Solo Travel King

Solo Travel King ට්‍රිප් යන්න කවුරුත්ම නැද්ද? තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ පේජ් එක බලන්න...

* උපන් වසර : 1985 කොළඹදි.
* පදිංචිය : හෙයියන්තුව (කැළණිය/කිරිබත්ගොඩට ආසන්න)
* අවිවාහකය
* රැකියාව : කොළඹ පුද්ගලික ආයතනයක (IT)
* විනෝදාංශ : Travelling , Software/Android App Developing, Watching Movies / Stage Dramas, Listen Songs, Electronics
* 2014 වසරේ ඉදලා තමයි Solo Travel කරන්න පටන් ගත්තෙ.
# ට්‍රැවල් කරපු එක ගැන ගමන් විස්තරයක් Word files වල ලියන්න පුරුදු වෙලා හිටියා.. එහෙම Word files ගොඩක්

මගෙ ලග තිබුනා. ඒවා මම ලග තියනවට වඩා උවමනා කෙනෙක්ට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වෙන්න තමයි මේ පේජ් එක හැදුවේ...

ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය | 2026-06-24(Economic History Museum of Sri Lanka)ශ්‍රී ලංකාවේ කාසි සහ නෝට්ටු ඉතිහාස...
24/06/2026

ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය | 2026-06-24
(Economic History Museum of Sri Lanka)
ශ්‍රී ලංකාවේ කාසි සහ නෝට්ටු ඉතිහාසය ගැන දැනගන්න.. වෙලාවක කොළඹ කොටුවේ යන්න නියම තැනක් තියනවා. මම අද කොළඹ කොටුවේ ගිය වෙලාවේ මෙහෙටත් ගිහින් බැලුවා... ලංකාවේ සල්ලිවල ඉතිහාසය ගැන, අතීතයේ ඉඳන් අද වෙනකම් අපේ රටේ ආර්ථිකය ආපු ගමන ගැන දැනගන්න පුළුවන්, ගොඩක් අය දන්නෙ නැති තැනක් තමයි මේ... ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමයි මේ කෞතුකාගාරය ආරම්භ කරලා තියෙන්නේ.

පුරාණ කාසි සහ නෝට්ටු: ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට අනුරාධපුර, පොළොන්නරුව, කෝට්ටේ සහ මහනුවර රාජධානි යුගවල භාවිත කරපු දුර්ලභ කාසි වර්ග. යටත් විජිත සමයේ මුදල්: ලංකාව අධිරාජ්‍යවාදී පාලනයට නතු වෙලා තිබුණු කාලයේ (විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාලන සමයේ) භාවිත කරපු මුදල් වර්ග.

මහ බැංකු ඉතිහාසය: ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට මේ දක්වා නිකුත් කළ සියලුම කාසි සහ නෝට්ටු එකතුවක්.
නිෂ්පාදන ක්‍රියාවලිය: කාසි සකස් කරන්නේ සහ නෝට්ටු මුද්‍රණය කරන්නේ කොහොමද කියලා පෙන්වන විශේෂ ප්‍රදර්ශන භාණ්ඩ.
නවීන තාක්ෂණය: මුදල් නෝට්ටුවල තියෙන "ආරක්ෂිත සලකුණු" තනිවම හඳුනාගන්න උදව් වෙන උපකරණ සහ ව්‍යවහාර මුදල් පිළිබඳ වීඩියෝ දර්ශන බලා ගන්න පුලුවන්.

මේ කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ කොළඹ 01, චැතැම් වීදියේ (අංක 54) තියෙන ඓතිහාසික "සෙන්ට්‍රල් පොයින්ට්" (Central Point) ගොඩනැගිල්ලේ. 1914 දී මහජනයාට විවෘත වුණු මේ ගොඩනැගිල්ල, ඒ කාලයේ කොළඹ තිබුණු උසම ගොඩනැගිල්ලයි! මුල් කාලයේ මෙහි පවත්වාගෙන ගියේ "නැෂනල් මියුචුවල් ලයිෆ් ඇසෝසියේෂන් ඔෆ් ඔස්ට්‍රලේෂියා ලිමිටඩ්" කියන ගෝලීය රක්ෂණ සමාගමේ කාර්යාලයයි. ලංකාවේ මහාමාර්ග ජාලයේ කේන්ද්‍රස්ථානය හෙවත් "සෙන්ට්‍රල් පොයින්ට්" එක විදිහට සැලකෙන කොළඹ කොටුවේ ප්‍රසිද්ධ ඔරලෝසු කණුව අසලමයි මෙය පිහිටලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල ඉස්සරහින් ගියාම ලන්ඩන් නුවර යනව වගේ දැනෙනෙනෙ. මේ වගේ ගොඩනැගිලි එංගලන්තයේ බහුලව තියෙන්නෙ. ගොඩනැගිල්ල ඇතුලෙත් වෙනස්ම ගෘහනිර්මානයක් තියෙන්නෙ. ලස්සනයි.

නැරඹීමට හැකි වේලාවන් සහ විස්තර:
* පාසල් ළමුන්ට මෙන්ම ඕනෑම අයෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹිය හැකියි.
* සඳුදා සිට සිකුරාදා දක්වා (පෝය සහ බැංකු නිවාඩු දිනවල වසා ඇත).
කෞතුකාගාර සහ ව්‍යවහාර මුදල් කවුළුව (සමරු කාසි නිකුත් කරන ස්ථානය): ප.ව. 5.00 දක්වා විවෘතයි.
මීට කලින් මේ ස්ථානය ගැන පෝස්ට් දාලා තියනවා මම දැකලා නෑ.. ඉතින් පහල තියන කෙටි වීඩියෝවත් බලන්න.
ඉතින් ඊළඟ වතාවේ කොළඹ කොටුවේ යනවා නම්, මේ අපූරු තැනට ගිහින් බලන්න..
* විනාඩි 1 ක කෙටි වීඩියෝව බලන්න : https://youtu.be/4LGRA2EQYP4
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. 50,000+Followers ! මේ Page එක බලන්න. Follow කරන්න..
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

🧳 පිරිමින්ට වඩා කාන්තාවන් සංචාරයට මෙතරම් ලැදි ඇයි? ✈️💃වර්තමාන පර්යේෂණ දෙස බැලීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් සංචාරය කිරීමට...
22/06/2026

🧳 පිරිමින්ට වඩා කාන්තාවන් සංචාරයට මෙතරම් ලැදි ඇයි? ✈️💃

වර්තමාන පර්යේෂණ දෙස බැලීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් සංචාරය කිරීමට (විශේෂයෙන්ම Solo Travel හෝ Girls' Trips) වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. මේකට බලපාන ප්‍රධානතම හේතු කිහිපයක් මෙන්න...

