CS VibE

CS VibE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CS VibE, Travel and transport, Ohiya.

21/10/2025

කලාතුරකින් දකින්න ලැබෙන මායාවක්😍🪻🍃
#නෙලු ゚viralシfypシ゚viralシal

🪻 නෙලු මල් සහ හෝර්ටන් තැන්න 🍃      ඉතින් මේ තමයි නෙලු මල් දකින්න ලැබෙන අවසාන දවස් කිහිපය🥰.සංචාරකයෙක්ට ,එහෙමත් නැත්නම් පර...
20/10/2025

🪻 නෙලු මල් සහ හෝර්ටන් තැන්න 🍃
ඉතින් මේ තමයි නෙලු මල් දකින්න ලැබෙන අවසාන දවස් කිහිපය🥰.සංචාරකයෙක්ට ,එහෙමත් නැත්නම් පරිසරයට සොබාදහමට ආදරේ මනුස්සයෙක්ට ජිවිතයේ මග නොහැර ගත යුතු අත්දැකීමක් තමයි මේ අවුරුදු ගනනාවකින් උදා වුනේ.ඉතින් මෙතනදි හොර්ටන් තැන්න විශේෂ වෙන්නේ පැහැදිලිව මේ මල් බලගන්න පුලුවන් එකම ස්ථානය මේ හෝර්ටන් තැන්න වෙන නිසා.
ගමන සහ අනිත් තොරතුරු ගැන කතාකරන්න කලින් මේ" නෙලු මල් " ගැන පොඩි සදහන් කිරීමක් කරල ඉන්නම්.🍃
🪻කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ පොඩි මලක් මෙච්චර විශේෂ වෙන්නේ ඇයි කියල,ඒකට ප්‍රධානම හේතුව වෙන්නෙ නෙලු මල් වලට තිබෙන අමුතුම ආකාරයේ ජීවන චක්‍රය නිසා.ඒ වගේම තව දෙයක් තමයි මේ මල් නිසා වනාන්තරය වෙනස්ම මුහුනුවරක් ගැනීම.
නෙලු (strobilanthes sp.) මල් ශාකය කුඩා පැලෑටි අවදියේ සිට හොදින් හැදී වැඩී මල් හටගන්නා පදුරක් බවට පත්වීමට වසර 8-11ත් අතර කාලයක් ගතවෙනව.මේ මල් අලංකාර නිල් පාටට හුරු දම් පැහැයක් ගන්න නිසාත්,තවද මේ නෙලු පදුරු හෝර්ටන් තැන්න පරිසර පද්දතිය පුරා පැතිරී තිබෙන නිසාත් මේ මල් පිපෙන කාලයට බලන බලන අත මේ මල් වල පැහැයෙන් තමයි පෙන්න ගන්නෙ.
ඉතින් මේ මල් පිපිල ඉවර උනාට පස්සෙ මේ නෙලු පදුරු මැ |රී ගිහින් වනාන්තරයේ යටි ස්ථරය ,මැරී ගිය නෙලු කදන් වලින් සම්පූර්ණයෙන් ඇහිරී යනවා. එමෙන්ම මේ ක්‍රියාවලියෙන් පස්සෙ වනාන්තරය ට හොදින් හිරු එලිය වැටෙන නිසා නෙලු පැල හටගැනීමට පෙර "දෙරණ(balsum) හා කෝලියාස් (coleus)වැනි ශාක විශේශ වැඩෙන්න පටන් ගන්නවා.පසුව මේ නෙලු පැල හටගැනීමෙන් පසුව පලමුව කොල පැහැති පලසක් ලෙසද දිස්වේ.
තවත් විශේෂ කාරණාවක් තමයි මේ ශාකය එක්කම බැදුනු සතුන් දෙදෙනෙකු ගැනත් මේ මල් පිපෙන කාලෙට කතාබහට ලක්වීම.ලංකාවට ආවේණික වුන වළිකුකුලාගේ ප්‍රියතම ආහාරයක් තමයි නෙලු ශාකයේ බීජ,ඉතින් මේ බීජ ඔනාවට වඩා කැවම මේ සතුන් මත්වීමක් වෙනවා.🫣 එක පැත්තකින් සතුටක් වගේම අනෙක් පැත්තෙන් මෙ මත්වීම කැලෑවෙ ඉන්න අනෙක් විලෝපිකයන්ට පහසු ගොදුරක් කරවන්නත් මග පාදල දෙනවා,ඒ මක් නිසාද යත් මේ මත්වීමත් සමග වලි කුකුලන් නගන ඝෝශාකාරී හඩ නිසාවෙනි.
කලින් කිව්ව වගේම මේ ශාකය අලි ඇතුන්ගේද ප්‍රියතම ආහාරයක් ,ඒත් අවාසනාවකට කාරණාව මේ වෙද්දි හෝර්ටන් තැන්න අලි ඇතුන්ගෙන් තොරවීමයි.මේ පරිසරයේ ඇවිදින ඔනෑම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ඒ අතීතයේ අලි ඇතුන් වාසය කල භුමියක් නම්,එකල ඔවුන් කොපමන නිදහසේ කාලය ගතකරන්නට ඇතයි කියා🙂......
අපේ මීලග කොටස හෝර්ටන් තැන්න පරිසර පද්දතිය සහ අලි ඇතුන් ගැන මෙන්ම වර්තමානයේ පවතින තත්වය සම්බන්දව සොයාගත් කරුණු ඉදිරිපත් කිරීමයි.......

අවසාන වශයෙන් ගමන සහ ගමන් සගයන් ගැන සදහන් කරොත් සුපුරුදු පරිදි මේ ගමනත් සැලසුම් කරේ මගේ මිත්‍ර සුභාශ් .ඒ වගේම මේ ගමනට එකතු වුනේ දුශාන් ,මම සහ සුභාශ්.
අපි මෙවර බයික් වලින් තමයි ගමන ගියෙ,විශේශ දෙයක් සදහන් කරන්න ඔනේ මේ ගමන යන්න තොරගනිපු දවස් සතියෙ දවසක් තමයි යොදා ගත්තෙ ,මොකද අපිට ඔනේ උනේ මේ පරිසරයේ සුන්දරත්වය කලබල නැතුව විදින්න,පහුගිය කාලයේ අති විශාල මිනිස් ගහනයක් සහිත වූ හොර්ටන් තැන්නෙ ,එම පැමිණීමත් සමග පැමිනි සම| හරක් සිදු කර තිබු විනාශයන්ද බොහෝ තැන් වල අපට දැකගන්නට හැකිවුනා ඒ සම්බන්දව සහ අනෙක් කාරණා සමග ඊලග කොටසින් හමුවෙමු.................

