22/05/2026
ගමේ ලස්සන වැඩක් 🥹😍
#මාතර නගරයේ #ඉදිවන සුජාතා සිටු දියණියගේ කතා පුවත රැගත් විශාලතම #වෙසක් තොරණෙහි වැඩ කටයුතු ඓතිහාසික මාතර හිත්තැටිය රජමහා විහාරයේදී මේ වන විට සිදුවෙමින් පවතී...
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් මහෝත්සවය නිමිත්තෙන් හිත්තැටිය බටහිර තරුණ කැළ විසින් 9 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම දර්ශනීය #තොරණ රාජයා සහ #දන්සල් ඇතුළුව තවත් බොහෝ අංගයන් #දින #5ක් පුරාවට පැවැත්වේ...
මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක, උතුරු කොළඹ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය අග්‍රහැර කස්සප මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත සංවිධානය වන මෙම අසිරිමත් වෙසක් තොරණ රාජයා නැරඹීමට ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා...
තෙරුවන් සරණයි 🙏
#වෙසක්2026 #මාතර #හිත්තැටිය_රජමහා_විහාරය #වෙසක්_