✈️ 1. අත්දැකීම්වලට වැඩි වටිනාකමක් දීම.
බොහෝ කාන්තාවන් භෞතික දේවල්වලට වඩා මතකයන් සහ අත්දැකීම්වලට වැඩි වටිනාකමක් දෙන බව පර්යේෂණවලින් පෙනෙනවා.

🌍 2. ස්වාධීනත්වය සහ ආත්ම විශ්වාසය වැඩි කරගැනීම.
Solo Travel හෝ Girls' Trips මඟින් තමන්ටම තීරණ ගැනීම, අලුත් පරිසරයන්ට හැඩගැසීම සහ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමේ අවස්ථාව ලැබෙනවා.

📸 3. සමාජ මාධ්‍යවල බලපෑම (Social Media Influence)
Instagram, Facebook සහ Pinterest වැනි මාධ්‍ය හරහා දකින සුන්දර සංචාරක සේයා රූ මෙන්ම, ලෝකය වටා සිටින කාන්තා සංචාරක එකමුතු (Female Travel Communities) මඟින් ලැබෙන පෙළඹවීම සහ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය මෙයට ලොකු රුකුලක් වී තිබෙනවා.

👭 4. මිතුරියන් සමඟ ගුණාත්මක කාලය ගත කිරීම.
Girls' Trips අද ජනප්‍රිය සංස්කෘතියක් වෙලා. කාන්තාවන් තමන්ගේ සමීපතම මිතුරියන් සමඟ "Girls' Trips" යෑමට දක්වන්නේ පුදුම උනන්දුවක්. මිතුරියන් සමඟ මතකයන් නිර්මාණය කිරීම බොහෝ දෙනෙකුට වැදගත්.

🧘 5. මානසික නිදහස සහ විවේකය (Stress Relief & Mental Wellness).
සංචාරය මානසික ආතතිය අඩු කිරීමට, දෛනික රටාවෙන් මිදීමට සහ නව ශක්තියක් ලබාගැනීමට උපකාරී වෙනවා. නිවස පාලනය කිරීම, රැකියාව සහ පවුලේ වගකීම් එක්ක කාන්තාවන් අධික ලෙස මානසිකව වෙහෙසට පත්වෙනවා. පර්යේෂණවලට අනුව කාන්තාවන් සංචාරය තෝරාගන්නේ මේ එදිනෙදා "Mental Stress" එකෙන් මිදී මනස සැහැල්ලු කරගැනීමේ ක්‍රමවේදයක් (Self-care) විදිහටයි.

💼 6. ආර්ථික ස්වාධීනත්වය වැඩිවීම
වර්තමානයේ අධ්‍යාපනික සහ වෘත්තීය මට්ටමින් ඉහළ තැන්වල සිටින කාන්තාවන් බහුලයි. තමන් උපයන මුදලින් තමන් කැමති පරිදි සංචාරය කිරීමට තරම් ඔවුන් අද මූල්‍යමය වශයෙන් ශක්තිමත්.

🛍️ 7. සාප්පු සවාරි (Experiential Travel & Shopping):
විවිධ රටවල ආහාර වර්ග රස බැලීම, දේශීය කලාවන් අත්විඳීම, ඡායාරූප ගැනීම සහ සාප්පු සවාරි (Shopping) යෑම වැනි දේවල්වලට පිරිමින්ට වඩා කාන්තාවන් තුළ සහජ උනන්දුවක් පවතිනවා.

⚠️ කෙසේ වෙතත්, "කාන්තාවන් පිරිමින්ට වඩා සංචාරය කරයි" කියන එක සියලුම රටවල හෝ සියලුම තත්ත්වයන්ට අදාළ සත්‍යයක් නොවේ. නමුත් සංචාරක කර්මාන්තයේ දත්ත අනුව කාන්තාවන්, විශේෂයෙන් Solo Travel සහ Group Travel අංශවල, වැඩි වශයෙන් නියෝජනය වන ප්‍රවණතාවක් දැකිය හැකිය.

* Solo Travel King මේ පේජ් එකෙත් 50,000+ Followers ගෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් ඉන්නේ.
* මේ ගැන ඔබේ අදහස් කොමෙන්ට් කරන්න...

කතරගම සංචාරය  ~ 2026-06-11මම සෑම වසරකට වරක්ම යන වන්දනා ගමන් 3 ක් තියනවා. ඒ දළදා මාළිගාව, අනුරාධපුර හා කතරගම. ඉතින් පසුගි...
11/06/2026