කරුණු උපුටා ගැනීම- හෝර්ටන් තැන්න
#නෙලු ゚viralシfypシ゚viralシal

කාලය ආපස්සට ගන්න බෑ මිත්‍රයා ....ඉතින් නිදහසේ පියාඹන්න ..😌🍃
18/07/2025

කාලය ආපස්සට ගන්න බෑ මිත්‍රයා ....
ඉතින් නිදහසේ පියාඹන්න ..😌🍃

සදගලතැන්න හරහා පහලට කරුණාව⛰️   මුලින්ම කතාව පටන් ගන්න කලින් මේ සදගලතැන්න මාර්ගය ගැන පොඩ්ඩක්  හැදින්වීමක් කරල ඉන්නම්,   ස...
11/05/2025

සදගලතැන්න හරහා පහලට කරුණාව⛰️

මුලින්ම කතාව පටන් ගන්න කලින් මේ සදගලතැන්න මාර්ගය ගැන පොඩ්ඩක් හැදින්වීමක් කරල ඉන්නම්,
සිරිපා කරුණා කරන්න තියෙන කෙටිම මාර්ගය එහෙම නැත්නම් අඩුම නැග්මක් සහිත මාර්ගය විදිහට මේ සදගලතැන්න මාර්ගය හදුන්වන්න පුලුවන්.ආසන්න වශයෙන් දුර 5km ක් ලෙසත් මාර්ගයේ නැග්ම 700m ක් ලෙසටත් තමයි සදහන් වෙන්නෙ.ඒ වගේම මලුවට කරුණා කිරීමට ගතවන කාලය පැය 3-5 අතර සාමාන්‍යක් ලෙස ගන්න පුලුවන්.
තව විශේශ කාරණා කිහිපයක් තමයි මේ මාර්ගයේ කරුණා කරද්දි හැටන් පාරට සම්බන්ද වෙනකල් කිසිම අම්බලමක් හෝ කඩ හෝ වැසිකිළි පහසුකම් කිසිවක් හම්බවෙන්නෙ නැ.ඒ වගේම මේ මාර්ගයේ රත්‍රි ගමන් කිරිම ,කදවුරු බැදීම් සම්පූර්ණයෙන් තහනම්.(රත්‍රියේදි විදුලියත් මේ මාර්ගයේ නෑ)
සදගලතැන්න මාර්ගය ආරම්භක ස්ථානය තියෙන්නෙ පිහිටා තියෙන්නෙ රජමාලේ වතුයාය කෙලවර.මුහුදු මට්ටමේ ඉදන් 1530m පමණ උසකින් තමයි ගමන පටන් ගන්න තියෙන්නෙ.
ඉතින් බස් එකේ එනවනං හැටන් වල ඉදන් නල්ලතන්නියට ඇවිත් නල්ලතන්නියෙන් මරේ වලට යන බස් එකක නැගල මරේ හරහා රජමලේට තමයි එන්න ඔනේ.බස් එකේ ආවම රජමලේ මරී අම්මාන් කෝවිල ගාවින් බැහැල ඉස්සරහට ඇවිදගෙන ගියාම හම්බවෙන කෙටි පාර්‍ර්න් පොඩි නැග්ම උඩට නැගල තේ වත්ත මැදින් ආවම ආරම්භක ස්ථානයට එන්න පුලුවන්.ඉතින් මේ ස්ථානය හොයාගන්න එක අපහසු නෑ මොකද මෙතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බෝඩ් එකක් ලොකුවට ගහල තියෙන නිසා.
සිරිපා වාරයේදි මේ මාර්ගය එළි පෙහෙළි කරල තියෙන නිසා හැටන් මාර්ගයට සම්බන්ද වෙනකන් රක්ෂිතය හරහා පැහැදිලිව තියෙනවා .මේ මාර්ගය බහුලව බාවිතා කරන්නෙ වතුවල ජීවත් වෙන දෙමළ මිනිස්සු තමයි.ගොඩක් වෙලාවට හැටන් මාර්ගයේ කඩ වලට අවශ්‍ය බඩු එහෙම අරගෙන යන්නෙ ඒ මිනිස්සු මේ මාරගය භාවිතා කරල.
කලින් කිව්ව වගේම මේ සදගලතැන්න මාර්ගය අවසානයේදි සම්බන්ද වෙන්නෙ හැටන් ශ්‍රී පාද මාර්ගයට,ඉතින් ඒ සම්බන්ද වෙන ස්ථානයේ ඉදන් තමයි මහගිරිදඹය නගින්න පටන් ගන්නෙ.මේ ස්ථානයේ ලොකුවට බෝඩ් එකක් ගහල තමයි තියෙන්නෙ.
මාරගය ගැන සදහන් කරා වගේම තව විශේෂ දේවල් දෙකක් මතක් කරන්න ඔනේ එන කෙනෙක් ඉන්නවන්ම් මේ මාර්ගය හරහා.
🚫1.මේ මාර්ගයේ කුඩා දරුවන් හා වැඩිහිටි මහළු අය ගමන් නොකරන තරමට හොදයි මොකද පඩිපෙල් නැති නිස තරමක දුශ්කර බවක් තියෙනවා
🚫2.මේ වෙද්දි මිනිස්සුන්ගෙන් මේ සමනළ රක්ෂිතය පාරිසරික අතින් සැලකිය යුතු මට්ටමකටත් එහා ගිහින් පාරිසරිකව දූෂණය වෙලා තියෙනවා.ඒ නිසා කිසිම වෙලාවක මොන පාරෙන් ගියත් කසල බැහැර කිරීමක් කරන්න යන්න එපා.ඔබ රැගෙන එන සියල්ල අරන් ආව වගේම අපහු පහලට යද්දිත් අරගෙන යන්න වගබලාගන්න.සෑම මොහොතකම පරිසරයට ආදරය කරන මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න❣️ මොකද ඔබ මම සියලු දෙනාගෙ හුස්ම රැදිල තියෙන්නෙ මේ නොඉඳුල් පරිසර පද්දති නිසා☘️🍃
