Rata wate travel

Rata wate travel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rata wate travel, Travel Service, Colombo.

01/01/2023

රවුම් ගහන්න පුළුවන්
නැවුම් වසරක් වේවා!!!
🎊🙏🎉

බඔර කන්ද, ලංකාවේ උසම දියඇල්ල, මීටර් 263ක් උසයි.මේ විස්තරය බඹරකන්ද බලන්න ගිය අපේ ගමන ගැන. 🗺🏕⛰----------------------------...
18/01/2021

බඔර කන්ද, ලංකාවේ උසම දියඇල්ල, මීටර් 263ක් උසයි.
මේ විස්තරය බඹරකන්ද බලන්න ගිය අපේ ගමන ගැන. 🗺🏕⛰
-----------------------------------------------------------------

මමයි(මනුජය) කස්සයි(කසුන්) දුලායි(දුලාජ්) තමයි මේ ගමනේ කොටස් කාරයෝ. අපිට යන්න පාරවල් දෙකක් තිබුණා. එකක් අවිස්සාවේල්ල පැත්තෙන් බස්එකේ කළුපහන හන්දියට යන්න, එතැනින් බඹරකන්දට. ඒ ගමනට නම් වැඩි වෙලාවක් යන්නේ නෑ, පැය 5න් 6න් යන්න පුළුවන්. අනිත් පාර තමයි කෝච්චියේ හපුතලේට ගිහින්, හපුතලෙන් කළුපහන හන්දියට බස් එකේ යන එක. ඉතිං අපි තෝරගත්තේ ඒ පාර. හැන්දෑවේ 6ට විතර අපි මහරගමින් කොටුවට ගිහින් රෑ 8.30ට තියෙන නයිට් මේල් එකේ හපුතලේට යන්න ටිකට් ගත්තා. ලෝන්ග් වීක්එන්ඩ් එකක් නිසා සෙනග හරියට (අපි ගියේ අගෝස්තු 28 රෑ. අඟහරුවාදා රජයේ නිවාඩු දවසක් නිසා හුඟක් අය සඳුදාත් නිවාඩු අරගෙන ටි්‍රප් යන්න සෙට් වෙලා). වෙලාවටත් කලින් කොටුව ස්ටේෂන් එකට ආවත් වාඩිවෙන්නනම් ටේ්‍රන් එකේ ඉඩක් නෑ. සෙනග කට කපලා. නුවරින් කට්ටිය අඩුවෙයි කියලා හිතාගෙන, කෝච්චියේ එල්ලිලාම ගමන පටන් ගත්තා.

කෝච්චියේ රැයක් 🚂

බස් වලට වඩා ටේ්‍රන් එකේ ගමන්බිමන් යන කල්ට් එක ටිකක් වෙනස්. නොදන්න කෙනෙක් වුණත් ටේ්‍රන් එකේ සෙට් වුණාම දන්නකියන කෙනෙක් වෙලා තමයි බැහැලා යන්නේ. අපිත් ඉතිං ළඟපාත කට්ටියත් එකක් කදේ දාගෙන නුවරට එනකම්ම ආවේ එල්ලිලා. ඒ අනෙක් සෙට් එක පනාගොඩ කෑම්ප් එකේ වැඩකරන ආමි එකේ කොල්ලෝ ටිකක්, කට්ටියම යනවා බදුල්ලේ වෙඩිමකට. මේ වෙද්දි හැමෝම අතට අහුවෙන එකකට තට්ටු කරකර සිංදු කියන්න පටන් අරගෙන. හරියට කතා වෙලා අපු ගමනක් වගේ. නාවලපිටිය හරිය වගේ වෙද්දි තෙරපීම අඩු වෙලා පොඩි ඉඩක් හැදුනා. මේ වෙද්දි කඳුකරයයි, කලුවරයි සීතල දෙක කරලා බෙදනවා, ඇතුලෙන් සද්දේ දෙක කරලා සිංදුව අල්ලනවා, කෝච්චි පෙට්ටියේ දොර ළඟ සාදේ නම් ඉතිං නැගලම යනවා. හිටිහැටියෙම දුමක් එහෙම ඇවිත් අපිව රත් කරනවා. නිදිමතයි සීතලයි එන්න එන්නම තද වෙනවා. මිනිස්සු වැටුණු වැටුණු තැන නිදි, සමහරු සීට් මාරුකරගෙන ශිෆ්ට් එකට නිදාගන්නවා. අපිත් එහා පෙට්ටියේ දොර ළඟට ගියේ නින්දක් දමන්න එතැන ඉඩ තිබුණ නිසා. දොරත් වහගෙන බැක්පැක් එකත් ඔලුවට තියාගත්තම හීනියට නින්ද ගියා.

