04/01/2026
K.H.K super line kandy-colombo
ලන්කාවේ no 1 බස් සේවාවක් ♥️♥️♥️♥️♥️
මම ඊයේ රෑ කොළඹ ඉදලා යක්කලට එන්න නුවර බස් එකක නැග්ගා ඉස්සරහට වෙන්න තිබුන සීට් එකක වාඩි වෙලා බෑග් එක රැක් එකේ දැම්මා.යක්කලට ඇවිත් බැහැල ත්‍රීවිල් එකක නැගල ටිකක් දුර යද්දී තමයි බෑග් එක මතක් උනේ .වටින දේවල් තිබුන මම බෑග් එක ගැන අදහස අත ඇරලා නිකමට ටිකට් එකේ තිබුන .k.h.k super line නම google search කරලා බැලුවේ .ඒකේ තිබුන අන්කයට ගත්තා බලන්න මුස්ලිම් කාන්තාවන් ඉතා කාරුණිකව කතා කරලා එයාගේ මහත්තයගෙ අන්කය දුන්නා ඒකට ගත්තාම ඒ බස් අයිති කෙනා කතා කලා මුස්ලිම්.බොහොම කාරුණිකව කතා කරලා ටිකක් ඉන්න කියලා ආයෙ මට කතා කරලා කිව්වා බෑග් එක තියෙනවා උදේට යක්කලට ඇවිත් ගන්න කියලා.මට හරිම පුදුමයි.උදේ කොන්දොස්තර මහතා සහ රියදුරු මහතා මට කතා කරලා යක්කලට එන වෙලාව කිව්වා ඇවිත් ඉන්න කිව්වා එයාල සින්හල.හරිම කරුනාවෙන් කතා කලා.දැන් මට යක්කලදි බෑග් එක දුන්නා බස් එකේ සෙනඟ ගොඩක් හිටියා ඒත් එයාල මගේ බෑග් එක දීලා තමයි ගියේ.කවදාවත් ආගමෙන් රැකියාවෙන් මිනිස්සු මනින්න එපා කියලා හරියටම මට තේරුම් ගන්න පුළුවන් උනා.එයාලට ලාභයක් නැති උනත් එයාල අවන්කව උදව් කලා.K.H.K super line owner and staff ඔයාලා අනිත් හැමෝටම ආදර්ශයක්.ජය වේවා කවුද හරි බස් සේවාවේ ඉහලටම එන්න පුලුවන් ඔයාලාට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️