කතරගම සංචාරය ~ 2026-06-11
මම සෑම වසරකට වරක්ම යන වන්දනා ගමන් 3 ක් තියනවා. ඒ දළදා මාළිගාව, අනුරාධපුර හා කතරගම. ඉතින් පසුගිය වසරේ ජනවාරි මාසයේ තමයි අන්තිමට කතරගම ගියේ. මේ වසරේ මේ සතියෙ කතරගම යන්න හිතා ගෙන ඊයේ (10) හවස 1315 lk මොබයිල් ඇප් එකෙන් දිනපතා උදේ 7 ට කඩවත-කතරගම හයිවේ එකේ යන සීටීබී බස් එකේ සීට් එකක් බුක් කලා. බස් ටිකට් එකේ මිල රු.2110 + සේවා ගාස්තුත් අතුලත්ව රු.2243.31/- මුදලක් මම බැංකු කාඩ්පතෙන් ගෙව්වා. ඉතින් අද (11) උදේ 5.15 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් කිරිබත්ගොඩ බැස්සා. කිරිබත්ගොඩින් උදේට කෙටි කෑමක් කෑවා. මගදි කන්නත් ගත්තා. බස් එකක ඇවිත් උදේ 6.15 ට කඩවත බැස්සා. හයිවේ බස් නවතන තැනට ගියා. කතරගම යන සීටීබී බස් එක උදේ 6.35 ට විතර ආවා. බස් එකට නැගලා මම වෙන් කරලා තිබ්බ අංක 20 සීට් එකේ වාඩි උනා. පැය 4 ක එක දිගට ගමන් කරන නිසා, බස් එකෙන් බැහැලා වොශ් රූම් පැත්තෙත් ගිහින් ආවා. රු.20 ක් අය කරනවා. බස් එක උදේ 7.05 ට පිටත් වුනා. උදේ 9.45 ට මාගම්පුරින් බස් එක හයිවේ එකෙන් එලියට ආවා. 9.55 ට හම්බන්තොට බස්ටැන්ඩ් එක, 10.30 ට තිස්සමහාරාම පහු කරන් බස් එක 10.55 ට කතරගම බස්ටැන්ඩ් එකට ආවා. මම පාර පැනලා පයින් ගිහින් 11.10 විතර දේවාල භූමියට ලගට ආවා. පාවහන් තබන ස්ථානයට මගේ සපත්තු බාර දුන්නා. දේවාල භූමියට ඇතුල් වෙලා අෂ්ටපල බෝදිධිය, දේවාලය වැද පුදා ගත්තා. ඊට පස්සේ කිරිවෙහෙර ට පයින් ගිහින් කිරිවෙහෙර වැන්දා. පඩුරු දැම්මා. ආධාරයකුත් කරලා ආපහු දේවාල භූමියට ගිහින් හිටියා. ඊට පස්සේ මැනික් ගග ලගට ආවා. එතනත් ටික වේලාවක් ගත කලා. ඊට පස්සෙ රස කැවිලි කඩ වෙත ගිහිල්ල ගෙදර අරන් යන්න රස කැවිලි කීපයකුත් මිලදී ගත්තා. ඊට පස්සේ එතන තිබ්බ අවන්හලකින් දවල්ට කෑවා. ටික වේලාවක් කතරගම අවට ඇවිද්දා. අද මම වැඩහිටි කන්ද හා සෙල්ල කතරගම පැත්තේ යන්නෙ නෑ. වසර කීපයකට වරක් තමයි ෆුල් ටුවර් එකක් යන්නේ. එහෙම ගිය ගමන් ගැන පේජ් එකේ තියනවා. නැත්නම් වසරක් පාසා කිරිවෙහෙර, බෝධිය හා දේවාලය විතරක් වැදලා දවසින් එන්න යන්නෙ... ඉතින් ඊට පස්සේ කතරගම බස් ටැන්ඩ් එකට ආවා. මාතර යන බස් එකක් තිබ්බා ඒකෙ නැග්ගා. රු.520 ක ටිකට් ගත්තා මාතරට. පැය 3 යි විනාඩි 30 ගමනකින් පසු බස් එක මාතර බස් ටැන්ඩ් ආවා. මම බැහැලා හයිවේ බස් නවත්වන තැනට ගියා. කඩවත යන බස් එකට නැගලා වාඩි උනා. බස් එක පිට වුනා. රු.1210 ක ටිකට් ගත්තා. රාත්‍රී 7.30 ට බස් එක කඩවතට අවා. බැහැලා තව බස් එකක ඇවිත් කිරිබත්ගොඩ බැහැලා තවත් බස් එකක් ඇවිත් රාත්‍රී 8 වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේ මේ සටහන බස් එකේදිම ලිව්වා.

* මම ගොඩක්ම වේලාවට කතරගම ගිහින් තියෙන්නේ කඩවතින් හයිවේ හරහා මාතරට බස් එකක ඇවිත්, මාතර ඉදලා සාමාන්ය බස් එකක කතරගම ඇවිල්ලා තමයි. කතරගම පැත්තේ අනෙකුත් ස්ථානවලට යනව නම් මම කලින් දා රාත්‍රී කොළඹින් බස් එකක ඇවිත් පහුවදා පාන්දර කතරගමට ඇවිල්ලා තමයි ගිහින් තියෙන්නෙ.

* දැන් කොළඹින් හා කඩවතින් කෙලින්ම හයිවේ යන කතරගම බස් තියනවා. ඉක්මනින් යන්න පුලුවන්. එහෙම කලින් ගිහින් නැති කෙනෙක් ඉන්නවනම් බස් එකේ වම් පැත්තෙ වාඩි වෙලා යන්න. මාතර පහු උනාම හයිවේ එක හරි ලස්සනයි. කුඹුරු යායවල්. කදු, කැලෑවල් ආදී ඉතාමත් ලස්සන පරිසරයක් බස් එකේ යද්දි බලා ගන්න පුලුවන්. කාර්, වෑන් වල යද්දි දකිනවට වඩා, හයිවේ එකේ යන බස් උස නිසා හොදට පේනවා.
* විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න : https://youtu.be/6GZpg_vFjq0
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* කඩවත - කතරගම Highway Bus : පැය 04 | ටිකට් රු.2110/-
* කතරගම - මාතර Normal Bus : පැය 03 | රු.520/-
* මාතර - කඩවත Highway Bus : පැය 02 | රු.1210/-
* වියදම : රු.4700 ක් විතර
අධිවේගී හරහා යන කතරගම බස් කීපයක් ගැන..
කඩවතින් උදේ 7 ට , හවස 3 ට (සීටීබී)
කතරගමින් කඩවතට උදේ 6.55 හා හවස 3 ට (සීටීබී)
මාකුඹුරෙන් උදේ 6 ට (සීටීබී)
කතරගමින් මාකුඹුරට දවල් 12.30 හා සවස 3 ට (සීටීබී)
කොළබින් රාත්‍රී 7.30 ට කතරගමට (ප්‍රයිවෙට් බස්)
තවත් ප්‍රයිවෙට් බස් ඇත
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. 50,000+Followers ! මේ Page එක බලන්න. Follow කරන්න..
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Katharagama , Kataragama, Kirivehera,Ruhunu Maha Kataragama Dewalaya

උතුවන්කන්ද සරදියෙල් ගම්මානය | 2026 ජූනි 03 බදාදාසරදියෙල් ගම්මානය බලන්න මම මීට කලින් 2016 වසරෙත් ගිහින් තිබුනා. ඉතින් ඊට ...
03/06/2026