අවදි වෙද්දි ටේ්‍රන් එක පට්ටිපොළට කිට්ටු කරලා. එළිය යන්තමින් තිබුණත් කළුවර පහවෙලා ගිහින් නෑ. ඔහියත් පහුකරලා ඉදල්ගස්හින්නට කිට්ටුකරද්දි වටපිට පරිසරයයි ඇඟට දැනෙන සීතලයි එක්ක ටි්‍රප් ආපු හැමෝම ප්‍රබෝදමත් වෙලා. බෑග්වල තිබුණ කැමරා, සාක්කුවල හිටපු ෆෝන් රාජකාරි පටන් අරගෙන. හැමෝටම ඕන තමන්ගෙම කියලා මතක ටිකක් එකතු කරගෙන යන්න. ඉදල්ගස්හින්න පහුකරලා ඉස්සරහට යද්දි කඳුවලට පහළින් ඈතින් ගලායන ගංගා, තැනින් තැන පෙනෙන ගම්මාන, ගිනිපෙට්ටි වගේ ගෙවල්, වලාකුළු වලට මත්තෙන් පායපු ඉර, මට ගෙනාපු ෆීල් එක චිත්‍රයක් මැදින් ටි්‍රප් එකක් යන කෝච්චියක මං ඉන්නවා වගේ එකක්. ඒ මොහොතේ මගේ හැඟීම වචන වලින් මට ඔබට පවරන්න අමාරුයි. ඒත් ඒ ආස්වාදය සදාතනිකවම මගේ මතකයේ තියේවි.

බඹරකන්දෙන් ලංකා ඇල්ල පාමුලට 👣

හපුතලේ ස්ටේෂන් එකෙන් අපේ කෝච්චි ගමන ඉවරයි. ස්ටේෂන් එකෙන් මූණකට හෝදගෙන, හපුතලේ ටවුන් එකෙන් උදේ කෑම කාලා, හපුතලේ ඉඳලා කොළඹ පැත්තට යන බස් එකකට නැග්ගේ කළුපහන හංදියෙන් බැහැගන්න. එතැන ඉඳලා බඹරකන්ද දියඇල්ල පිවිසුම් කුටිය ළඟට ත්‍රීවීලර් එකක නම් රු. 400/- වගේ, ඒත් අපේ ගමනේ නැවතුම එතැන නෙවෙයි. ඒ නිසා අපි දිගටම කන්ද උඩටම නැග්ගා. බරත් එක්ක ගමන ටිකක් අමාරු වුණත්, මනස්කාන්ත වටපිටාව අපේ මහන්සිය නිව්වා. කළුපහන-ඔහිය මාර්ගයේ ඉහළ බඹරකන්ද කෑම්පිං ලොකේෂන් එකට ටිකක් පහළින් ෆයිනස් කැලේ මැදින් පොඩි අඩිපාරක් තියෙනවා බඹරකන්ද දියඇල්ලේ මුදුනට යන්න පුළුවන් (අඩි පාරවල් දිගේ යන්න පාර වරදින්නේ නෑ, ෆයිනස් කොළ හැලිලා පාර ලිස්සනවා, ඒ නිසා පරිස්සමින්). ඊටත් තව ටිකක් කැලේ ඇතුළට වෙන්න ගියාම තමයි ලංකා ඇල්ල තියෙන්නේ. ඒ තමයි අපේ නැවතුම. ඒ අසන්නයේ නම් කෑම්ප් එකක් හරියාකාරව අටවගන්න සුදුසු බිමක් නෑ. අපි වතුර පාර දිගේ ටිකක් පහළට බැස්සා. දෙපැත්තකින් එන දිය දහර දෙකක් එකට එකතුවෙන මංසන්ධියක් වගේ තැනක අපේ හිතට සතුටු බිමක් තිබුණා. එදා රෑ පහන් කරන්න අපි එතැන තෝරගත්තා.

