Ussapitiya Farm

Ussapitiya Farm Welcome to Ussapitiya Farm! Follow us for farm updates, tips, and quality products you can trust!

We're passionate about raising healthy, happy chickens using natural probiotics for better growth, stronger immunity, and sustainable farming.

10/04/2026

නැවුම් කුකුල් මස් අපේ මිල 1350.
5kg වැඩි ඇණවුම් සඳහා තවත් මිල අඩු කෙරේ.
0711674193

බොහෝ දෙනා අතර පැතිරෙන වැරදි අදහසක් තමයි “බ්‍රොයිලර් කුකුලන්ට හෝමෝන දෙනවා” කියන කතාව.නමුත් ලංකාවේ කිසිදු වාණිජ බ්‍රොයිලර්...
16/03/2026

බොහෝ දෙනා අතර පැතිරෙන වැරදි අදහසක් තමයි “බ්‍රොයිලර් කුකුලන්ට හෝමෝන දෙනවා” කියන කතාව.
නමුත් ලංකාවේ කිසිදු වාණිජ බ්‍රොයිලර් ෆාම් එකක හෝමෝන භාවිතා නොකරයි.

👉 හෝමෝන භාවිතා කළා නම් ඒවා එන්නත් (injection) ලෙස ලබා
දිය යුතුය.
👉 එය ඉතා මිල අධික සහ වෙළඳපොළ farming සඳහා ප්‍රායෝගික
නොවන ක්‍රමයක් වේ.
👉 එමෙන්ම වතුර හරහා හෝ ආහාර හරහා හෝමෝන ලබා දීම
සාර්ථක නොවේ.

🐥 එහෙනම් බ්‍රොයිලර් කුකුලන්ට මුල් දිනවල ජලයට දමන්නේ මොනවද?

බොහෝ ෆාම් වල මුල් දිනවල ලබා දෙන දෑ මෙවැනි දෑය:

1️⃣ ග්ලුකෝස් – transport stress අඩු කිරීමට
2️⃣ විටමින් – පැටවුන්ගේ ශරීර ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිශක්තියට
3️⃣ මුල් දින 3කට ප්‍රතිජීවක – මුල් බැක්ටීරියා ආසාදන වලක්වා ගැනීමට
4️⃣ IB / ND වැනි රෝග සඳහා එන්නත් – මිනිසුන්ට දෙන එන්නත් වැනි
ආරක්ෂිත රෝග වැළැක්වීමක්

(බොහෝ විට වියදම් හේතු නිසා සමහර ෆාම් වල එන්නත් සියල්ලම භාවිතා නොකරන අවස්ථාද ඇත.)

📈 බ්‍රොයිලර් ඉක්මනින් වර්ධනය වීමට හේතුව කුමක්ද?

බ්‍රොයිලර් කුකුලෙකු 35 දිනක් තුළ සාමාන්‍යයෙන් ~2.2-2.3 kg වැනි බරක් ලබා ගනී.
එයට හේතු ප්‍රධාන වශයෙන් දෙකක් පමණි:

✔ දශක ගණනාවක් තිස්සේ සිදු කර ඇති ප්‍රවෙණිගත අභිජනනය
(Selective breeding)
✔ විද්‍යාත්මකව සකස් කළ පෝෂණ වලින් පරිපූර්ණ ආහාර

නමුත් එම ආහාර, ගම් කුකුලෙකුට දුන්නට එවැනි වේගයකින් වර්ධනය නොවේ, එය ජාන මිශ්‍ර වීම නිසා.

🧬 බ්‍රොයිලර් පැටවුන් ලැබෙන්නේ කොහෙන්ද?

ලෝකයේ බ්‍රොයිලර් Grandparents අභිජනනය කරන ඉතා සීමිත ගෝලීය සමාගම් කිහිපයක් පමණක් ඇත.
උදාහරණ;
• Grandparent stock
• Parent stock

එම සතුන් ආරක්ෂිත පරිසරයක අධික වියදමක් දරා නඩත්තු කටයුතු කරයි.

⚠️ බ්‍රොයිලර් කර්මාන්තයේ සැබෑ ගැටළුව

සමහර ෆාම් වල පරිපාලන ගැටළු සහ biosecurity දුර්වලතා නිසා:
• CRD
• E.coli
• Salmonella

වැනි රෝග ඇති විය හැක.

එවැනි අවස්ථාවල ප්‍රතිජීවක භාවිතා කිරීමට සිදු විය හැක.

⚠️ අවසාන කාලයේ ප්‍රතිකාර කළහොත්
ඒ ප්‍රතිජීවක residue මස් හරහා මිනිසුන්ට පැමිණිය හැක.

එමඟිantibiotic resistance ඇති වීමේ අවදානමක් ඇත.

🌍 ලෝකයේ නව ප්‍රවණතාවය

මේ නිසාම අද:

✔ යුරෝපා සංගමය ඇතුළු රටවල් බොහෝ හානිකර ප්‍රතිජීවක තහනම්
කර ඇත.
✔ ගොවි මහත්වරුන් biosecurity, management, probiotics
සහ නව ජෛව තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් antibiotic-free
poultry production වෙත මාරු වෙමින් සිටී.

🇱🇰 ශ්‍රී ලංකාවද ඒ දිශාවට ගමන් කරමින්
සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රතිජීවක අඩු poultry නිෂ්පාදන ක්‍රම ක්‍රියාත්මක කරමින් සිටී.

Address

Mawanella
71510

Telephone

+94711674193

Website

Alerts

Be the first to know and let us send you an email when Ussapitiya Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share