10/08/2024
යන්න කලින් කියවලා යමු.👇👇
මාසෙකට දෙකකට සැරයක් ට්‍රිප් එකක් යන්න ආස කරන ඔයා බලාපොරොත්තු වෙන්නේ ලස්සන මතක සටහනක් එක්ක ජීවිතේ ආසම කරන අයත් එක්ක මනස නිදහස් කර ගන්න නේද..
එහෙනම් ඔයා නොහිතන කරුණු ටිකක් අපි කියා දෙන්නම්
ට්‍රිප් එකක් කියපු ගමන් ඔයා හිතන්නේ යන්නේ කොහේ කියලද නේද.
⛷️🤸🏇🏄🪂🏂🕵️🏖️🏝️🌄🏞️
ඒ උනාට ඔයා දන්නවද ඒ ලස්සන දවසේ ඒ ලස්සන තැනට අපහසුවකින් තොරව එතනට ගියොත් විතරයි ඒ මානසික නිදහස ඔයාට සම්පූර්ණයෙන් ලැබෙන්නේ.
ඔයා කොච්චර plan කරලා ටයිම් ටේබල් හදන් ගියත්
ඔයා ගමන යන්න තෝරා ගන්න වාහනය තමයි ඉතාමත් වැදගත් වෙන්නේ මුලින්ම මේ දේට.
🤔🤔🤔🤔
ගෙදරින් පටන් ගත්ත ගමන් ඔයාට හිරවෙලා යන්න උනොත් බහින්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්න වෙයි නේද කකුල් හිරි යවා ගන්නම.
බහින්න වත් ඉඩක් නැතිව හැමතැනම බැගෙජ් පටවලා ගමන යන්න උනාම ඒත් ඔයාට ඇඟට වගේම මනසටත් ඒ දේ හරිම අමාරුයි..
ගෙදරින් plan කරලා වෙලාවට ගියත් ඔයා තෝරා ගන්න වාහනයේ ධාවන තත්වය මත ඔයාගෙ සමහර ලොකේෂන් ස්කිප් කරන්න උනාම හිතට අවුල් නේද.
වාහනේ ඇතුලත වාතාශ්‍රය අඩු නිසා ඔයාට ඔලුව කැක්කුම එක්ක (🤮) ආවොත් එහෙම,ඔයාට වගේම අනිත් අයටත් ට්‍රිප් එපා වෙයි.
රියදුරු මහත්තයා සුහදශීලී නැති කෙනෙක් උනොත් ඒත් ටිකක් අවුල් නේද.
හරිම වාහනයක ගමනක් ගිහින් ආවොත් ඔයාට ඇත්තටම මේ දේවල් මග ඇර ගෙන ට්‍රිප් එකේ උපරිම සතුට අර ගන්න පුළුවන් කියන දේ හොඳින් මතකයට අර ගන්න.
ඉතින් එහෙනම් අපි ඔයාට කියන මේ දේවල් ටික ටිකක් අහලා බලන්න.
🤗 ට්‍රිප් එකක් යනකොට ඉන්න පිරිස
මත ගැලපෙන ඉඩ කඩ තියෙන හොඳ වාහනයක් book කර ගන්න.
👉සාමාන්‍යයෙන් වෑන් එකකින් ඔයා යන්න හිතනවනම් වෑන් එකක සුවපහසුව දුර යන්න පුළුවන් 12 දෙනෙක් තමයි අපි නම් රෙකමන්ඩ් කරන්නේ.ඒකත් හයිරුෆ් වෙහිකල් එකක් වෙන්න ඕන.14 ක් 15 ක් සාමාන්‍ය වෑන් එකක දාගෙන යන්න හිතුවොත් නම් අපි අර මුලින් කිව්ව කකුල් හිර වෙලා,වාතාශ්‍රය අඩු වෙලා ඔයාට 🤮🤮 යන්න වෙන එක තමයි ප්‍රතිඵලය වෙන්නේ.