කැලේ ඇතුලේ රැයක් 🏕

ගලාගෙන ගියපු දියපාරට ආසන්නයෙන් කූඩාරම ගහලා, ළඟම තිබුණ දිය ඇල්ල පාමුලට පැනලා තුන්දෙනාම හිතේ හැටියට නා ගත්තා. ගලාගෙන ආපු ඒ සීතල දියපහරට අපි තුන්දෙනාගෙම තෙහෙට්ටුව දියවෙලා ගියා වගේ දැනුනා. අහලපහළින් දර ටිකක්, කෝටු ටිකක් හොයාගෙන, ළඟපාත තිබුණ කොටයකුත් එකතු කරලා රෑ හොඳ ගිණිමැලක් ගැහුවා. ඩිනර් එකට නූඩ්ල්ස් එකක් හදාගෙන බියර් එකකින් පදං වුණාට පස්සේ කැලේ සද්ද ගීතිකා වගේ ඇහෙන්න ගත්තා. එතැන තිබුණ සීතල, අවට පරිසරය වෙන කොතැනකටත් වැඩිය අපිව අමන්දානන්දයට පත්කරන්නත්, පරිසරයට ආදරය කරන්නත් අපිව පෙළඹවෙව්වා කිව්වොත් මම නැවැරදි. මාතෘකා ගොඩකට පස්සේ අපේ කතා ඉවර කරලා අපි නින්දට වැටුණා.

පහුවදා නැගිටිද්දි ආලෝක කදම්භ ගස්කොළන් අතරි පොළොවෙ තැනින් තැනට වැටිලා තිබුණා. ඒවගේම කොළ පාට, නිල් පාට, එක එක පාට බත්කූරෝ (බත්කූරු විශේෂයක් කියලා තමයි අපි හිතන්නේ) එහා මෙහා පියැඹුවෙ පරිසරයටත් අමුතු චමත්කාරයක් එකතු කරලා. සොබාදහම මේ සුන්දරත්වයෙන් දිගින් දිගටම අපිව මත්කරා. පොඩි රටක් වුණාට මොනතරම් සෞන්දර්යක් ඒ තුළ ගැබ්වෙලා තියෙනවද කියලා ආයේ ආයෙත් අපි කතා කළා. උදේට කාලා, නාලා ගෙනාපු හැමදේම එකතු කරගෙන අපි එතැනින් පිටත් වුණේ ඒ ස්වභාවික පරිසරයට කිසිම හානියක් නොකර. අපි ආයෙත් කළුපහන හන්දියට ඇවිත් බස් එකේ මහරගමට ආවා.

ආයෙත් මේවගේ ට්‍රැවල් එකකින් ඔබ අපි හමුවෙමු.

🔴 සැ. යු.