උතුවන්කන්ද සරදියෙල් ගම්මානය | 2026 ජූනි 03 බදාදා
සරදියෙල් ගම්මානය බලන්න මම මීට කලින් 2016 වසරෙත් ගිහින් තිබුනා. ඉතින් ඊට පසුත් මේ ගම්මානයට තව අලුත් දේවල් එකතු කරලා තිබෙනවා. ඉතින් ආපහු මේ ගම්මානය පැත්තේ යන්න හිතුවා. උදේ 6.45 ට විතර කිරිබත්ගොඩට ඇවිත්, කෙටි කෑමක් කාලා බස් හෝල්ට් එකේ හිටියා. උදේ 7 ට ආව මහනුවර යන බස් එකක නැගලා වාඩි උනා. රු.330 ක ටිකට් ගත්තා මාවනැල්ලට, කෑගල්ල පහු උනාම ගූගල් මැප් බලන්, උදේ 9.15 ට උතුවන්කන්ද හන්දියෙන් බැස්සා . ඊට පස්සේ ආපස්සට ටික දුරක් පයින් ගියාම සරදියෙල් ගම්මානයට යන පාර තියනවා. එතන බෝඩ් එකකුත් ගහලා තියනවා. එතැන ඉදලා කි.මි 1 ක විතර දුරක් තියෙන්නේ. ලස්සන වෙල් යායක් පහු කරලා මම දිගටම පයින් ගියා. ඈතින් සූර සරදියෙල් සැගව හිටිය උතුවන්කන්ද පේන්න තිබෙනවා. වෙල් යාය පහු උනයින් පස්සේ කදුකර පාරක යන්න තියෙන්නෙ.. ඉතින් මෙහෙම පයින් ගිහින් විනාඩි 15 කින් විතර මම සරදියෙල් ගම්මානයේ ටිකට් කවුන්ටරය ලගට ගියා. රු.160 ක ටිකට් එකක් අරන් ඇතුල් වෙලා, ගම්මානය පුරාම ඇවිද්දා, සරදියෙල් වාසය කරන කාලෙයේ තිබුනු ගැමි පරිසරය / සරදියෙල් ජීවත් ව සිටි කාලයේ සිදු වුන සත්ය සිදු විම් කීපයකුත් තමයි මෙහි ප්‍රතිමා විදිහට සකස් කරලා තියෙන්නෙ. මේවා ගැන සියලුම විස්තර කිරීම් ලබා දීමටද එහි නිලධාරිනියන් ඉන්නවා. පහත වීඩියෝව බලන්න සියලුම දේවල් බලා ගන්න පුලුවන්. පාසැල් යන ළමුන්ට ගොඩක් වැදගත් ස්ථානයක් මේ ගම්මානය. අපේ පැරණි ගම ගැන තොරතුරු දැක ගන්න පුලුවන්. මේ ගම්මානයේ අග කොටසේ රිසෝට් එකක් තිබෙනවා. ඊට එහා කන්ද උඩ අලුතින් ඉදි කරලා තියන පිහිනුම් තටාකයක්ද සහිත ඉතා ලස්සන ස්ථානයක් තිබෙනවා. ඒතනට උතුවන්කන්ද හා ඒ අවට ඉතාමත් ලස්සනට පේනවා. ඉතින් දවසක් ගත කරන්න හොද ලස්සන තැනක්... ඉතින් ළමා, වැඩිහිටි පවුලේ ඔක්කොම එක්ක මේ සරදියෙල් ගම්මානය පැත්තේ ගිහින් බලන්න.
* විනාඩි 15 ක වීඩියෝව බලන්න : https://youtu.be/ajbsNsdu5MM
* කිරිබත්ගොඩ - මාවනැල්ල (බස්) = රු.330 | පැය 2 යි. විනාඩි 15 යි.
* උතුවන්කන්ද හන්දිය - සරදියෙල් ගම්මානය (පයින්) = විනාඩි 15-20
* ටිකට් වැඩිහිටි = රු.160/-
* ටිකට් ළමා = රු.80/-
* විදේශිකයන්ට = රු.1000/- & 500/-
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න..
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Saradiel Village-Uthuwankanda-Mawanella

29/05/2026
වැස්ස නිසා මේ සතියේ කිසිම සංචාරයක නිරත වුනේ නෑ.. ඉතින් මීට මාස ගනනකට කලින් ගිය, මට විශේෂ වූ සංචාරයක් නැවත පෝස්ට් කලා.. *...
27/05/2026

