RInn

RInn The Most Popular Traveling Ideas and RInn booking application

12/07/2024

12/07/2024
SINGLE TREE HILL  ☸️😍නුවරඑලිය යන අයට මිස් වෙන තැනක්. කදු මුදුනක පිහිටල තියෙන ලස්සන තැනක්. මීදුම් වෙලාවක ගියොත් ලස්සන වීව...
11/07/2024

SINGLE TREE HILL ☸️😍

නුවරඑලිය යන අයට මිස් වෙන තැනක්.
කදු මුදුනක පිහිටල තියෙන ලස්සන තැනක්. මීදුම් වෙලාවක ගියොත් ලස්සන වීව් එකක් බලාගන්න පුළුවන් 😍😍

අවසානය හරිම සුන්දරයි.ගමන් මහන්සිය නම් නැති වෙනවා ඒකාන්තයි. ඉතින් යන්න.ලස්සන විතරක් බලලා පරිස්සම් කරලා එන්න.

11/07/2024

Part time job ekak tiyenawa... join wenna kemathi aya comment ekak dagena yanna lamaaaaii 😌

27/05/2024

යන්නම ඕන රටවල් ටිකක් ❤️🥺

සුන්දර අල්ගම 🌅🌾🌼🌈️කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති සුන්දර ගම්මානයක් වන අල්ගම ගම්මානයම හරිම ලස්සන තැන් වලින් පිරිලා. අල්ගම ඇල්ල ...
08/04/2024

සුන්දර අල්ගම 🌅🌾🌼🌈️

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති සුන්දර ගම්මානයක් වන අල්ගම ගම්මානයම හරිම ලස්සන තැන් වලින් පිරිලා.

අල්ගම ඇල්ල මේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරවන්න සමත් වෙලා තියෙනවා. අල්ගම ඇල්ල පිහිටි ස්ථානය තරමක් අසීරු ගමනක්. රබර් වතු යායක් වගේම දුශ්කර ගල් පර්වත කීපයක්ම මේ මාර්ගයට ඇතුලත්. අල්ගම ඇල්ල නාන්න දන්නෙ නැති අයට නම් තරමක් භයානකයි. ඒත් ආරක්ශිතව නාන්න පුලුවන් තැන් කීපයක් තියෙනවා. ගම් වාසීන්ගෙන් උපදෙස් ලබාගන්න එක තමයි හොදම.

කොහොම හරි අවසානය හරිම සුන්දරයි. නිල්ම නිල් පාට සීතලම ජල කදක ආශ්වාදයෙන් ගමන් මහන්සිය නම් නැති වෙනවා ඒකාන්තයි.

ඉතින් යන්න. ඒත් දැනටමත් එතන විනාශ වෙන්න පටන් අරන්. ඒ නිසා ලස්සන විතරක් බලලා පරිස්සම් කරලා එන්න.

07/04/2024

"රන්තැන්න" සංචාරක පාරාදීසය

මහනුවරට ආසන්න වත්තේගම පන්විල හුලුගග ප්‍රදේශයේ, මහනුවර නගරයේ සිට 20km පමණ දුරකින් පිහිටා ඇති මෙම සුන්දර රන්තැන්න සංචාරක පාරාදීසයට ළගාවීමට හුලුගග අලකොළ තේ වතු යාය මාර්ගයේ 10km පමණ ගමන් කළ යුතුය.

මෙම ප්‍රදේශය නකල්ස් රක්ෂිතයට මායිම්ව පවතින නිසාත් ඉතාමත් සංවේදී පරිසර කලාපයක පිහිටා ඇති නිසාත් වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේ.

ඉතිං මේ පරිසර පද්ධතියට කිසිදු හානියක් නොකර පරිසරයේ සුන්දරත්වය විදීමට සංචාරයේදී අප සැම වග බලා ගත යුතුය

RInn ♥️✨

නාවලපිටියේ ගල්පොත්ත 🌤️🌅😍නාන්න යනවා නම් සුපිරි තැනක් නාවලපිටියේ ගල්පොත්ත. ඒ වගේම, මෙතැනට ගිහිං, එතන ඔයාලගෙ මතකයන් විතරක් ...
07/04/2024

නාවලපිටියේ ගල්පොත්ත 🌤️🌅😍

නාන්න යනවා නම් සුපිරි තැනක් නාවලපිටියේ ගල්පොත්ත. ඒ වගේම, මෙතැනට ගිහිං, එතන ඔයාලගෙ මතකයන් විතරක් ඉතිරි කරලා, පරිසරයට කිසිම හානියක් නොකර එන්න.