මේ සුන්දර පරිසර පද්ධතිය ස්වාභාදහමේ නිමැවුමක්, අපිත් ස්වාභාදහමේම නිමැවුමක්, ඉතිං ඔබ හිතාවි ස්වභාදහම අපිට මොනතරම් ආදරේ කරනවාද කියලා. නැහැ... ඒක එහෙම නැහැ, ස්වභාදහම අපිට ආදරේ කරන්නේ නැහැ. ස්වභාදහම අපිට වෛර කරන්නෙත් නැහැ. ඒත් අපිට ස්වභාදහමට ආදරේ කරන්න වෙනවා. ඒ මොකද අපි ස්වභාදහමට ආදරේ කරනවා කියන්නේ අපි අපටම ආදරේ කරනවා කියන එකට. ඒ නිසා මේ ස්වභාවික පරිසරය රැකගන්න එක, ඒ තුළට යනඑන අපි හැමෝගෙම වගකීමක්. 🚯

-ජය-

ප. ලි.

තැන ගැන හෝඩුවාව දුන්නේ බුද්ධික BMK Travel
ටෙන්ට් එකකයි ස්ටෝව් එකයි අපි රෙන්ට් එකට ගත්තා

එක්කෙනෙක්ට ගමනට වියදම රු.4000/- ක් වගේ
වැඩි විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් අපිට මැසේජ් එකක් එවන්න.

----Bucket list-----|මන්දාරම්නුවර|-පිදුරුතලාගල, කබරගල, උඩගබ්බල, ගෝනපිටිය කියන රමණීය කඳු පන්ති වලින් වටවුණු සුන්දර ගම්මාන...
10/01/2021

----Bucket list----
-|මන්දාරම්නුවර|-

පිදුරුතලාගල, කබරගල, උඩගබ්බල, ගෝනපිටිය කියන රමණීය කඳු පන්ති වලින් වටවුණු සුන්දර ගම්මානය, මන්දාරම් නුවරයි. පිදුරුතලාගල කඳු බෑවුමේ පිහිටි මෙම ගම්මානයට පැමිණෙන අමුත්තන් පිළිගන්න, පොද වැස්ස ඕනම වෙලාවක ලෑස්තියි. මේ ගමට තියෙන දෙස් විදෙස් ආකර්ෂණය නිසාවෙන්ම ඇවිදින්න කියන්න එන මිනිස්සු ගමේ මිනිස්සුන්ටත් වැඩි අමුත්තක් නෙවි. රාවණ ඉතිහාසයටද සාක්ෂි සපයන මෙම ගම්මානය මන්දාරමේ සුන්දරත්වය මොනවට විදහා දක්වන ගමනාන්තයක් බව බොහෝ සංචාරකයින්ගේ මතයයි.

දැයඇලි 34ක් ඇති බවට පැවසෙන මන්දාරම් නුවර, ඉන් 6ක් පහසුවෙන් සංචාරකයින්ට නැරඹිය හැකි බව කියැවෙයි. කඹරගල ඇල්ල, එළමුල්ල ඇල්ල, ඇතිනිවල ඇල්ල, කොළපතන ඇල්ල ඉන් කිහිපයක් වන අතර, කොළපතන ඇල්ල ඒ අතරින් වඩාත් ජනප්‍රියත්වයක් උසුලයි.

මහනුවර හරහා රිකිල්ලගස්කඩට පැමිණ එතැනින් පදියපැලැල්ල හරහා ඉහළට 11Km පමණ පැමිණි පසු මන්දාරම්නුවර හමුවන අතර, නුවර එළිය පැත්තෙන්ද මන්දාරම්නුවරට පැමිණිය හැකියි. ඉතිං අපිත් බලාපොරොත්තු වෙනවා මන්දාරම්නුවර අපේ ට්‍රැවල් සිතියමේ ලකුණු කරන්න. ඔයාලත් කැමතිනම් නිවාඩුවකට සංචාරය කරන්න මන්දාරම්නුවර මනරම් තොරාගැනීමක් බව කියන්න පුළුවන්.

*ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.