ඉතින් දැන් අපි යමු දෙහෙනකන්ද මුක්කුවත්ත වනගත මාර්ගය හරහා ඇවිත් මලුවට ගිහින්,මලුවෙ රෑ ගත කරල සදගලතැන්න හරහා පහලට කරුණා කරපු විස්තර ටික බලන්න.කලින් කියවන්න බැරි උන කෙනෙක් ඉන්නවන්ම් පහල තියන ලින්ක් එකෙන් ඒ විස්තර සහ මුක්කුවත්ත මාර්ගය ගැන බලන්න පුලුවන්😇
https://m.facebook.com/story.php?story_fbid=122109846632077465&id=61552323952636&mibextid=Nif5oz
ඉතින් උඩ මලුවෙ රාත්‍රිය ගතකරල පාන්දර 4.30 විතර වගේ වෙද්දි තමයි අපි ඇහැරුනේ.ඒ වෙද්දි මුලු අම්බලම ඇතුලෙ මිනිස්සු පිරිල නිදි.ඒ අතරෙ තවත් පිරිසක් අතරින් පතර හිටගෙන සිතල අකාමාකා ගන්න රෙදි, ජ්ර්සි පොරවගෙන ගුලි වෙලා හිටියෙ.දුර කතර ගෙවාගෙන එන මිනිස්සු බොහොමයකගෙ අරමුණ තමයි උදේ ඉර උදාවත් බලාගෙන සිරිපා පතුල වැදල පහලට කරුණා කරන එක. සිතලේ රෙද්දත් පොරවගෙන පොඩි වෙලාවක් වාඩි වෙලා හිටපු අපි දෙන්න හෙමින් සීරුවෙ බෑග් දෙකට බඩු ටිකත් අපහු දාල දොළොස් මහේ පහන පැත්තට නිදාගෙන හිටපු මිනිස්සුන්ගෙ අතරින් හෙමින් හෙමින් කකුල් අඩි තිය තිය ගියා.මොකද කිව්වොත් ඒ තරමට මිනිස්සු මුලු අම්බලම පුරාම බිම නිදි.පහන කිට්ටුව ටික වෙලාවක් ඉදල නැවතත් උඩ මලුවට නැගල පෝලිමට අපි ගොඩ වුනේ සිරි පතුල වදින්නට.මෙ වෙද්දි වෙලාව උදේ 5.10 වෙලා තිබුනෙ, මලුවටත් මිනිස්සු කෙමෙන් කෙමෙන් වැඩි වෙන්න පටන් අරන් තිබුන අතරෙ සිරි පතුලත් වැදල මලුවෙ පසෙකට ගියපු අපි පොඩි වෙලාවකට වැදුම් පිලිවෙත් වල නිරත වුනා.සීතලත් යම් තරමකට තිබුනත් ඇවිල්ල තිබුන පොඩි ලොකු බහුතරයකගෙ සිත් වල තිබෙන්නට ඇත්තේ මෙච්චර දුරක් ගෙවාගෙන ඇවිත් ඉන්නෙ උතුම් බුදුන් වහන්සෙගෙ මේ පිහිටුවල තියෙන ශ්‍රි පතුල වන්දනා කරල මේ සසර ගමන නිවනට දුර නොවෙවා කියන එකම ප්‍රාර්ථනාවක් කියලයි මට ඒ මොහොතේ හිතට ආවේ.
ඉර සේවය ආරම්භ වෙන්න තවත් පොඩි වෙලාවක් තිබුන නිසා අපි හැටන් මාර්ගයෙන් මලුවට ගොඩ වන තැන පඩිපෙලේ අයිනකට ඉක්මනට ගියේ තවත් සුලු වෙලාවකින් උඩ මලුව වහන නිසා.මෙ වෙද්දි මිනිස්සු සෑහෙන තරමක් පිරිල හිටියෙ හැටන් මාර්ගයේ තදබදයක් පෙන්නුම්කරමින්.තව විශේෂ දෙයක් තමයි විදේශීය ජාතික පිරිසත් මේ අතර සිටීම.සියලු දෙනාගේ අරමුණ වෙලා තිබුනේ තමන්ගෙ දෑස් වලින් ඉර උදාව දැකගන්න එක.
මේ අතර මලුව තේවාව වෙනුවෙන් සුළු වෙලාවකට වහල හේවිසි සහ බෙර නාදය පටන් අරන් තිබුනෙ.උදෑසන 6.20විතර වෙද්දි කලු වලාකුලු අතරින් ඉර එළිය හෙමින් හෙමින් වැටෙන්න පටන් ගත්තෙ සියලු දෙනාගේ මූනු වලට සතුටක් එක් කරමින්.සියල්ලන්ම තමන්ගෙ දුරකථන වල කැමරා වලින් ඉර උදාව පටිගත කරගත්තෙ තමන්ගෙ ජිවිතයෙ අමතක නොවන අවස්තාවක් ලෙසින්.හේවිසි පූජාවෙන් අනතුරුව මලුව විවෘත කෙරුනෙ නැවතත් ශ්‍රි පතුල වදින්න අවස්තාව උදා කරමින්.කෙසේ වෙතත් ඉර සේවය බලල ආපහු මලුවට අපු අපිට උදේ පූජාවට සම්බන්ද වෙන්නත් අවස්තාව උදාවුනා.මල් ,පහන් ,බුද්ධ පුජාව,පිරිකර වලට අතගහල ඉන් අනතුරුව උදේ පැමින සිටි ස්වාමීන් වහන්සේ නමක් විසින් පුජාව සිදු කරා.