වැස්ස නිසා මේ සතියේ කිසිම සංචාරයක නිරත වුනේ නෑ.. ඉතින් මීට මාස ගනනකට කලින් ගිය, මට විශේෂ වූ සංචාරයක් නැවත පෝස්ට් කලා.. * මෙහි බස් ගාස්තු විතරයි වෙනස් වෙන්නේ.
---------------------------------------------
යාපනය සංචාරය | 2025-09-07 ඉරිදා
මේ මාසයේ මුල් සතියෙම යාපනය පැත්තේ ඇවිදලා එන්න හිතාගෙන පහුගිය මාසයේදීම කන්කසන්තුරේ නයිට්මේල් හි 2 වන පංතියේ ට්‍රේන් ටිකට් එකක්, රේල්වේ වෙබ්සයිට් එකෙන් බුක් කලා. රු.1995 ක් ඒ සදහා වැය වුනා. ඉතින් මේ මාසයේ 6 වැනි සෙනසුරාදාට තමයි බුකින් දාලා තිබ්බෙ. මම මීට අවුරුදු 10 කට කලින් යාපනය පැත්තේ ඇවිදලා තිබ්බා. ඊට පස්සෙත් ඩෙල්ෆ්ට්/නාගදීපය යන්න යාපනයට ඇවිත් ඒ හරහා ගියා. ඉතින් පහුගිය සෙනසුරාදා(06) හවස 5 ට ගෙදරින් පිටවෙලා බස් එකේ ගිහින් හවස 6.30 ට කොටුව ස්ටේශන් එක ලගට ආවා.7 ට විතර ස්ටේශන් ලග කඩයකින් රෑට කෑවා. ඊට පස්සේ ස්ටේශන් එක ඇතුලට ගිහින් ඇවිද ඇවිද හිටියා. රාත්‍රී 7.30 ට කෝච්චිය මොරටුවේ සිට කොටුව ස්ටේශමේ 4 වැනි වේදිකාවට ආවා. මම කෝචිචියේ පිටුපසම තිබ්බ 2 වන පංතියේ බුකින් සීට් එක හොයන් ගිහින් වාඩි උනා. මට වින්ඩෝ සීට් එකක් නම් ලැබුනේ නෑ. හරියට 8 ට කෝච්චිය පිටවුනා. රාගම, ගම්පහ ,වේයනගොඩ හා අතර ස්ටේශන් වල නවතා දිගටම ගියා. පසුදා(07) පාන්දර 12.10 ට අනුරාධපුර නැවැත්තුවා. ඒ වේලාවේ වින්ඩෝ සීට් එකේ හිටිය කෙනා බැස්ස නිසා මට වින්ඩෝ සීට් එක ලැබුනා. ඔහු හැම පෝයටම අනුරාධපුරට එනවලු. ඔහු සමග මගදි කථාකරමින් ගියේ. පාන්දර 12.25 ට ආපහු අනුරාධපුරෙන් කෝච්චිය පිටත් වුනා. වව්නියා, කිලිනොච්චි, අලිමංකඩ ඇතුලු ස්ටේශන් රැසක කෝච්චිය නවත්වලා පාන්දර 4.20 ට යාපනය ස්ටේශමට ආවා. ස්ටේශමේ විවේකාගාරයට ගිහින් මුහුණ කට හෝදා ගත්තා. වොශ් රූම් ගියා. එලිය වැටෙනකන් ස්ටේශමේ වාඩි වෙලා හිටියා. තවත් කට්ටියත් හිටියා. උදේ 5.35 ට ස්ටේශමේ කැන්ටිමෙන් රු.300 ට රසවත් බිත්තර බත් කෑම එකක් කෑවා. 6 ට විතර ස්ටේශමෙන් එලියට ඇවිත් ගූගල් මැප් බලන් පයින්ම මුලින්ම නල්ලූර් කෝවිල බලන්න ගියා. ස්ටේශමේ සිට නල්ලුර් කෝවිලට කි.මි 2 ක විතර දුරක් තියෙන්නෙ. 3වීල් වලත් යන්න පුලුවන්. ගනන්ලු. මම පයින්ම ගියා. විනාඩි 30 කින් විතර යන්න පුලුවන්. නල්ලුර් කෝවිල භූමියට ඇතුල් වුනා. කෝවිලේ ප්‍රධාන දොර වහලා තිබ්බෙ. කීපදෙනෙක් වාඩි වෙලා වන්දනා කරමින් හිටියේ. ටික වේලාවක් එහි ගත කරලා. එතන ඉදලා කි.මි 1 ක් දුරින් තියන, සංගිලියන් රජුගේ මන්ත්‍රී මන්දිරය බලන්නත් ගියා. මේ ගොඩනැගිල්ල මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කරලා තියෙන්නෙ. මෙම මන්දිරය යාපනයේ අවසාන ප්‍රාදේශීය රජු වූ සංගිලි රජුගේ මාලිගාවේ කොටසක් ලෙසත් කියනවා. වෙඩින් කපල් එකක් පොටෝ ගන්නත් එවෙලෙ ආවා. ඊට පස්සේ එතනින් පාරට ඇවිත් ආපහු ආපු පාරෙම ටික දුරක් ගිහින් වමට ඇති අතුරුපාරක ගිහින් යමුනා පොකුණ බලන්න ගියා. ජනප්‍රවාදයට අනුව, රාජකියයන්ගේ ප්‍රභූවරුන්ගේ දියණියන් විවාහ වීමට පෙර ශුද්ධිකරණ ස්නානය කිරීමට මෙම පොකුණ භාවිතා කලාලු. ඊට පස්සේ ප්‍රධාන පාරට ඇවිත් පයින් ගිහින් පාර අයිනේ තියන සංගිලි රජතුමාගේ ප්‍රතිමාව ලගත් නැවතිලා ආපහු ගියා. ඊට පිටුපසින් වූ නටඹුන් ටිකකුත් බැලුවා. ආපහු ආපු පාරෙම ගියා. මගදි රියෝ අයිස්ක්‍රීම් නම් ප්‍රසිද්ධ තැන ලගටත් ගියත්, එවෙලේ එය විවෘත ව තිබුනේ නැති නිසා අයිස් ක්‍රීම් කන්න නම් බැරි උනා. නැවතත් පයින් ගියා. කලින් වහලා තිබ්බ නල්ලූර් කෝවිලේ දොරවල් ඇරල පූජා පවත්වනවත් දැක්කා. ඊට පස්සේ ඒ පාරේ තියන ශ්‍රී නාග විහාරයත් ගිහින් වැදලා ආවා. නැවත ස්ටේශම ලගට ගිහින් ගූගල් මැප් එක බලන් එතැන සිට කි.මි 1.4 ක් දුරකින් වූ ප්‍රසිද්ධ යාපනය පුස්ථකාලයට ගියා. අද පෝය දවස්ක් නිසා එය වහලා තිබුනත්, ආරක්ෂක නිල්ධාරියාගෙන් අහලා ගේට්ටුවෙන් ඇතුල් වෙලා පුස්ථකාලයට ඉදිරිපස කොටසේ ඇවිදලා ආවා. ඊට පස්සෙ එතනින් පිට වෙලා එතැන් සිට මීටර 450 ක් දුරින් වූ යාපනය ලන්දේසි කොටුව බලන්න ගියා. රු.60 ක ටිකට් එකක් අරන් අක්කර 62 ක් විශාල කොටුව පුරාම ඇවිද්දා. ලස්සන තැනක්. එක් පැත්තකින් මුහුදත් තියනවා. මෙය ක්‍රි.ව 1619 පෘතුග්‍රීසීන් හදලා පස්සේ ලන්දේසීන් අල්ලා ගෙන සම්පූර්නයෙන්ම යුද කටයතුවලට විතරක් යෝදා ගෙන තියෙන්නෙ. පසුව ඉංග්‍රීසීන් අල්ලා ගෙන. ඉතින් වැඩි වේලාවක් මෙහි ගත කරලා ආපහු පාරට ඇවිත් කි.මි 1 ක් විතර දුරින් තියන යාපනය මාකට් එක පැත්තේ ඇවිද්දා. ගෙදරට යාලුවන්ට දෙන්න රසකැවිලි පැකට් කීපයකුත් මිලදී ගත්තා. ඊට පස්සේ ලග හෝටලයකින් දවල්ට කෑම කෑවා. මීට කලින් නාගදීප, ඩෙල්ෆ් වලටත් ගිහින් තිබ්බ නිසාත් අදම ගෙදර යන්න ඕන නිසා වෙන සංචාර යන්නෙ නැතුව බස් ටෑන්ඩ් ගිහින් ආපහු කොළඹ එන්න බස් හෙව්වා . එවෙලෙ කොළඹ යන බස් හොයා ගන්න බැරි වුන නිසාත්, බස් ගොඩක් හවස් වෙලා යන නිසා, වව්නියා යන බස් එකක නැග්ගා. වව්නියාව කිට්ටුවදි කොළඹ යන වෙනත් බස් බස් එකක නැගලා රාත්‍රී 10 ට විතර කිරිබත්ගොඩ බැහැලා, 3වීල් එකකින් ගෙදර ආවා. *හවස 2.15 ට යාපනය කොළඹ සීටිබී බස් එකක් තියනව. ඊට පසුත් බස් තියනවා. කෝච්චියේම එනවනම් හවස 2.15 ට ඒසී ඉන්ටසිටි කෝච්ච්යෙත් , රාත්‍රී 8.35 කෝච්ච්යෙත් කොළඹ එන්න පුලුවන්.. දකුනේ ඉදලා බොහෝ අය සති අන්තවල , නිවාඩු දිනවල යාපනයට එනවා. යාපනයේ ටවුම බොහෝ අයට සාමන්යෙන් සිංහල කථා කරන්නත් පුලුවන්. මම නම් යන ස්ථානවල පාරවල් කාගෙන්වත් ඇහුවේ නෑ.. 100% ගූගල් මැප් එකෙන් බලාගෙන තමයි ඇවිදගෙන ගියේ... වෙනදා වගේම මේ සටහන බස් එකේ එද්දිම ලිව්වා..මේ ගමනේ විනාඩි 12 ක කෙටි වීඩියෝවත් අනිවාර්යෙන්ම බලන්න. ලින්ක් එක පහල...
* කෙටි වීඩියෝව.. : https://youtu.be/6PJnf4lEtts
*කොළඹ කොටුව ස්ටේශම -> යාපනය ස්ටේශම (රාත්‍රී තැපැල් දුම්රිය) : පැය 8 යි. විනාඩි 20 යි | 1 st Class Rs.2800/- , 2 nd Class Rs.1900/ (Booking)- (Normal) Rs.1150/- , 3 rd Class Rs.580/-
* යාපනය කොටුව : ටිකට් වැඩිහිටි රු.60 | ළමා රු.25 | විදේශීය USD 5, 2.5
* යාපනය - කොළඹ : සීටීබී බස් : රු.1371/- | පැය 10
* වියදම : Rs.5625/- *දුම්රියේ 3 පංතියේ යෑමෙන් හා සාමාන්ය සීටීබී බස් වල යෑමෙන් මෙම වියදම මීට වඩා අඩු කර ගන්න පුලුවන්.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න..
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Jaffna Tour - 2025