============== camping ආම්පන්න 01 ==============camp කරද්දී අපි යන තැන අනුව, ඉන්න දවස් ගණන අනුව තමයි, අපි ගෙනියන දේවල් ම...
03/01/2021

============== camping ආම්පන්න 01 ==============

camp කරද්දී අපි යන තැන අනුව, ඉන්න දවස් ගණන අනුව තමයි, අපි ගෙනියන දේවල් මොනවද කියන එක තීරණය කරන්නේ. ඉතිං අපි දැන් කතාකරන්න හදන්නේ අපි මොනවද කෑම්පිං කරද්දි ගෙනියන්නේ කියන එක. මේ තමයි ඒ ලිපි මාලාවේ පළවෙනි දිගහැරීම.

----Gas stove/ගෑස් ස්ටෝව් (ගෑස් ලිප)----

camp කරද්දි, කෑම උයාගන්න එහෙමත් නැත්නම් වතුර එකක් රත්කරගන්න වගේ දේවල් වලට තමයි මූලිකවම අපිට ලිපක් අවශ්‍ය වෙන්නේ. ගෙවල්වලනම් දර ලිප්, ගෑස් ලිප්, හීටර්,... වගේ එක එක විදිහෙ දේවල් තිබුණට, ඒ වගේ දේවල් camping වලදි භාවිත කරන එක අපහසුයි. ඉතිං ඒකයි camp කරද්දි ඒ සඳහා ඇති විශේෂ ලිපක් අවශ්‍ය වෙන්නෙ.

ඉතිං මොනවගේ ලිපදක්ද අපිට ඕන?

1 ලිප ඉතා සැහැල්ලු වෙන්න ඕන (බර අඩුවෙන් ගෙනියන එක ගමනට සැහැල්ලුයි).
2 අඩු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය ලිපක් නම් ඉතාම යෝග්‍යයි.
3 සුළඟ වැඩි වෙලාවක වුණත් පහසුවෙන් භාවිත කරන්න පුළුවන් වෙන්න ඕන.

මේ වගේ මූලික කරනා කිහිපයක් තමයි අපි ලිපක් තෝරද්දි සලකලා බැලුවේ. ඉතිං අපිට හමුවුණ හොඳ ලිපක් තමයි මේ ඡායාරූප වල තියෙන්නේ. බර 470g වගේ, මල් පෙති වගේ වටේ තියෙන මල නොබැදෙන වනේ පෙති මගින් සුළඟ ආවරණය කරලා, හොඳ තාපයක් භාජනයට ලබාදෙන්න පුළුවන්. ඒ වගේම මේ ලිප වෙළඳපොලෙන් ඉතා අඩු මුදලකට ලබාගත හැකි වීමත් විශේෂ වාසියක්. මේ සඳහා භාවිත කරන්න අවශ්‍ය ගෑස් ටින් එකත් බරින් වගේම ප්‍රමාණයෙනුත් කුඩා නිසා මේක අපිට ඉතාම පහසුයි.
-----------------------------------------------------------------

ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් අපිව like කරන්න. මේ දේවල් ඔයාලගේ යාලුවන්ටත් ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවානම් shear කරන්න. ඔයාලගේ කෑම්පිං අත්දැකීම් එහෙමත් අපිත් එක්ක බෙදාගන්න කැමතිනම් අපිට comment කරන්න. මේ වගේ තව තව විස්තර දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න.

එහෙනම් හැමෝටම ජය වේවා!!!

*ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.

ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!
01/01/2021

ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!

බඔර කන්ද, ලංකාවේ උසම දියඇල්ල, මීටර් 263ක් උසයි. මේ විස්තරය බඹරකන්ද බලන්න ගිය අපේ ගමන ගැන. ⛰🗺----------------------------...
29/12/2020

බඔර කන්ද, ලංකාවේ උසම දියඇල්ල, මීටර් 263ක් උසයි. මේ විස්තරය බඹරකන්ද බලන්න ගිය අපේ ගමන ගැන. ⛰🗺
----------------------------------------------------------------