ඉතින් සතුටින් මතක් කරන්න ඔනේ අපිට ජිවිතේ පලවෙනි වතාවට තමයි මෙ වගේ අවස්තාවක් අත්විදින්න පුලුවන් වුනේ.කලින් කිහිප වතාවක් සිරිපා කරුණා කරල තිබුනත් මලුවෙ මෙතරම් වෙලාවක් ඉදල පූජාවකට සම්බන්ද වෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඉතින් හිතේ කියන්න බැරි තරම් සතුටක් එක්ක මලුවෙන් පිටතට ආපු අපි පොටෝ කිහිපයක් ගත්තෙ මතක සටහන් විදිහට පස්සෙ කාලෙක බලන්න.
අවසානෙ නැවතත් අපි අම්බලමට ගොඩ වෙලා අපේ බෑග් සුදානම් කරගෙන හැටන් මාර්ගයෙන් පහලට කරුණාකරන්න පටන් ගත්තා.
හුලන් කපොල්ල පහු වෙද්දිම වගෙ බත් දන්සලකුත් ඒ පටන් අරන් තිබුන නිසා මිනිස්සු මහන්සියත් බඩගින්නත් නිවාගන්න අම්බලමට ගොඩ වෙන ආකාරය අපිට දැකගන්න පුලුවන් වුනා .ඇත්තටම මෙච්චර කන්දක් උඩට සෑහෙන අමාරුවෙන් මේ බඩු ගෙනත් දන්සල් දෙනව කියන එක හිතාගන්න බෑ.ඇත්තටම ජාති ජාතිත් මේ මිනිස්සුන්ට පින් ලැබේවා කියන ප්‍රාර්ථනය එක්ක අපි ආපහු පහලට කරුණා කරන්න පටන් ගත්තා.
යම් සැලකිය යුතු දුරක් පහලට ආවම අපිට කලින් මම සදහන් කරපු සදගලතැන්න මාර්ගයට ඇතුලු වෙන තැන තියන ලොකු බෝඩ් එක හම්බවෙනවා.
ඉතින් දුකෙන් උනත් කියන්න ඔනේ සමහර මිනිස්සු කරන ජාරා වැඩ නිසා මාර්ගයට ඇතුලු වෙන තැන අවට එහෙම විනාස කරල තිබුනෙ.එක පැත්තකින් බුලත් කෙල තව පැත්තකින් කෝඩු පැකට්.ඉතින් යන අයගෙන් ආයෙත් ඉල්ලන්නෙ මේ වගේ සංවේදී පරිසර පද්දති වලට මේ වගේ ජරා වැඩ කරන්න එපා.
ඒ දේවලුත් බලාගෙන රක්ශිතයට ඇතුලු වුන අපි නැවතත් ඉදිරියට ගමන් කරන්නට වුනෙමු.ප්‍රදාන මාර්ග තුනට සාපේක්ෂව බලද්දි අවට මිනිස්සු දුලබ වීම අවට පරිසරයෙ සුන්දරත්වය බලන්න හොද අවස්තාක් වුනා අපිට.
මේ මාර්ගයෙත් දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයේ වගේම සිරිපාදය පැහැදිලි ලෙස බලන්න පුලුවන් තැන්නක් වගේ පිහිටීමක් අපිට හමුවෙනවා පහලට කරුණා කරද්දි.ඉතින් ඒ තැනට ආවම ටික වේලාවක් ගිමන් හරින්න නතර වුනා.නැවතිල පොටෝ ටිකකුත් ගහගෙන ආපහු පහලට නැවතත් අපි කරුණා කරන්න පටන් ගත්තා.පහලට යද්දි හැටන් මාර්ගයේ කඩවලට බඩු අරගෙන යන වතුකරේ මිනිස්සු අපිට නිතරම වගේ මාර්ගයේ දකින්න් ලැබුනා.එ වගේම පොඩි දොල පාරකුත් අපිට යන මග හමුවුන නිසා අපේ වතුර බෝතලුත් පුරවගෙන මූන කටත් හෝදගෙන ඉදිරියට ගමන් කරන්නට වුනෙමු.
අවසානයේ සදගලතැන්න මාර්ගයේ ආරම්භක ස්ථානයට ලගා වූ අප මද වේලාවක් ගිමන් හැර අපි ගෙනපු පෙතිපාන් එකත් ,හැටන් පාරෙන් ගනිපු කේක් කෑලි දෙකත් කාල මාරි අම්මාන් කෝවිල අසලට පැමිනි පසු මුල්ගල හන්දියට යනකන් රජමලේ වත්ත හරහා පයින්ම ගමන් කරල ප්‍රදාන මාර්ගයට පැමිණ නල්ලතන්නියේ ඉදන් ආපු බස් එකකට ගොඩ වෙලා හැටන් දක්වා ඇවිත් සිරිපා කරුණාව ඒ ආකාරයට අවසන් කර, ඉන් පසුව නිවෙස් කරා යෑමට කොලඹ බලා දාවනය වන බස රථයටකට නැවතත් අපි ගොඩ වූයෙමු.
සමස්තයක් වශයෙන් ගත්තම ගමන කෙතරම් දුශ්කර වුවත් අප ලබාගත් අත්දැකීම් කිසි දිනෙක අපිට අමතක නොවනු ඇත.ඒ වගේම අපි ගෙදරින් යද්දි අරන් ගියපු පොලිතීන් බෑග් අපේ අනෙකුත් ඉවතලන දෑ සියල්ල නැවත ගෙදරට එනකල්ම අරගෙන එන්නත් අපි වගබලාගත්තෙ මෙම සංවේදී පරිසර තව දීර්ඝ කාලයක් මෙලෙසම ආරක්ශා විය යුතු නිසාවෙනි.🍃
💠-cs vibe-💠
~chathu~

