24/02/2026
ශ්‍රි ලංකාවෙ 0 කණුව (ඩබල් කටින්)
මෙම ස්ථානය 0 කණුව ලෙස හදුන්වනේ
ලංකා සිතියමේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සිරස් රේඛාවක් ඇද සංගමන් කන්ද තුඩුවේ සිට කොළඹ තුඩුව දක්වා තිරස් රේඛාවක් ඇන්ද පසු එම රේකා දෙක එකිනෙක කැපී යන( ජේදනය) වන ස්ථානය බැවින්.
මෙය පිහිටා ඇත්තේ ගිනිගත්හේන හැටන් A7 මාර්ගයේ දියගල හන්දියෙන් හැරී නොර්ටන්බ්‍රිජ් ජලාශය වෙත පැමිණ මස්කෙළිය මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගිය පසුය.මෙය තුන්මන් හන්දියක් වන අතර නොර්ටන්බ්‍රිජ් සහ මස්කෙළිය (ශ්‍රි පාදය) සහ ලක්ෂපාන දෙසට මාර්ග විහිදේ.මෙම ස්ථානයට දකුණු පස නිම්නයෙන් කැළණි ගඟද.වම් පස නිම්නයෙන් කෙසෙල් ගමු ඔයද ගලාබසි.