව මේ වගේ බස් කලාවට කරදරයක් වෙන වෙලාවල් වල. මිනිස්සුන්ට modify බස් වලින් කරදරයක් වෙන්නේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ඇති ඒවාට අකැමැති ඒත් ඊට සිය ගුණයකට වඩා ඉන්නවා ඒවාට ආදරේ කරන අය. ලංකාවේ ගොඩක් වැඩ කරනකොට ආණ්ඩුව කියන්නෙ දියුණු රටවල මේ විදිහට තමා කරන්නේ කියලා. ඇත්තටම ලෝකේ බොහෝ රටවල් modify වලට ලොකු ඉඩක් දීලා තියෙනවා ඇයි ඒ දේ විතරක් එ දියුණු රටවල් දිහා බලලා කරන්නේ නැත්තේ. බස් වල light ගැහුවට පාරේ යන ගමන් ඒවා දාගෙන යන්නේ නෑ කවදාවත්. එක්කෝ නවත්තලා තියෙන වෙලාවට, මහ පාරෙන් ඉවතට දාපු වෙලාවක තමයි මේ විඳිහට lights දාන්නේ.
අනේ ජනාධිපතිතුමනි ලංකාවේ modify වලට අපිට ඉඩක් ලබා දෙන්න. අහිංසක මිනිස්සු මේ කලාවට ගොඩක් ආදරේ කරනවා ඒකෙන් සංචාරක ආකර්ෂණයක් ලැබෙනවා ලොකු.පරණ වාහන ලස්සන වෙනවා එතකොට ලංකාවම ලස්සන වෙනවා.ඔබ තුමා මේක නීතිගත කරලා දුන්නොත් අපි එ නීති වලට එකඟව ලස්සනට මේ කලාව රැකගෙන ලෝකෙට අපේ හැකියාව පෙන්නන්නම්. අපේ අහිංසක හීන වලට ඉඩක් දෙන්න.
ස්තුතියි.
-උපුටා ගැනීමකි -