#සදගලතැන්න #සිරිපා

 #දෙහෙනකන්ද_මුක්කුවත්ත වනගත මාර්ගය හරහා සිරිපා කරුණාව⛰️ කතාව පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම දෙහෙන කන්ද මාර්ගය ගැන පොඩි පැහැද...
01/05/2025

#දෙහෙනකන්ද_මුක්කුවත්ත වනගත මාර්ගය හරහා සිරිපා කරුණාව⛰️

කතාව පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම දෙහෙන කන්ද මාර්ගය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.අනිත් මාර්ග වලට සාපේක්ශව මේ මාර්ගය හොයාගෙන ලොකු කාලයක් වෙන්නෙ නෑ .ඒකට හේතුව වෙන්නෙ මේ මාර්ගය හොයගෙන තියෙන්නෙ 1993 දි. ඒ වගේම මේ මාර්ගය හොයගන්නෙ වෙඩික්කාර කම්කානන්ගේ ඩිංගිරි කියන පුද්ගලයා විසින් කියල තමයි සදහන් වෙන්නෙ.තියෙන දුෂ්කර බවත් සමග ජල දුර්ඝ,ගිරි දුර්ඝ,වන දුර්ඝ පසු කරමින් යන්න සිද්ද වෙන නිසාම මේ මාර්ගයෙන් කරුණා කරන්න පුලුවන් උනේ ඉතාමත් සීමිත පිරිසකට.ඒ වගේම සිරීපාදය වෙනස් අකාරයකින් දැකගන්න පුලුවන් එකම පාර කියන්නත් පුලුවන්.
හරි අපි දැන් යම් කතාවට😉,සිරිපා කරුණාව ඉස්සෙල්ලාම පටන් ගත්තු දවසෙ ඉදන් තිබ්බ අසාවක් උනේ කවදහරි දෙහෙනනක්ද පාරෙනුත් කොහොමහරි යනව කියල.ඒත් එක්කම තව හේතුවක් වුනේ මේ වෙද්දි ප්‍රදාන මාර්ග 6න් 5ක්ම කරුණා කරල තිබුනත් මේ මාර්ගයේ කරුණා කරන්න අවස්තාව නොලැබීමයි.කිහිප වරක් උත්සහ කරත් ඒ හැම වතාවෙම වුනෙ ගමන කල් ගියපු එක.ඔහොම ඉද්දි සුපුරුදු ගමන් සගය වුන සුභාෂ්ගෙන් මැසේජ් එකක් එනව හෙට රෑ බස් එකෙ යමු කියල අනිද්දා දෙහෙනකන්ද පාරෙන් කරුණා කරන්න.😳
ගොඩක් වෙලාවට ගමන් සංවිධානය කරද්දි මගේ මිත්‍රයගෙ පුරුද්දක් තමයි ගමනක් කිසිම දවසක කල් තියල plan කරන්නෙ නැතිකම😒.
ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඔනේ කාරණාවක් තමයි සාමාන්‍යයෙන් සිරිපා කරුණා කරද්දි හැම වතාවෙම පේ වෙලා තමයි අපි කරුණා කරන්නෙ.පුරුදු විදිහට ඒ කටයුතුත් එ විදිහට කරල ඉරිදා රෑ 11.30 විතර ගෙදරින් පිටත් වුනා වැලිගම බස් නැවතුමට එන්න.
පාන්දර වෙද්දි වෙනදට දැනෙන හීතලට වඩා වැඩි හීතලක් තිබුනෙ වැහි අදුරත් එක්කම වගේ.ඒ වෙද්දි මගේ මිත්‍රයා බස් නැවතුමේ බලන් හිටියෙ මම එනකල් .ඉතින් ගිය ගමන් අවශ්‍ය බඩු ඔක්කොම අරන් ඇවිත්ද තියෙන්නෙ කියල අපහු පාරක් කෝකටත් කියල දෙන්නම බෑග් බැලුව😄.
අපේ ගමන් මාර්ගය වුනේ වැලිගමින් කොලඹට ගිහින් කොලඹින් රත්නපුර ටවුන් එකෙන් දෙහෙනකන්දට යන එක.පාන්දර 12.05 ට වගේ අපි බස් එකට ගොඩ වුනා.හෙට දවසෙම කරුණා කරන්න තියෙන නිසා කෝකටත් කියල පොඩි නින්දක් දාගත්ත දෙන්නම බස් එකේ යන් අතරවාරෙදි.
කොලඹට කිට්ටු වෙද්දි හීනියට වගේ පොඩි වැස්සකුත් පටන් අරන් තමයි තිබුනෙ.කොලඹින් බැහැල ඊලඟට ගොඩ වුනේ රත්නපුර බස් එකට.ආපහු නින්දක් දාගෙන හිටපු දෙන්නම ඇහැරුනේ බස් එකේ ජනෙල් අතරින් හුලග එක්ක අපු හිරිපොද නිසා.ඇහැරිල බලද්දි හොදටම වහින්න පටන් අරන්, දෙන්නම මූනු බලාගත්තෙ හිතේ දෙගිඩියාවෙන් වගේ.මොකද වැස්සෙ දෙහෙනකන්දෙ පාරෙන් කරුණා කරන එක එච්චර සුදුසු නැති නිසා.ඔය අතරෙ පාන්දර 6.05 වගේ වෙද්දි රත්නපුර ටවුන් එකට කිට්ටු වෙන්න අපිට පුලුවන් වුනා.බස් එකෙන් බහිද්දිත් වැසි තත්ත්වය තිබුනත් කලින්ට වඩා අඩු වෙලා තිබුනෙ.අපේ අවසාන නැවතුමට යන්න තමයි ඊලගට තිබුනෙ.බස් නැවතුමේ අනෙක් කොටසෙ ඒ වෙද්දි බස් එකක් තිබුන නිසා පොද වැස්සේ තෙමීගෙන දුවල ගිහින් බස් එකට ගොඩ උනා දෙන්නම.
මේ බස් එක රත්නපුර ටවුන් එකේ ඉදන් දෙහෙනකන්ද හරහා බඹරළකන්දට තමයි යන්නෙ.බස් එක පිටත් වෙන්න තිබුනෙ 6.20ට විතර.
ඉතින් පිටත් වෙන්න වෙලා තිබුන නිසා අපි කොන්දොස්තර මහාතාගෙන් අපේ මුක්කුවත්ත හරහා කරුණා කරන පාර ගැන ඒ අතරෙ පොඩ්ඩක් විස්තර ටිකක් අහගත්ත.මුලින් තිබ්බ වැහි අදුර මේ වෙද්දි සැහෙන තරම් දුරට අඩු වෙලා තිබුන නිසා ලොකු සැනසීමක් උනා හිතට.