“Solo Travel King” පේජ් එක 50,000 Followers පසු කළා! ❤️✈️මගේ travel journey එක එක්ක දිගටම හිටපු, like/comment/share කරපු...
17/05/2026

“Solo Travel King” පේජ් එක 50,000 Followers පසු කළා! ❤️✈️

මගේ travel journey එක එක්ක දිගටම හිටපු, like/comment/share කරපු, message එකකින් හරි support කරපු හැමෝටම ස්තූතියි 🙏🥹

තනියම පටන් ගත්ත මේ ගමන අද 50K family එකක් වෙලා. 🌎
ලස්සන ස්ථාන, කඳු , මුහුදු , පන්සල්, පිටරට සවාරි, airports, lonely roads… මේ හැම මොහොතක්ම ඔයාලා එක්ක share කරගන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි 📸✨ දිගටම රැදී සිටින්න 👉

❤️ 50,000 hearts.
🌍 One journey.
👑 Solo Travel King.

රිච්මන්ඩ් කාසල් මන්දිරය | Richmond Castle | 2026-05-07ශ්‍රී ලංකාවේ ලොකුම මන්දිරය.. ශ්‍රී  ලංකාවේ ටජ්මහල.. ලෙස හදුන්වන, ශ...
07/05/2026

රිච්මන්ඩ් කාසල් මන්දිරය | Richmond Castle | 2026-05-07
ශ්‍රී ලංකාවේ ලොකුම මන්දිරය.. ශ්‍රී ලංකාවේ ටජ්මහල.. ලෙස හදුන්වන, ශෝකාන්ත කථාවකින් අවසන් උන.. මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න මම 2016 වසරෙදිත් ගිහින් තිබුනා... ඉතින් පසුගිය දවසක මම ආපහු මේ මන්දිරය බලන්න ගියා.. බම්බලපිටියට ආව දවසක උදේ 8.20 ට ආව අලුත්ගම යන බස් එකක නැගලා රු.170 ක් ටිකට් අරන් උදේ 9.45 ට කලුතර බෝධිය ඉස්සරහින් බැස්සා. ඉස්සරහට ටික දුරක් පයින් ගිහින් මේ මන්දිරයට යන පාරට ගිහින් හෝල්ට් එකේ හිටියා බස් එකක් එනකන්. ගොඩක් අය 3වීල් වල ගියා.. විනාඩි 30 ක් හිටියම බස් එකක් ආවා.. ඒකත් මගින් හැරෙන බස් එකක්. ඒකෙ නැගලා රු.30 ක ටිකට් අරන් මගින් බැහැලා කි.මි 1.5 ක් විතර පයින් ගියා. උදේ 10.55 ට විතර මේ මන්දිරයට පිවිසෙන තැනට ආවා. එතැනම ටිකක් කවුන්ටරේ තිබ්බා. රු.100 ක ටිකට් එකක් අරන් පාරක් දිගේ දිගටම පයින් ගියා.. මේ මන්දිරය ප්‍රධාන පාරට පෙනෙන්නේ නෑ. ඇතුලට වෙන්න තියෙන්නෙ... පොල් වත්තක්, ගස් කොලන් ඇති පාර දිගේ ගිහින්, 11.05 ට විතර මන්දිරය ඉදිරියටම ආවා.. ඊට පස්සෙ මන්දිරයට ඇතුල් උනා.. පොටෝ, වීඩියෝ ගැනීම තහනම් කරලා නිසා, මන්දිරය ඇතුලත වීඩියෝ ගත්තේ නෑ.. මම කලින් ගිය කාලෙනම් එහෙම තහනමක් තිබුනෙ නෑ... වටේ ගත්ත වීඩියෝව පහල ලින්ක් එකෙන් බලන්න. පහල මහලේ මේ මන්දිරයේ ජිවත් වූවන්ගේ පරන පොටෝ බලා ගන්න තියලා තිබ්බා... මන්දිරය පහල මහල පුරාම ඇවිද්දා. දැන් ඉහල මහලට යන්න දෙන්නේ නෑ.. අබලන් නිසා.. මම කලින් ගිය සැරේ නම් ඉහල මහලටත් ගියා... ඉතින් ඇත්තටම පුදුම නිර්මානයක් තමයි මේ මන්දිරය.. ලස්සනයි.. ගිහින් බලන්න... මේ මන්දිරය ගැන විස්තරයක් පහල දාලා තියනවා බලන්න.. ඉතින් මම මේ මන්දිරයේ ඇවිදලා ටික වේලාවක් ගත කරලා, පාරට ඇවිත් 3වීල් එකක ගිහින් කලුතරට ආවේ... මේ පාරේ බස් යන්නෙ කලාතුරකින්. 3 වීල් එකක යන එකයි හොදම. 3වීල් එකට සම්පූර් න මුදලම අපි ගෙවන්න ඔනේ නෑ.. බස් අඩු නිසා මෙහෙ 3වීල් බස් වගේ නිතරම යනවා (මම ලංකාවේ පලමු වරටයි එහෙම දෙයක් දැක්කෙ.) 3 , 4 දෙනෙක් දාගෙන යනවා. එක්කෙනෙක් පොඩි ගානක් ගෙවන්න වෙන්නෙ... මම ගිය 3වීල් එකට මම රු.70 යි ගෙව්වෙ. කි.මි 2-3 ක් වගේ දුරක් ගිහිනුත්. ඉතින් මම කලුතරට ඇවිත් කලුතර බෝධිය වදින්නත් ගිහින්, දවල්ටත් කාලා හෝල්ට් එකට ආවා. ටිකකින් ආව කොළඹ යන බස් එකට නැගලා, වාඩි වෙලා රු.190 ක ටිකට් ගත්තා කොළඹට, ට්‍රැෆික් වලටත් අහුවෙලා පැය 1 යි විනාඩි 45 කින් කොළබට ආවා. තව බස් එකකින් කිරිබත්ගොඩ ඇවිත්, හවස් වෙද්දි ගෙදර ආවා.