🤗14ක් යන්නම ඕන නම් ඔයා ට්‍රයි කරන්න KDH හයි රූෆ් වෑන් එකකින් වගේ ඔයාගෙ ට්‍රිප් එක යන්න..ඒකත් අපහසු වෙනවා හැබැයි ඔයාගෙ බෑගේජ් ප්‍රමාණය එක්ක බලද්දී.👇👇
ඉතින් අපි කියනවා ඔයාට සුව පහසුව ඒ ගමන යන්න පුළුවන් ආසන 20 වගේ මිනි බස් එකක් ඔයා book කර ගත්තනම්
🤗ඊළග කාරණය තමයි ඔයාලා කියනවා අපිට AC වාහන එපා.ඒව අමාරුයි යන්න කියලා.ඉතින් පුළුවන් නම් ඔයාගෙ ගමනට AC වහනයක්ම තෝරා ගන්න බලන්න.ඇයි දන්නවද.N/AC වාහනයක් කියන්නේ තරමක් පරණ මට්ටමක වාහනයක්.කවදාවත් AC දුවන හොඳ කන්ඩිෂන් වාහනයක් N /AC හයර් එකක් කීයක් දුන්නත් යන්නේ නෑ.මොකද AC වාහනයක ඇතුල ගොඩාක් හොඳ පිරිසිදු මට්ටමක තියා ගෙන ඉන්නවා ඒ රියදුරු මහත්වරු..
ඉතින් අපි කියනවා ඔයාට හොඳ පිරිසිදු වාහනයක සුවපහසුව ඔයාගෙ ගමන ගිහින් එන්න කියලා.
🤗ඊළඟට තමයි හොඳම දේ.ටිකක් අඩු මුදලකට Book කරගන්න වාහනේ ධාවන තත්වය ඔයා නොදන්නවා උනාට ටිකක් අඩු මට්ටමක තිබුණොත් දුර ගිහින් අතරමන් වෙලා ට්‍රිප් එක එපා කර ගන්න එපා කියලා අපි ඔයාට කියනවා.
👉හරියට සවිස් එකක් කරලා,ටයර් තත්ව,එලයිමන්ට්,බ්‍රේක් මට්ටම්,ඇතුළට සුවපහසුව යන්න පුළුවන් මට්ටමේ හොඳ AC ගෑස් මට්ටමක් එක්ක නිතර නඩත්තු කරන වාහනයක ලෙඩ එන්නේ ඉතාමත් අඩුවෙන්.ඉතින් එහෙම වාහනක හයර් මුදල සාපේක්ෂව අර කිසිම නඩත්තුවක් හරියට නොකර අඩු වියදමක් වාහනේට කරලා හයර් දුවන වාහනේට වඩා ලොකු ගානක් වැඩි වෙන්නේ නෑ.ඉතින් 10000ක් දෙන්න අපි යමු කියන වාහනේට වඩා 12500යි කියන වාහනේ ඔයාට ලස්සන ගමනක නිමාවක් අරන් එයි කියලා අපි ඔයාට කියනවා.
ඒ වගේම ගමන ඔයාව එක්ක යන රියදුරු මහත්මයා එක්ක ටිකක් සුහදශීලිව කටයුතු කරන්න.එයා එතකොට ඔයාගේ ට්‍රිප් එක තවත් ලස්සන කර ගන්න එයාගේ පැත්තෙන් පුළුවන් උපරිම දේ කරයි. අත්දැකීම් තියෙන හොඳ රියදුරෙක්,සුහදශීලී රියදුරෙක් නම් හරි විනයකින් වැඩ කරන පුද්ගලයෙක් නම් එයා ඔයාව පරිස්සමින් ආපහු ගෙදර බලා එක්කරන් එයි..
ඉතින් ඔයාගෙ ට්‍රිප් එක තව ලස්සන කරන්න තව කාරණා තියෙනවා.සේරම දේවල් ලියන්න අමාරුයි.ඉතින් ඒ හැම දෙයක්ම ඔයා දන්න හෝ නොදන්නා දෙයක් උනත් ඒ දේවල් අපි ඔයා වෙනුවෙන් අපිට පුළුවන් උපරිමයෙන් ඔයා වෙනුවෙන් කරලා දෙනවා.
අපිට අවශ්‍ය ඔයාගෙ ගමන ලස්සනට ගිහින් ඇවිත් ලස්සන කමෙන්ට් එකක් ඔයාගෙන් ගන්න එක තමයි..ඒ කමෙන්ට් එක අපිට ලොකු ශක්තියක්,ආශිර්වාදයක්,
👇👇👇👇👇👇👇👇👇👇
අපේ පේජ් ඒකට ගිහින් බලන්න
https://www.facebook.com/profile.php?id=61552173923944&mibextid=ZbWKwL
ඉතින් ඔයා දන්නවද මේ
හැම ඔෆ්ශන් එකක්ම ඔයා සෑහෙන්න plan කරලා වියදම් කරලා නැති කර ගන්නේ පොඩි රුපියල් 5000ක 7000ක,සමහර විට 2000ක මුදලක් වෙනස් වෙන වාහනයක් හොයලා කියලා
My Cab And Tours
0701734274