මමයි(මනුජය) කස්සයි(කසුන්) දුලායි(දුලාජ්) තමයි මේ ගමනේ කොටස් කාරයෝ. අපිට යන්න පාරවල් දෙකක් තිබුණා. එකක් අවිස්සාවේල්ල පැත්තෙන් බස්එකේ කළුපහන හන්දියට යන්න, එතැනින් බඹරකන්දට. ඒ ගමනට නම් වැඩි වෙලාවක් යන්නේ නෑ, පැය 5න් 6න් යන්න පුළුවන්. අනිත් පාර තමයි කෝච්චියේ හපුතලේට ගිහින්, හපුතලෙන් කළුපහන හන්දියට බස් එකේ යන එක. ඉතිං අපි තෝරගත්තේ ඒ පාර. හැන්දෑවේ 6ට විතර අපි මහරගමින් කොටුවට ගිහින් රෑ 8.30ට තියෙන නයිට් මේල් එකේ හපුතලේට යන්න ටිකට් ගත්තා. ලෝන්ග් වීක්එන්ඞ් එකක් නිසා සෙනග හරියට (අපි ගියේ අගෝස්තු 28 රෑ. අඟහරුවාදා රජයේ නිවාඩු දවසක් නිසා හුඟක් අය සඳුදාත් නිවාඩු අරගෙන ටි්‍රප් යන්න සෙට් වෙලා). වෙලාවටත් කලින් කොටුව ස්ටේෂන් එකට ආවත් වාඩිවෙන්නනම් ටේ්‍රන් එකේ ඉඩක් නෑ. සෙනග කට කපලා. නුවරින් කට්ටිය අඩුවෙයි කියලා හිතාගෙන, කෝච්චියේ එල්ලිලාම ගමන පටන් ගත්තා.

කෝච්චියේ රැයක් 🚂

බස් වලට වඩා ටේ්‍රන් එකේ ගමන්බිමන් යන කල්ට් එක ටිකක් වෙනස්. නොදන්න කෙනෙක් වුණත් ටේ්‍රන් එකේ සෙට් වුණාම දන්නකියන කෙනෙක් වෙලා තමයි බැහැලා යන්නේ. අපිත් ඉතිං ළඟපාත කට්ටියත් එකක් කදේ දාගෙන නුවරට එනකම්ම ආවේ එල්ලිලා. ඒ අනෙක් සෙට් එක පනාගොඩ කෑම්ප් එකේ වැඩකරන ආමි එකේ කොල්ලෝ ටිකක්, කට්ටියම යනවා බදුල්ලේ වෙඩිමකට. මේ වෙද්දි හැමෝම අතට අහුවෙන එකකට තට්ටු කරකර සිංදු කියන්න පටන් අරගෙන. හරියට කතා වෙලා අපු ගමනක් වගේ. නාවලපිටිය හරිය වගේ වෙද්දි තෙරපීම අඩු වෙලා පොඩි ඉඩක් හැදුනා. මේ වෙද්දි කඳුකරයයි, කලුවරයි සීතල දෙක කරලා බෙදනවා, ඇතුලෙන් සද්දේ දෙක කරලා සිංදුව අල්ලනවා, කෝච්චි පෙට්ටියේ දොර ළඟ සාදේ නම් ඉතිං නැගලම යනවා. හිටිහැටියෙම දුමක් එහෙම ඇවිත් අපිව රත් කරනවා. නිදිමතයි සීතලයි එන්න එන්නම තද වෙනවා. මිනිස්සු වැටුණු වැටුණු තැන නිදි, සමහරු සීට් මාරුකරගෙන ශිෆ්ට් එකට නිදාගන්නවා. අපිත් එහා පෙට්ටියේ දොර ළඟට ගියේ නින්දක් දමන්න එතැන ඉඩ තිබුණ නිසා. දොරත් වහගෙන බැක්පැක් එකත් ඔලුවට තියාගත්තම හීනියට නින්ද ගියා.