ඉතින් රත්නපුරින් පිටත් වෙලා ටික වෙලාවක් යද්දි ඒ වෙනකල් තිබුන අදුරු පරිසරය කෙමෙන් කෙමෙන් පහ වෙලා ඉර එළිය වැටෙන්න පටන් අරන් තිබුනු නිසා අපේ හිත්වල පුදුමතරම් සතුටක් ඇතිවුනේ.
අපේ නැවතුමට කිට්ටු වෙද්දි කොන්දොස්තර මහතා ඔය මල්ලිල ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැගන්න කියල දැනුවත්කරා.අපේ නැවතුම වුනේ "DEHENAKNDA DIVISION "කියල ගහල තිබුන පුවරුව ගාව. බස් එකෙන් බැහැල ඉස්සරහට යද්දි එතෙක් වෙලා වාහන වල සද්ද ඇහුන අපිට කුරුල්ලන්ගෙ කෑගහන සද්ද, කලින් දවස් වල ඇදහැලුනු වැස්ස නිසා පිරි ගියපු දොල පාරවල් වල වතුර සද්දෙ අපේ උද්‍යෝගය තවත් වැඩි කරා.
අපිට වනයට ඇතුලු වෙන්න තිබුනෙ සහ අපේ ගමන් ආරම්භක ස්ථානය වුනේ කුඩා බුද්ධ මන්දිරය.මේ වෙද්දි වෙලාව උදෙ 8.15 විතර ,ඉතින් බුද්ධ මන්දිරය ගාවට එද්දි එ ගමේම මාමා කෙනෙක් උදේ මල් පහන් පූජා කරන්න ඇවිත් තිබුන නිසා අපිටත් හිතේ සතුටින් ගමන පටන් ගන්න උදේම බුදුන් වදින්නත් අවස්තාව උදා උනා.අවසානෙ සමන් දෙවියන්ටත් පින් දිලා ගමන අවසන් වෙනකන් කරදරයක් නැතුව යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරල බෑග් මලු දෙකත් කරේ දාගෙන පිටත් වුනා.
මෙ බුද්ධ මන්දිරය ගාවින් පහලට යද්දි ඉස්සෙල්ලාම රත්ගග හරහා ඉදිකරපු වේල්ලක් හම්බවෙනව.එකෙන් එතෙර වෙලා තමයි රක්ෂිතයට ඇතුල් වෙන්න තියෙන්නෙ.ඉතින් අපි රක්ශිතයට ඇතුලු වෙන්න කලින් මේ ස්ථානයේ ඉදන් අපේ උදේ අහාරය ගත්තා.ඊට පස්සෙ අපි රත්ගග හරහා එතෙර වෙලා රක්ෂිත භූමියට ඇතුලු උනා.
ඒත් එක්කම කොල අත්තක් එල්ලා පැරණි චාරිත්‍ර අනුව යමින් වනයට ඇතුලු වෙන්න පෙර අවසර අරගෙන අපි ඉදිරියට ගමන් කරා.කලින් දවස් වල තිබුන වැස්ස නිසා අපි යන මාර්ගය දෙපැත්තේ තිබුන කොල පාටින් පිරුන ගස්වල අතු ,කොළ අග වතුර රැදිල තිබීමත් ඒත් එක්කම ගස් කදන් මත හැදී වැඩී තිබුන පාසිත් නිසා වෙනමම ලෝකෙකට ඇතුලු වෙලා වගේ අපිට ඒ මොහොතෙ දැනුනෙ. සොබාදහමට ආදරේ කරන මනුස්සයෙක්ට මේ පරිසරය තනිකරම දිව්‍ය ලෝකයක් බලන බලන අත.මෙහෙම ටික දුරක් එද්දි අපිට වේවැල් දොල හමුවෙනව.
එතනින් පහු වෙලා ඉදිරියට යද්දි එන්න එන්න කුඩලු ප්‍රහාර වැඩි වෙන බවක් තමයි පෙන්නුම් කරේ.සෙරෙප්පු දෙකක් දාගෙන ඉදිරියට යාම අපහසු බව තෙරුන නිසා මගෙ මිත්‍රයාගෙ අදහස උනේ මට සෙරෙප්පු දෙක නැතුව සපත්තු දෙක දාගන්න කියාය.ඒ අදහස හොදයි කියා මටත් හැගුන නිසාවෙන් ඉක්මනින් සපත්තු දෙකට මාරු වුයේ කාලය වැදගත් නිසාවෙනි.අනිත් දේ තමයි යන අතරමග උනත් ගොඩක් වෙලා එක තැනක නවතින්න බෑ,මොකද එච්චර ඉක්මනට කූඩැල්ලො එල්ලෙන්ව.
මේ හේතුව නිසා අපේ ඊලග ගිමන් හරින නැවතුම උනේ ඉහල රාම ගල් ගුහාව(ජම්බෝල ගහ ලග ගල් ගුහාව) ලග.මෙතනට එන්න කලින් අපිට තවත් ස්ථාන දෙක්ක අහුවෙනව මීට සමාන.ඒ තමයි පිලිවෙලින් ,වේල්ලක්කාර ගල ගෙය සහ පහල රාම ගල් ගුහාව.
ඉහළ රාම ගල් ගුහාව ලග ටික වේලාවක් ගිමන් හැරපු අපි අයේ ඉක්මනින් ගමන ආරම්භ කලේ අපිට යන්නට තිබුන කාලය සීමිත නිසා.
ඉතින් අපේ ගමන් මහන්සිය අඩු කරගන්නත් එක්ක පරණ සිරිපා කරුණා කරපු මාර්ග සහ ඒවගෙ සිදුවෙච්ච අමතක නොවන සිද්ධි කතාකර කර තමයි ගස් ,පදුරු අතරින් අපි දෙන්න ඉදිරියට ගමන් කරේ.
ඒ අතරෙ අපේ ඊලග නැවතුම වුනේ භාතිය දොල ගාව.දොල පාර ගාව දෙවෙනි වතාවට ගිමන් හරින්න නතර වුන අපි මූන කට හොදගෙන අපි ගෙනාපු වතුර බෝතල් පුරවගෙන නැවතත් ගමන් ආරම්භ කරා.ඇත්තටම තනි දවසකින් ඉවර කරන්න plan කරපු නිසා උඩ මලුවට යනකන් කාලය කලමනා කරගන්න එක සෑහෙන තරම් අත්‍යාවශ්‍ය වුනා.මේ වෙද්දි වෙලාව දවල් 12.00 කිට්ටුකරල තිබුනෙ.