* රිච්මන්ඩ් කාසල් මන්දිරය විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න : https://youtu.be/yinm6kWOsGQ
* කලුතර බෝධිය කෙටි වීඩියෝව : https://youtu.be/8-Fhf1ZWWIw
$ ටිකට් : වැඩිහිටි රු.100/- යි | ළමා රු.50/- යි | විදේශිකයන්ට රු.1000/- යි.
# දිනපතා උදේ 8 සිට හවස 4 දක්වා විවෘතව ඇත.
✍️රිච්මන්ඩ් කාසල් මන්දිරය තියෙන මුළු ඉඩම අක්කර 42 යි. මේ මන්දිරය තුල උළුවහු 99 ක්, ජනෙල් 38 ක්, පහත මාලයේ හා උඩු මහලේ වූ කාමර 14 ක් (බිම් මහලේ කාමර 5ක්, කන්තෝරු කාමර 2 ක්ද, පින්තූර කාමරයක් හා නැටුම් ශාලාවක් වේ. අමතරව පෝටිකෝවක්, බැල්කනියක්, මැද සාලයක් හා මැද මිදුලක්වේ. උඩුමහලේ කාමර 6ක්, නාන කාමර සහිත වැසිකිලි 4 ක්, බැල්කනියක් වේ.
✍️කළුතර දීසාව භාරව සිටි මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා විසින් හදපු මන්දිරයක්.
✍️ඉදිකිරීම් වෙනුවෙන් සමහර අමුද්‍රව්‍ය විදේශ රටවලින් ගෙනත් තියෙන්නේ.
✍️කලු ගඟ, මුහුද වගේම , කලුතර බෝධියත් පෙනෙන අයුරින් සකස් කරලා තියෙන්නෙ.
✍️මන්දිරය ට ගෙවැදීම, 1910 වර්ෂයේ මැයි 10 වන දින පැවැත්වූ මුදලිතුමා + මැටිල්ඩා සූරියබණ්ඩාර විවාහ මංගල්‍යය සමගම සිදු වුනේ.
✍️දැන් මේ මන්දිරය මහා බාරකරුගේ පාලනයේ තියනවා.
✍️චිත්‍රපට, ටෙලි නාට්‍ය ගණනාවකටමත් පසුතලය ලෙස මේ මන්දිරය අරන් තියනවා.
✍️දැන් මේ මන්දිරය ළමා සුභසාධන කටයුතු වලට වෙන් වෙලා තියෙන්නේ.
✍️මේ මන්දිරය ඉදිකිරීමට හේතුව : ආතර් ද සිල්වා තරුණයා, කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර විවාහ කර ගන්න කැමති වෙනවා.. එත් තරුණියගේ පාර්ශවය ආතර් ද සිල්වා ගේ වත් පොහොසත් කම ප්‍රමාණවත් නැහැ කියලා අකමැති වෙනවා. ඉතින් ඉන්දියාවේ සංචාරයකදී මහා රජා කෙනෙකුගේ මහා මන්දිරයක් නරඹන්න ආතර් ද සිල්වාට පුලුවන් වුනා. එම මන්දිරයේ සැලැස්ම මහා රජාගෙන් ඉල්ලුවත් දෙන්නෙ නෑ., ලංකාවට ආපු ගමන් ආතර් ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියො දෙදෙනෙක්ව ඉන්දියාවට යවල, මහාරාජා මන්දිරය බලාගෙන ඇවිත් තමයි රිච්මන්ඩ් කාසල් නමින් මහා මන්දිරය හැදුවේ. මන්දිරය දැකලා සූරිය බණ්ඩාර, තම දියණිය ආතර්ට විවාහ කර දෙන්න කැමැති වුනාලු.
✍️මන්දිරය විවෘත කරන්න එන්න කියල මහාරාජට ආරාධනා කරලා. ඔහු දෑස් අදහගන්න බැරුව මාලිගාව දිහා බලාගෙන ඉන්න පින්තූර අදටත් මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය ඇතුළේ තියනවා.
✍️මේ මුලු මන්දිරයම ස්වභාවික වායුසමීකරණ පද්ධතියක් තිබුනලු. වැසි ජලය බට තුළ එකතු කරලා බිත්ති තුළින් යන විදිහකට වායුසමීකරණ පද්ධතිය වැඩ කරනවා.
✍️ දරුවන් නැතිකම නිසා මුදලිතුමා සහ එම මැතිණිය කණගාටුවෙන් හිටිය නිසා හෝ බිරිද මන්දිරයේ සේවකයකු සමග තිබ්බ අනියම් සම්භන්ධය ගැන ගැන කථාවක් නිසා හෝ ආතර් මුදලිතුමා සියලු සම්පත් අතහැර දමා මන්දිරයටත් බිරිඳටත් සමුදීලා, නිහඬවම නිවසින් පිටවෙලා ගිහින් මහනුවර කුවින්ස් හෝටලයේ 75 වෙනි කාමරය කුළියට ගෙන එහි හුදකලාව ඉදලා 1947 ජූලි 08 වැනිදා මිය ගියාලු🥲
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න..
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Richmond Castle - Kalutara

ගැටබරු රජමහා විහාරය, දෙනියාය පාර | 2026-04-22 බදාදාඅද උදේ 5 ට ගෙදරින් පිටත් වුණා. බස් එකේ ගිහින්  5.30 ට කිරිබත්ගොඩ ආවා....
22/04/2026

