Neluwa Galle Sri Lanka

Neluwa Galle Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neluwa Galle Sri Lanka, Neluwa.

උතුම් වූ නිවන පමණක්ම පතමි..!ජාතියේ යශෝරාවය..!
21/08/2026

උතුම් වූ නිවන පමණක්ම පතමි..!

ජාතියේ යශෝරාවය..!

නෙළුව ජාතික පාසලට ජාත්‍යන්තර චෙස් ජයක් !!2026 අගෝස්තු 14 දින සිට 18 දක්වා පුරා දින 05ක් මාතර චන්දිව් හෝටලයේදී පැවති 04th...
21/08/2026

නෙළුව ජාතික පාසලට ජාත්‍යන්තර චෙස් ජයක් !!

2026 අගෝස්තු 14 දින සිට 18 දක්වා පුරා දින 05ක් මාතර චන්දිව් හෝටලයේදී පැවති 04th Rahulians International Chess Festival තරඟාවලියේ අධිවේගී චෙස් කාණ්ඩයේ ශ්‍රේණිගතකිරීම් 1401 -1500 හි විවෘත තෙවන ස්ථානය ලබා ගැනීමට නෙළුව ජාතික පාසලේ රන්‍යුරු රශ්මිත බණ්ඩාර සිසුවා සමත් වී ඇත.

ලෝක චෙස් සම්මේලනය සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවති මෙම තරඟාවලිය සඳහා ජර්මනිය,ඉන්දියාව,ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගි වන ලදී.

උඩුගම කලාපයෙන් බිහිවූ ප්‍රථම ශ්‍රේණිගතකිරීම් ලකුණු හිමි චෙස් ක්‍රීඩකයා ද වන්නේ රන්‍යුරු රශ්මිත වේ.

මෙම තරඟාවලියේ ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු 66 ක් ඉදිරියට ගොස් තිබේ.ඒ අනුව මෙවන් ජයග්‍රහණයක් ලබාගත් උඩුගම කලාපයේ ප්‍රථම චෙස් ක්‍රීඩකයා වීමට රන්‍යුරු සමත් වී ඇත.

නෙළුව ජාතික පාසලේ චෙස් ක්‍රීඩාව හදාරන රන්‍යුරුගේ පුහුණුකරු ලෙස දිමුත් මධුසංක මහතා කටයුතු කරනු ලබයි.චෙස් ක්‍රීඩා භාර ආචාර්ය ලෙස සහන් රුමේෂ් සිල්වා මහතා කටයුතු කරයි.

මෙම මස 20 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වෙන Queen Star International Chess Championship තරඟාවලිය සඳහා ද රන්‍යුරු සහභාගි වී ඇත.

එම තරඟාවලිය සඳහා චීනය,ඉන්දියාව,එංගලන්තය,ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතව තිබේ.

තවත් විශිෂ්ට ජයග්‍රහණයන්ට ඔබට අපගේ සුභ පැතුම්..!!

18/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | පළමු කුඹල් පෙරහර.
(සිංහල සජීව විකාශය.)

18.08.2026🔴 දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිඟුරුම් සහිත වැසි.සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වි...
18/08/2026

18.08.2026🔴 දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිඟුරුම් සහිත වැසි.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

18/08/2026
2026-08-17 දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8 ක් ලෙස පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.2026-08-1...
17/08/2026

2026-08-17 දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8 ක් ලෙස පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.

2026-08-17 அன்று அதிகபட்ச வெப்பநிலையான 36.8 பாகை செல்சியஸ் பொலன்னறுவை வளிமண்டலவியல்கல் நிலையத்திலிருந்துங்கள் பதிவாகியுள்ளது.

The maximum temperature of 36.8 degrees of Celsius on 17-08-2026 was reported from Polonnaruwa meteorological station.
-----
සටහන: 2026-08-17 දින දහවල් කාලයේදී කා.වි.දෙ. ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.

குறிப்பு: வரைபடமானது 2026-08-17 பிற்பகலில் வளிமண்டலவியல் நிலையங்களிலிருந்து பதிவான அதிகபட்ச வெப்பநிலைப் பெறுமதிகளைக் காட்டுகிறது.

Note: The map shows reported maximum temperature values from the meteorological stations during the afternoon on 17-08-2026.

නෙළුව අන්තර් ළමා සමාජ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 2026
16/08/2026

නෙළුව අන්තර් ළමා සමාජ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 2026

15/08/2026

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට (15) රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් තරගය සදහා ඇතුළුවීම නොමිලේ! (උපුටා ගැනීමකි )
15/08/2026

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් තරගය සදහා ඇතුළුවීම නොමිලේ! (උපුටා ගැනීමකි )

Address

Neluwa

Website

Alerts

Be the first to know and let us send you an email when Neluwa Galle Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share