Dilu Life

Dilu Life Travel and life ලස්සන දවස් ඉක්මනින් උදාවෙනව .....හිනාවෙලා ඉන්න ස්තුති මේ ජිවිතෙ ට��
(320)

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest amo...
11/05/2026

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

ජීවිතේ හැමදේම අපි හිතන විදිහට සිද්ධ වෙන්නෙ නැහැ…සමහර දවස් තියෙනවා හිතට දරාගන්න බැරි තරම් බර වෙන.ඒත් ඒ හැම වේදනාවක්ම අපිව...
11/05/2026

ජීවිතේ හැමදේම අපි හිතන විදිහට සිද්ධ වෙන්නෙ නැහැ…
සමහර දවස් තියෙනවා හිතට දරාගන්න බැරි තරම් බර වෙන.
ඒත් ඒ හැම වේදනාවක්ම අපිව තවත් ශක්තිමත් කරන පාඩමක්.
කවුරුත් නොදන්න නිහඬ සටන් හැමෝම ලඟ තියෙනවා.
හිනාවක් පිටිපස්සෙත් කඳුළු සැඟවෙන්න පුළුවන්…
ඒ නිසා කෙනෙක්ව විනිශ්චය කරන්න කලින්,
එයාගේ හිත තේරුම් ගන්න උත්සාහ කරන්න. 🌸
හැමදාම හිත රිදවපු දේවල් අල්ලගෙන ඉන්න එපා…
යන්න ඕනි දේවල් යන්න දෙන්න.
ඇත්තටම අපිට අයිති දේවල් නම්,
කවදාවත් අපිව අතහැරලා යන්නෙ නැහැ. 🍃
ජීවිතේ ලස්සනම දේ තමයි…
වැටුණත් ආයෙ නැගිටින එක.
කඳුළු අතරින් හිනාවක් හොයාගන්න එක.
දුක අතරින් තමන්වම ශක්තිමත් කරගන්න එක. ❤️‍🩹
ඉතින්…
කවුරු මොන දේ කිව්වත්,
ඔයාගේ හිත හොඳ නම් ඒ ඇති.
දවසක ඔයා හිනාවෙයි,
“මං ඒ හැමදේම දරාගෙන මෙතනට ආවා” කියලා… ✨

හරියට මේ මං වගේ 🖤💐

09/05/2026

ගොඩාක්  වෙලාවට හිතෙන්නේ “ඇයි මටම මෙහෙම වෙන්නේ?” කියලා…ඒ වෙලාවට පොඩ්ඩක් වෙනස් විදිහකට හිතන්න පුළුවන් 🤍මේ දුක, මේ වේදනාව —...
04/05/2026

ගොඩාක් වෙලාවට හිතෙන්නේ “ඇයි මටම මෙහෙම වෙන්නේ?” කියලා…

ඒ වෙලාවට පොඩ්ඩක් වෙනස් විදිහකට හිතන්න පුළුවන් 🤍

මේ දුක, මේ වේදනාව —
කාලයක් පුරාවට අපි අරගෙන ගිය බරක් අඩු වෙමින් තියෙන ලකුණක් වෙන්න පුළුවන්.
අතීතයේ කරපු වැරදි හෝ නොදැනුවත් ක්‍රියාවන්ගේ විපාක ගෙවී යන මොහොතක් වෙන්න පුළුවන්.

“මම වැරැද්දක් කළා නම් ඒකට වන්දි තියෙනවා” කියලා පිළිගත්තම,
හිත ඇතුළේ තියෙන කැළඹීම හෙමින් හෙමින් නිවෙන්න පටන් ගන්නවා.

වෙන කෙනෙක් නිසා දුකක් ලැබුණත්,
“මේක මගේ ගමනේ කොටසක්” කියලා හිතද්දී,
කේන්තියට තැනක් ඉතුරු වෙන්නේ නෑ… හිත ටිකෙන් ටික නිදහස් වෙනවා.

මතක තියාගන්න 🌿
දුක කියන්නේ සදාකාලික දෙයක් නෙවෙයි.

කළුවර වලාකුළු අතරින් හිරු පායනවා වගේ,
ඔයාගේ ජීවිතයේ මේ අමාරු කාලයත් ගෙවිලා යනවා.