අවදි වෙද්දි ටේ්‍රන් එක පට්ටිපොළට කිට්ටු කරලා. එළිය යන්තමින් තිබුණත් කළුවර පහවෙලා ගිහින් නෑ. ඔහියත් පහුකරලා ඉදල්ගස්හින්නට කිට්ටුකරද්දි වටපිට පරිසරයයි ඇඟට දැනෙන සීතලයි එක්ක ටි්‍රප් ආපු හැමෝම ප්‍රබෝදමත් වෙලා. බෑග්වල තිබුණ කැමරා, සාක්කුවල හිටපු ෆෝන් රාජකාරි පටන් අරගෙන. හැමෝටම ඕන තමන්ගෙම කියලා මතක ටිකක් එකතු කරගෙන යන්න. ඉදල්ගස්හින්න පහුකරලා ඉස්සරහට යද්දි කඳුවලට පහළින් ඈතින් ගලායන ගංගා, තැනින් තැන පෙනෙන ගම්මාන, ගිනිපෙට්ටි වගේ ගෙවල්, වලාකුළු වලට මත්තෙන් පායපු ඉර, මට ගෙනාපු ෆීල් එක චිත්‍රයක් මැදින් ටි්‍රප් එකක් යන කෝච්චියක මං ඉන්නවා වගේ එකක්. ඒ මොහොතේ මගේ හැඟීම වචන වලින් මට ඔබට පවරන්න අමාරුයි. ඒත් ඒ ආස්වාදය සදාතනිකවම මගේ මතකයේ තියේවි.

බඹරකන්දෙන් ලංකා ඇල්ල පාමුලට 👣

හපුතලේ ස්ටේෂන් එකෙන් අපේ කෝච්චි ගමන ඉවරයි. ස්ටේෂන් එකෙන් මූණකට හෝදගෙන, හපුතලේ ටවුන් එකෙන් උදේ කෑම කාලා, හපුතලේ ඉඳලා කොළඹ පැත්තට යන බස් එකකට නැග්ගේ කළුපහන හංදියෙන් බැහැගන්න. එතැන ඉඳලා බඹරකන්ද දියඇල්ල පිවිසුම් කුටිය ළඟට ත්‍රීවීලර් එකක නම් රු. 400/- වගේ, ඒත් අපේ ගමනේ නැවතුම එතැන නෙවෙයි. ඒ නිසා අපි දිගටම කන්ද උඩටම නැග්ගා. බරත් එක්ක ගමන ටිකක් අමාරු වුණත්, මනස්කාන්ත වටපිටාව අපේ මහන්සිය නිව්වා. කළුපහන-ඔහිය මාර්ගයේ ඉහළ බඹරකන්ද කෑම්පිං ලොකේෂන් එකට ටිකක් පහළින් ෆයිනස් කැලේ මැදින් පොඩි අඩිපාරක් තියෙනවා බඹරකන්ද දියඇල්ලේ මුදුනට යන්න පුළුවන් (අඩි පාරවල් දිගේ යන්න පාර වරදින්නේ නෑ, ෆයිනස් කොළ හැලිලා පාර ලිස්සනවා, ඒ නිසා පරිස්සමින්). ඊටත් තව ටිකක් කැලේ ඇතුළට වෙන්න ගියාම තමයි ලංකා ඇල්ල තියෙන්නේ. ඒ තමයි අපේ නැවතුම. ඒ අසන්නයේ නම් කෑම්ප් එකක් හරියාකාරව අටවගන්න සුදුසු බිමක් නෑ. අපි වතුර පාර දිගේ ටිකක් පහළට බැස්සා. දෙපැත්තකින් එන දිය දහර දෙකක් එකට එකතුවෙන මංසන්ධියක් වගේ තැනක අපේ හිතට සතුටු බිමක් තිබුණා. එදා රෑ පහන් කරන්න අපි එතැන තෝරගත්තා.