ගැටබරු රජමහා විහාරය, දෙනියාය පාර | 2026-04-22 බදාදා
අද උදේ 5 ට ගෙදරින් පිටත් වුණා. බස් එකේ ගිහින් 5.30 ට කිරිබත්ගොඩ ආවා. තවත් බස් එකක ගිහින් කඩවත බැස්සා. හයිවේ බස්ටෑන්ඩ් ආවා. 5.30 ට මාතර යන බස් එක ගිහින් තිබුනා. කෙටි කෑම කීපයක් ගත්තා. මාතර යන බස් එකට ගිහින් වාඩි උනා. බස් එකේදිම කෙටි කෑම කෑවා. බස් එක 6.30 ට පිටත් උනා රු.1210/- ක ටිකට් ගත්තා. උදේ 8.05 ට මාතර නිල්වලා පිවිසුමෙන් බස් එක පිටතට ඇවිත් උදේ 8.30 ට මාතර ටවුමට අවා.බස් ටෑන්ඩ් ගියත් 8.30 ට දෙනියාය යන බස් එක ගිහින්. ආපහු දෙනියාය බස් එක 9.30 ට තියන නිසා, පැයක කාලය අපතේ යන නිසාත් එවෙලෙ අකුරැස්ස යන සීටීබී බස් එකක නැගලා වාඩි උනා. 8.45 බස් එක පිටත් වුනා. රු.130 ක ටිකට් ගත්තා. 9.45 ට බස් එක අකුරැස්ස බස් ටෑන්ඩ් ආවා. බැහැලා එවෙලෙම යන්න හදන දෙනියාය බස් එකේ නැගලා වාඩි උනා. 9.46 ට දෙනියාය බස් එක පිටත් වුනා. රු.198 ක ටිකට් ගත්තා. තේ වතු, කදුකර, වංගුත් ඇති ලස්සන පාරක බස් එක ගියා. ගූගල් මැප් එකත් බලන්, කොන්දොස්තරත් කිව්වම 11.10 ට ගැටබරු පන්සලට යන බස් හෝල්ට් එකෙන් බැස්සා. එතැන ඉදලා පන්සලට දුර කි.මි 1.5 ක් විතර. 3වීල්ත් තියනවා. මම පයින්ම යන්න පටන් ගත්තා. තියුනු වංගු සහිත, දැඩි කදුකර පාරක හෙමින් හෙමින් උඩට ගියා. හරි මහන්සියි. විටින් විට නැවතිලා විවේක ගත්තා. මග විවේක ගන්න ශාලාවක්, දොරක් නැති ටොයිලට් එකක් එහෙම තිබුනා. 11.40 වෙද්දි මම පන්සලට ඇතුල් උනා. ලස්සන පන්සලක්. බුදු මැදුර, වෙහෙර, බෝධියක් තිබුනා. බුද්ධ ප්‍රතිමා කීපයකුත් තිබුනා. පඩිපෙල් නගිමින් උඩටම යන්න පුලුවන්. උඩට ගියාම අවට ලස්සනට පේනවා. සෙනග, කපල් එහෙම ඇවිත් හිටියා. එහි පහලම ඇති දේවාලයේ ගොඩක් සෙනග හිටියා.පන්සල ඇතුලෙන් දේවාල කීපයක්ම තියනවා. පැයක් විතර පන්සලේ ගත කරලා, පහලට යන්න පටන් ගත්තා. පයින්ම ගියේ කන්දක් නැගලා ආව නිසා දැණ් දිගටම පල්ලම තිබුනේ, මහන්සියක් නෑ. වේගයෙන් යන්න පුලුවන් උනා. විනාඩි 15 කින් දෙනියාය පාරට එන්න පුලුවන් උනා. පාර පැනලා බස් හෝල්ට් එකට වෙලා හිටියා. ටිකකින් මාතරට යන සීටීබී බස් එකක් ආවා. ඒකේ නැගලා වාඩි උනා. මාතරට රු.275 ක ටිකට් ගත්තා. අකුරැස්ස බස් ටෑන්ඩ් එකෙත් ටික වේලාවක් බස් එක නවත්වන් ඉදලා ආපහු ගියා. පැය 2 යි විනාඩි 15 ක ගමනකින් පස්සේ බස් එක මාතර බස් ටෑන්ඩ් ආවා. මම බැහැලා පාර පැනලා කඩයකින් දවල්ට කෑම කෑවා.හය්වේ බස් නැවතුමට ගියා. කඩවත යන බස් එක ෆුල් වෙලා එක සීට් එකක් වත් තිබ්බෙ නෑ. ඩ්‍රය්වර් මට ඉස්සරහම අකුලලා තිබ්බ සීට් එකේ කැමතිනම් යන්න කිව්වා. මම හා කියලා ඒකේ නැගලා සීට් බෙල්ට් දා ගත්තා. හොදට බස් එක ඉස්සරහම අසුනේ ඉදලා හයිවේ එකේ ලස්සන බලමින් ගියා. රු.1210 ටිකට් ගත්තා. හවස 6 ට කඩවතට ආවා. පාරට ඇවිත් බස් එකකින් කිරිබත්ගොඩ ආවා.356 බස් එකේ ඇවිත් හවස් වෙද්දි ගෙදර ආවා. * දෙනියාය අවට ලස්සන දිය ඇලි, ස්ථාන කීපයක්ම තියනවා. දෙනියායට පුංචි නුවර එළිය ලෙසත් කියනවා.
*විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න : https://youtu.be/Hzer-MsfSbw
* කඩවත මාතර හයිවේ බස්: ටිකට් රු.1210/- | පැය 02 යි.
* මාතර - අකුරැස්ස බස්: ටිකට් රු.130/- | පැය 01 යි. විනාඩි 25 යි.
* අකුරැස්ස - ගැටබරු පන්සලට යන බස් හෝල්ට් (දෙනියාය බස්): ටිකට් රු.198/- | පැය 01 විනාඩි 25 යි.
* දෙනියාය පාරේ සිට ගැටබරු රජමහා විහාරයට පයින් : Up: විනාඩි 30 යි. Down: විනාඩි 15 යි
* ගැටබරු පන්සලට යන බස් හෝල්ට් - මාතර බස්: ටිකට් රු.275/- | පැය 02 යි. විනාඩි 15 යි.
# ගැටබරු රජමහා විහාරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් අඩි 1500 ක උසකින්. මෙහි ඇති ගැටබරු දේවාලය (රුහුණේ පුංචි කතරගම) ප්‍රසිද්ධයි. රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩවාසය කරන වාසස්ථානය ලෙස සලකනවා.මේ පන්සල තියෙන්නේ පුංචි කඳු ගැටයක් උඩ. පාර අයිනේ තියෙන වාහල්කඩෙන් පඩිපෙළ නැගලා තමයි පන්සලට යන්න වෙන්නේ. එතනට පෙනෙන පරිසරය හරිම ලස්සනයි. එක පැත්තකින් දෙනියාය ගොන්ගල එක්ක රක්වාන කඳු පන්තියත්, අනිත් පැත්තෙන් සිංහරාජ වනාන්තරයත් පේනවා. ඒ වගේම මුළු මොරවක්කෝරළයම මේ කන්දට වටේටම පේනවා.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න..
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Gatabaruwa Raja Maha Viharaya - Deniyaya Road

20/04/2026

"සල්ලි තියෙද්දී යන්න වෙලාව නෑ... වෙලාව තියෙද්දී යන්න සල්ලි නෑ... දෙකම තියෙද්දී යන්න යාලුවෝ නෑ!"
මේ ප්‍රශ්න ඔක්කොටම තියෙන එකම විසඳුම තමයි Solo Travel කරන එක.
ඒ ගැන දැනගන්න අදම Solo Travel King Page එකට එකතු වෙන්න!"

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Solo Travel King posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Solo Travel King:

Share