ඒ නිසා…
දුක ආවම වැටෙන්න එපා.
ඒක ඔබ ශක්තිමත් වෙන්න ගන්න තවත් පියවරක් විතරයි.

අවසානයේ,
ඔබ දරාගත්ත හැම කඳුළක්ම —
ඔබව තවත් පිරිසිදුව ,ශක්තිමත්, සහ නිදහස් කරනවා ✨ https://youtu.be/W71aRhs8VSY?si=6QApdzWKBNxP16Q0

බැඳීම් වලහිර වෙන්න හිර වෙන්න තණ්හාවෙන් ජීවිතය ගොඩක් බර වෙනවා එකින් එක බැඳීම් ලිහිල් වෙනකොට ජීවිතයේ නිදහස ඔබට ලං වෙනවා බැ...
03/05/2026

බැඳීම් වල

හිර වෙන්න හිර වෙන්න තණ්හාවෙන් ජීවිතය ගොඩක් බර වෙනවා එකින් එක බැඳීම් ලිහිල් වෙනකොට ජීවිතයේ නිදහස ඔබට ලං වෙනවා බැඳීම් වලින් තොර වුණාම ඇත්තේ නිදහසේ සුවයයි...
Good Night ....බුදු සරනයි 💐🙏

කාලෙක… I loved someone so deeply.මගේ ලෝකයම ඔහු වෙලා තිබුණා…But he never really loved me back.මගේ වටිනාකම ඔහුට තේරුණේ නැහ...
30/04/2026

කාලෙක… I loved someone so deeply.
මගේ ලෝකයම ඔහු වෙලා තිබුණා…
But he never really loved me back.
මගේ වටිනාකම ඔහුට තේරුණේ නැහැ…
He hurt me… again and again.
අන්තිමට, without any explanation…
he just walked away from my life.
ඒ දවසෙන් පස්සේ… I changed.
“Love” කියන දේටම බය වුණා.
I told myself— I’ll never love again.
Time passed…
මම මගේ දුකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වුණා.
Then… unexpectedly, you came into my life.
You didn’t force me to love you.
You didn’t try to change me.
මගේ කදුළු වලට හේතුව අහන්නත් පෙර,
you tried to stop them…
මට අමතක වුන දේවල්,
you reminded me again—
Love isn’t something that hurts…
it’s something that protects.
It doesn’t break us…
it heals us…
මම බය වෙද්දි,
you showed me— not everyone is the same.
අද මට තේරෙනවා…
the one who left me… was never mine.
Because…
the one who truly belongs to me
will never leave me. 🤍
ජීවිතේ දුක් අතර හිරවෙලා හිටපු මාව,
you held on without letting go…
Even when I said “I don’t want love”,
even when I pushed you away…
you stayed.
ඔයා මට ආදරේ කියන්නේ මොකක්ද කියලා
හරියටම පෙන්නලා දුන්නා…
So today… I’m not scared anymore.
මාව තේරුම් අරගෙන,
මාව අත්නොහැර,
මට strength එකක් වෙලා ඉන්න ඔයාට—
I truly… deeply love you ❤️✨............ජිවිතෙ නතර වෙන්න ඔනි මින් එහාට බලාපොරොත්තු නැ කියල හිතුනත්, එහෙම තැන් වලින් පස්සෙ ත් ලස්සන වසන්තය එන්න පුළුවන්
ඉතිං ඉවසිමෙන් ඉන්න ළමයෝ ....ඔයා තාමත් ප්‍රමාද නැ 🖇️🌻

30/04/2026

අයිතිය කියන්නේ මොකද්ද ඇත්තටම...?ආදරේ කරන්න නම් අයිති වෙන්නම ඕනද...?මම ආදරේ කරන මනුස්සයා කොහේ හරි සතුටින් ඉන්නවා කියලා මට...
27/04/2026