යන්නම ඕන රටවල් ටිකක් ❤️🥺
03/04/2024

යන්නම ඕන රටවල් ටිකක් ❤️🥺

මීයන් ඇල්ල 👣♥️🐌🌈️🌧️ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ ඉදල වම් පැත්තට 1km ක් දුම්රිය මාර්ගයේ ගියාම තමයි මේ ඇල්ල තියෙන්නේ. මෙතනට ක...
03/04/2024

මීයන් ඇල්ල 👣♥️🐌🌈️🌧️

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ ඉදල වම් පැත්තට 1km ක් දුම්රිය මාර්ගයේ ගියාම තමයි මේ ඇල්ල තියෙන්නේ.

මෙතනට කෝච්චියේ එනවා නම් කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 5.55ට පොඩි මැණිකේ දුම්රියේ නැගලා උදේ 8.00 වෙද්දි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට එන්න පුළුවන්.

බස් එකේ එනව නම් රඹුක්කනට හරි මාවනැල්ලට හරි ඇවිල්ලා රඹුක්කන/මාවනැල්ල බස් එකේ නැගලා අභයරාජරාම විහාරය ළගින් බැහැලා එතන ඉඳන් මාකෙහෙල්වල පාරේ ත්‍රීවීලරයක ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට එන්න පුළුවන්.

ඔයාලත් මේ උමග ඇතුලෙ තියෙන කුහරය ඇතුලට යනවා නම් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සේවකයෙක්ගෙන් දුම්රිය කාල සටහන පිලිබදව දැනුවත් වෙලා යන්න. කුහරය ඇතුලට යනවා කියන්නේ අඩි 6ක් වගේ උඩට ආධාරකයක් නැතුව නගින්න වෙන නිසා සුදුසු ඇදුමක් ඇදගෙන යාමත් ඉතා වැදගත්. ඔයාලගෙ ඇදුම් ජරා වෙන්න පුළුවන්.

සුන්දරත්වය දෑසින් විද රැගෙන යන ටොෆි කොළය පවා මතක ඇතුව නැවත රැගෙන එන්න.

"මල් පුදන ඇල්ල" ❤️වැඩිය ප්‍රසිද්ධ නැති වුණාට, පීනන්න පුලුවන් බැරි ඕනෙ කෙනෙක්ට නාන්න කියාපු තැනක්. ආදරවන්තයින්ට නම් කදිමය...
03/04/2024

"මල් පුදන ඇල්ල" ❤️

වැඩිය ප්‍රසිද්ධ නැති වුණාට, පීනන්න පුලුවන් බැරි ඕනෙ කෙනෙක්ට නාන්න කියාපු තැනක්. ආදරවන්තයින්ට නම් කදිමයි. සතියේ දවස් වල වැඩිය කට්ටිය එන්නේ නෑලු. වැස්ස කාලේට විතරයි මේ විදියට දකින්න පුළුවන්.

සංඛපාල ගල්කොරිය හංදියෙන් ඇතුලට 1KM ට්‍රාන්ස්ෆෝමර් එක ලග පාලමක් එක්ක වමට පාර කන්දෙ උඩහට යන්න ඕනේ.

වහින දවස් වල එන්න. තනියම පාර හොයාගන්න අමාරුයි ටිකක්. ගමේ කෙනෙක්ගෙන් පාර අහගත්තාම ඇල්ල ගාවටම අඩිපාර තියෙනවා.

ඒ වගේම, මෙතැනට ගිහිං, එතන ඔයාලගෙ මතකයන් විතරක් ඉතිරි කරලා, පරිසරයට කිසිම හානියක් නොකර එන්න.

"මිනුවන්ගමුව රජමහා විහාරය" 🙏❤වලස්මුල්ල "මුරැතවෙල" ජලාශය නියඟය නිසා සිදී යාමෙන් පසු මතු වූ වළගම්බා රජ දවස ඉදි කල  "මිනුවන...
12/01/2024

"මිනුවන්ගමුව රජමහා විහාරය" 🙏❤

වලස්මුල්ල "මුරැතවෙල" ජලාශය නියඟය නිසා සිදී යාමෙන් පසු මතු වූ වළගම්බා රජ දවස ඉදි කල "මිනුවන්ගමුව රජමහා විහාරය" තමයි මේ. මාතර, හම්බන්තොට පැත්තේ යනවා නම් ඔයාලටත් මේ තැන බලාගන්න පුළුවන්. හැබැයි මේ දවස්වල ගියාට නම් බලන්න වෙන්නේ නෑ. ජලාශය සිදී යන කාලයට ගියොත් මේ තැනත් බලලා එන්න අමතක කරන්න එපා.

පරිසරයට හානියක් නොවන අයුරින් ඔබ රැගෙන එන සියලුම දේවල් නිසි ලෙස කළමනාකරණය කර පරිසරය සුරැකීමට කාරුණික වන්න.

#වලස්මුල්ල
RInn ♥️✨

Address

Colombo
00600

Telephone

+94704344355

Alerts

Be the first to know and let us send you an email when RInn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RInn:

Share

Category