භාතිය දොල පහුකරල ඉස්සරහට එද්දි අඩවියෙ පරිසරය ටිකෙන් ටික වෙනස් වෙන බව අපිට තේරුම් ගියා, මොකද එතෙක් වෙලා ඉර එලිය අතරින් පතර වැටිල තිබුන කැලෑව ටිකෙන් ටික අදුරු වෙන්න පටන් ගනිපු නිසාවෙන්.වැස්සකට පෙරනිමිත්තක් කියල අපි හිතුව වගේම හෙමින් හෙමින් මහ ගස්වල අතු අතරින් වැහි බින්දු වැටෙන්න පටන් ගත්තෙ නොහිතපු විදිහට ,එත් එක්කම අඩිය ඉක්මන් කරල ඉස්සරහට ඇදුනු අපි කොකටත් කියා අපි ගෙනා වැහි කබා ඇගලාගත්තෙමු.ඉන් පසු නැවතත් මද දුරක් යනවිට හෙමින් වැටුනු වැස්ස හයියෙන් වහින්න පටන් ගත්තෙ ගමනෙ තව සෑහෙන දුරක් යන්නට ඉතිරිව තිබියදී.
වැහි කබා තිබ්බත් වැසි තත්ත්වය වැඩි නිසා ගමනේ වේගය සෑහෙන තරම් දුරට අඩු කරල හෙවනක් සහිත ගහක් අසල නැවතෙන්නට අවසානයෙ අප දෙදෙනාට සිදුවිය.මොහොතකට අපේ සිත්වල වූ එකම ප්‍රාර්ථනාව වූයේ ඉක්මනින් වැස්ස අවසන් වෙලා සමන් දෙවියනගෙ ආශිරවාදයෙන් ඉහලට කරුණා කරන්න ලැබේවා කියල.
මිනිත්තු විස්සක් පමණ පැවති වර්ශාව කෙමෙන් කෙමෙන් අඩු වත්ම නැවතත් අපි ගමන් ආරම්භ කරෙ ඒ වෙද්දි ඇගේ එල්ලිලා හිටපු කූඩැල්ලො ඉවත් කරමින්.ඒ වගේම මේ වෙද්දී අපි පැරඩයිස් ඇල්ල පැත්තට කිට්ටු කරල තමයි තිබුනෙ.ඒ කාරණා එසේ වෙද්දි කිසිම අකාරයකින් නොහිතපු සිද්දියකට මුහුන දෙන්න අපි දෙන්නට සිද්ධවුනේ අපිට කලින් ගමන් ආරම්භ කරල අපු මල්ලිල තුන්දෙනෙකුගෙන් එ ගියපු එක්කෙනෙකුට අමාරු වෙලා ඒ අය අපහු ආපස්සට එන්න මග නතරවෙලා ඉද්දි.
අපේ යන ගමනත් නතර කරල මගේ මිත්‍ර සුභාෂ් ඔවුන්ගෙන් විස්තර අහල මොකක්ද වෙලා තියෙන්නෙ කියල හොයල බලද්දි අපිට දැනගන්න ලැබුනෙ ඔවුන් කිසිම අවබෝදයක් සහ දැනුමක් නැතිව මේ මාර්ගයේ කරුණා කරන්න අපු බවක්.ඒ මොකද මෙ තුන්දෙනා හිතන් ඇවිත් තියෙන්නෙ අනිත් පාර්වල් වගෙ මේකෙ මිනිස්සු, කඩ සුලභ යැයි සිතගෙනය.අනිත් කාරණාව මොවුන් තුන්දෙනා උදේ සිට ආහාර කිසිවක් නැතුව තමයි මේ වෙනකන් ගමන ඇවිත් තිබුනෙ.
ඉතින් අපිට වෙලාව කොච්චර වැදගත් උනත් ඇතිවෙලා තිබුන තත්වය තේරුම් අරන් අපි ගෙනාපූ කෑම වලින් අර මල්ලිලාට දීල, අමාරුවෙන් හිටපු කෙනාට පැනඩෝල් ,වතුර දිලා ඔවුන් සාමාන්‍ය තත්වෙට ආවම යන්න තියන මාර්ගය පැහැදිලි කරල දිලා,අපෙ තිබුන වතුර බොතලයකුත් දීලා අපිත් සමග ඔවුන්ට ඉස්සර වෙලා යන්න කියල නැවතත් ගමන ආරම්භ කලා.
ඇත්තම කතාව මේ වගේ අය එන්නැතුව ඉන්න තරමට තමයි හොද.මොක්ද කතාකරද්දි තේරුන දෙයක් තමයි මේක මේ අතල් එකට වගේ අපු ගමනක් කියල.මොකක් හරි තිබ්බ පිනකට අපිව හම්බෙල කරුණා කරන්න අවසානේ මෙයාලට පුලුවන් උනා.එ දේවල් එහෙම වෙද්දි අපි පැරඩයිස් ඇල්ල එහෙම නැතිනම් බත්තලු ඔය අසලට අවා.මේ වෙද්දි වෙලාව හවස 3.45 විතර වෙලා තිබුනෙ.
ගල් තලාව උඩ බෑග් තියපු අපි වැහි කබා,ඇදුම් ,සපත්තු මේස් ගලවල ඉස්සෙල්ලාම කූඩැල්ලො ඉවත් කරල ඇගපත වතුරෙන් තෙමාගත්ත.කලින් තිබුන වැස්සත් එක්ක අපේ ඇදුම් වතුරෙන් තෙත් වෙලා තමයි තිබුනෙ ඒ වෙද්දි .එවත් එහෙමම තියෙද්දි දවල්ට පොඩියට ගෙනාපු කෑමක් අර මල්ලිල තුන්දෙනාටත් දීල කාල ආපහු ගමනට සුදානම් වුනා.
ඒ වගේම බත්තලු ඔයට පැරඩයිස් ඇල්ල කියල කියන්නත් හේතුව මෙතනට එන ඕන කෙනෙක්ට මනාව පැහැදිලි වෙනනේ වෙන කාරණාවක් නිසා නෙවෙයි අවට දකින්න ලැබෙන දර්ශනය පාරාදීසයක්ම තමයි මේ ඉසව්වෙ බලන බලන අත.
පැරඩයිස් ඇල්ල ගාවට එද්දි පහල ආනතියකට තමයි ගමන් කරන්න තියෙන්නෙ එ වගෙම මේ කොටස පහුකරද්දි නැවතත් ඉහල ආනතියකට තමයි ගමන් කරන්න තියෙන්නේ .මෙතන පහු කරල ඔයෙන් එතෙර වෙද්දිම දෙවන වතාවට අපිට කුඩා බුදු කුටියක් හම්බවෙනව.කලින් ගමන ආරම්භ කරද්දි වගේම මෙතනත් ආගමික වතාවත් කරල ගමනෙ ඉතිරු කොටසත් කරදරයක් නැතුව සමන් දෙවියන්ගෙ පිහිටෙන් ඉවර කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනය පෙරදැරිව අපි ගමන් ආරම්භ කරා.එත් එක්කම පැරඩයිස් ඇල්ල ගැන තව දෙයක් සදහන් කරන්න ඔනේ,,ඒ තමයි දවස් දෙකක් ගත කරල කරුණා කරන්න යන අයගේ පලවෙනි දවසෙ අවසානේ කදවුරු බදින භූමිය වෙන්නෙ මෙ පැරඩයිස් ඇල්ල අසල.