අයිතිය කියන්නේ මොකද්ද ඇත්තටම...?
ආදරේ කරන්න නම් අයිති වෙන්නම ඕනද...?
මම ආදරේ කරන මනුස්සයා කොහේ හරි සතුටින් ඉන්නවා කියලා මට දැනෙනවා නම්…
මට ඒකම ඇති.
එක අතකට මට සතුටුයි…
අයිති කරගත්ත පස්සේ ආදරේ අමතක කරන මිනිස්සු අතර,
අයිතියක් නැතිව හරි තාමත් ආදරේ කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න පුළුවන් වීම ගැන.
හැබැයි…
මගේ ආදරේ එයාට දැනෙන්න මම ඉඩ දෙන්නෙ නෑ.
මොකද…
දවසක ඒක දැනුනොත්,
ඒකට වටිනාකම තේරෙද්දි,
ඒ අහිමි වෙච්ච දෙයක් කියලා හිතෙද්දි…
ඒක පසුතැවීමක් වෙයි.
------------------------
නොලැබුණු ආදරේට
සමහර මිනිස්සු නිහඬවම ආදරේ කරනවා…
කවදාවත් කාටවත් කියන්නෙ නැතුව.
අයිතිය ගන්න පුළුවන් අය අයිතිය ගන්නවා…
ඒත් සමහර වෙලාවට ඒ අය ආදරේ අමතක කරනවා.
ආදරේ කරන අය නම්…
අදටත් ඒ ආදරේ තියාගෙන ඉන්නවා.
ඇත්තටම…
අයිතියක් කියන්නේ කෙනෙක් අල්ලගෙන ඉන්න එක නෙවෙයි.
ආදරේ කියන්නේ නිදහසේ හිතෙන් තියාගෙන ඉන්න එක.
සමහර වෙලාවට…
අපි රැවටෙන්නෙත්,
අපි ආදරේ කරන මිනිස්සුන්ටමයි🖤🌻

ගැහැණියක් ලස්සන වෙන්නේ මැණික් වගේ පෙනුමෙන් විතරක් නෙමෙයි…ඇයගෙ හිතේ තියෙන ශක්තියෙන්… ඇයගෙ පෞරුෂයෙන් ✨තමන් ගැන විශ්වාසයක් ...
24/04/2026

ගැහැණියක් ලස්සන වෙන්නේ මැණික් වගේ පෙනුමෙන් විතරක් නෙමෙයි…
ඇයගෙ හිතේ තියෙන ශක්තියෙන්… ඇයගෙ පෞරුෂයෙන් ✨

තමන් ගැන විශ්වාසයක් තියෙන ගැහැණියක්…
තමන් සුදුද කළුද කියලා බැලුවෙ නෑ…
උසද මිටිද කියලා හිතුවෙ නෑ…
“මං මමයි” කියලා පිළිගන්න පුළුවන් ගැහැණියක් 💛

ඇය බය වෙන්නෙ නෑ…
ඕනිම තැනක කෙලින් කතා කරනවා…
වාචාල වෙන්න නෙමෙයි…
අවශ්‍ය තැන අවශ්‍ය දේ නිවැරදිව කියන්න දන්නවා 💬

අවස්ථාවක් ලැබුනාම පැනලා යන්නෙ නෑ…
“අනේ මට බෑ” කියලා හංගෙන්නෙ නෑ…
කොන්ද කෙලින් තියන් නැගිටිනවා… 🌱

ඇයගේ ලස්සන ඇස් දෙකෙන් විතරක් නෙමෙයි…
ඕනිම කෙනෙක් දිහා බලාගෙන කතා කරන ආත්මවිශ්වාසයෙන්… 🌸

පිළිවළට ඉන්න .....
තැනට අදාල විදිහට හැසිරෙන 💃

එහෙම ගැහැණියක්…
තමන්ගෙ හිතත්… පෞරුෂයත් එක්ක…
ජීවිතේ ඕනිම දුරක් යන්න පුළුවන් 🚀

එහෙම ගැහැණුන්ට සමාජය බයයි…
කතා කියයි…
හැබැයි මුහුණට නෙමෙයි…
මොකද දන්නවා — ඒවගේ ගැහැණු වට්ටන්න ලේසි නෑ කියලා 💯

වැටුණත්…
ඇය ආයෙම නැගිටිනවා…
ඒක ඇයටම තියෙන විශ්වාසයයි 💫

🌼 ගැහැණියක් වගේ නෙමෙයි…
ශක්තිමත් ගැහැණියක් වෙන්න. 🌼

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Dilu Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share