කැලේ ඇතුලේ රැයක් 🏕

ගලාගෙන ගියපු දියපාරට ආසන්නයෙන් කූඩාරම ගහලා, ළඟම තිබුණ දිය ඇල්ල පාමුලට පැනලා තුන්දෙනාම හිතේ හැටියට නා ගත්තා. ගලාගෙන ආපු ඒ සීතල දියපහරට අපි තුන්දෙනාගෙම තෙහෙට්ටුව දියවෙලා ගියා වගේ දැනුනා. අහලපහළින් දර ටිකක්, කෝටු ටිකක් හොයාගෙන, ළඟපාත තිබුණ කොටයකුත් එකතු කරලා රෑ හොඳ ගිණිමැලක් ගැහුවා. ඩිනර් එකට නූඞ්ල්ස් එකක් හදාගෙන බියර් එකකින් පදං වුණාට පස්සේ කැලේ සද්ද ගීතිකා වගේ ඇහෙන්න ගත්තා. එතැන තිබුණ සීතල, අවට පරිසරය වෙන කොතැනකටත් වැඩිය අපිව අමන්දානන්දයට පත්කරන්නත්, පරිසරයට ආදරය කරන්නත් අපිව පෙළඹවෙව්වා කිව්වොත් මම නැවැරදි. මාතෘකා ගොඩකට පස්සේ අපේ කතා ඉවර කරලා අපි නින්දට වැටුණා.

පහුවදා නැගිටිද්දි ආලෝක කදම්භ ගස්කොළන් අතරි පොළොවෙ තැනින් තැනට වැටිලා තිබුණා. ඒවගේම කොළ පාට, නිල් පාට, එක එක පාට බත්කූරෝ (බත්කූරු විශේෂයක් කියලා තමයි අපි හිතන්නේ) එහා මෙහා පියැඹුවෙ පරිසරයටත් අමුතු චමත්කාරයක් එකතු කරලා. සොබාදහම මේ සුන්දරත්වයෙන් දිගින් දිගටම අපිව මත්කරා. පොඩි රටක් වුණාට මොනතරම් සෞන්දර්යක් ඒ තුළ ගැබ්වෙලා තියෙනවද කියලා ආයේ ආයෙත් අපි කතා කළා. උදේට කාලා, නාලා ගෙනාපු හැමදේම එකතු කරගෙන අපි එතැනින් පිටත් වුණේ ඒ ස්වභාවික පරිසරයට කිසිම හානියක් නොකර. අපි ආයෙත් කළුපහන හන්දියට ඇවිත් බස් එකේ මහරගමට ආවා.

ආයෙත් මේවගේ ට්‍රැවල් එකකින් ඔබ අපි හමුවෙමු.

සැ. යු. 🚯

මේ සුන්දර පරිසර පද්ධතිය ස්වාභාදහමේ නිමැවුමක්, අපිත් ස්වාභාදහමේම නිමැවුමක්, ඉතිං ඔබ හිතාවි ස්වභාදහම අපිට මොනතරම් ආදරේ කරනවාද කියලා. නැහැ... ඒක එහෙම නැහැ... ස්වභාදහම අපිට ආදරේ කරන්නේ නැහැ. ස්වභාදහම අපිට වෛර කරන්නෙත් නැහැ. ඒත් අපිට ස්වභාදහමට ආදරේ කරන්න වෙනවා. ඒ මොකද අපි ස්වභාදහමට ආදරේ කරනවා කියන්නේ අපි අපටම ආදරේ කරනවා කියන එකට. ඒ නිසා මේ ස්වභාවික පරිසරය රැකගන්න එක, ඒ තුළට යනඑන අපි හැමෝගෙම වගකීමක්. 🪔🪔

-ජය-

🔴
ප. ලි.
තැන ගැන හෝඩුවාව දුන්නේ බුද්ධික https://bmktravel.com/
Tent එකකයි Stove එකයි අපි රෙන්ට් එකට ගත්තා https://www.campingrent.lk/

RENT
-04 person tent - Rs.500/- per Day
-Camping Gas Stove - 650/- per Day (With Gas)

එක්කෙනෙක්ට ගමනට වියදම රු.4000/- ක් වගේ
වැඩි විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් අපිට මැසේජ් එකක් එවන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rata wate travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category