සැලකිය යුතු දුරක් ඉස්සරහට ආවහම අපිට ශ්‍රී පාදස්ථානයේ සේයාවක් පලවෙනි පාරට දැකගන්න පුලුවන් වෙනව.ඊටත් ටිකක් ඉස්සරහට ගමන් කරද්දි පැහැදිලිව දෙවන වතාවට අපිට ශ්‍රී පාදස්ථානය දැක බලාගන්න පුලුවන්.ගමන් මහන්සියත් අපේ ගමන් මළු වල බරත් මොහොතකට අමතක වෙලා ගියෙ උඩමලුවෙන් ඇහුන ඝාන්ටාර හඩත් පිරිත් හඩත් අපේ කන් වලට යොමු වීමත් එක්ක.මුලින් සදහන් කරා වගේම අපිට ශ්‍රී පාදස්ථානය වෙනස් ආකාරයකින් බලගන්න පුලුවන් වෙන්නෙ මේ මාර්ගයෙන් එන කෙනෙකුට විතරයි.
ඉතින් නැවතත් අපි සිරිපාමලුවෙන් මේ ඇහෙන ඝාන්ටාර හඩත් පිරිත් හඩත් එක්ක මද වේලාවක් ගිමන් හරින්න නතර වුනා.ඒ වගේම කියන්න ඔනේ අපිට මෙතනදි දැනුන දෙයක් තමයි ශ්‍රී පාදස්ථානය දර්ශනය වුනේම දිව්‍යලෝකයට යන මාර්ගයක අතරමග අපි නැවතිල බලන් ඉන්නව කියල හැගීමක් අපේ හිතවල ඇති වෙන විදිහටය කියන බව.
ඒ සුන්දරත්වය එහෙම තියෙද්දි සුපුරුදු විදිහට ගිමන් හැරල නැවතත් ගමන් ආරම්භ කරද්දි වෙලාව හවස 5.40 විතර වෙලා තිබුනෙ.තවත් හෝරා කිහිපයකින් අදුර වැටෙන්න පටන් ගන්න නිසා අපේ ගමන ඉක්මන් කරන්න සිද්දවුනා අපිට.මොකද රත්‍රී කාලයේ සතුන් එළිබහින හේතුවෙන් මේ භූමියේ රත්‍රියේ ගමන් කිරීම එච්චර සුදුසු නැති නිසා.
මේ කාරණා එක්ක ඉදිරියට යන අතරතුරේ තිබෙන ඉහළ ආනතිය හේතුවෙන් මගේ එක කකුලක දනහිසෙන් උඩ කොටස කැක්කුමක් අතරමගදි හටගන්නවා.මේ නිසා ඉදිරියට ගමන් කිරීම තරමක් අමාරු කටයුත්තක් වුවත් තිබෙන කාලය එක්ක මගෙ මිත්‍රයා සුභාශ්ගෙ අදහස වුනේ ඔහු මගේ බෑග් එකත් රැගෙන එන්නම් මට ඉස්සර වෙලා නැවත ගමන ආරම්භ කරමු කියාය.
අකමැත්තෙන් වුවද වෙන විකල්පයක් නොමැති නිසා එ අදහසට එකග වී අපි ගමන් ඇරඹුවෙමු.
වෙලාව රත්‍රී 7.15 පමන වෙද්දිත් සුභාශ් මගේ බෑග් එකත් අරගෙන කන්ද නගිමින් හිටියෙ.කලින් සියල්ලට සුදානම් වී පැමිනි නිසා ටෝච් අදාරයෙන් තමයි මේ අවසාන කොටස කරුණා කරේ.නැවතත් මගේ ගමන් බෑගය කරට දාගත්තෙ එ වෙද්දි සෑහෙන තරම් දුරට කකුල සාමාන්‍ය වෙලා තිබූ හෙතූවෙන්.අවසානයේදි අපිට ඉහලට ගමන් කරද්දි රත්නපුර පාරේ පඩිපෙල පෙන්න පටන් ගනිද්දි දැනුන සතුට කියල නිම කරන්න බැරි තරම්.
රාත්‍රී 8.30 විතර වෙද්දි අපි රත්නපුර පාරට ගොඩ වෙනව දෙහෙනකන්ද මුක්කුවත්ත වනගත මාර්ගයෙන් එතෙක් පැමිණි වනගත මාර්ගය නිමා කරමින්.හිතේ තිබුන සතුට එක්ක සමන් දෙවියන්ටත් පින් දිලා නැවතත් අපි පහලට වෙන්න තිබුන කඩේකට ගොඩ වුනේ තිබුන මහන්සියත් බඩගින්නත් නිවගන්න අරමුණින්.
මෙතනදි මතක් කරන්න ඔනේ විශේෂ කාරණා දෙකක් තියෙනව.ඒ තමයි මේ ගමන පුරාවට එක පොලිතීන් කැබැල්ලක් හරි කොල කෑල්ලක් හරි මෙ සංවේදී පරිසර පද්දතියට අපි බැහැර කරෙ නෑ කියන බව.ඒ වගේම අනෙක් කාරණාව මගේ මිත්‍රයා සුභාශ් ගැන ,අපි පලවෙනියටම ශ්‍රීපාදය කරුණා කරේ කුරුවිට එරත්න මාර්ගය හරහා. ඉතින් මගේ කොඩු චාරිත්‍ර කරෙත් මොහු තමයි.එතනින් පස්සෙ සිරිපා කරුනා කරන්න තිබ්බ අනෙකුත් මාරග සියල්ලෙන්ම කරුණාකරල අවසානෙ ඉතුරු වෙලා තිබ්බ දෙහෙනකන්ද මුක්කුවත්ත වනගත මාර්ගය හරහාත් කරුණා කරන්න පුලුවන් වුනේ මොහු නිසා.
අවසාන වශයෙන් රත්‍රි අහාර ගෙන අපේ ඇදුම් මාරූ කරගෙන සුදු ඇදුමින් සැරසිල ඇහැල කනුව අසල කඩේ සිට නැවතත් ගමන් ආරම්භ කරල උඩ මලුවට රාත්‍රී 9.10 ට පමණ ලගා වුනා.ඉස්සෙල්ලාම අපේ ගමන් මලු උඩමලුවෙ තියෙන අම්බලම ඇතුලෙ තියල උතුම් ශ්‍රී පාදය දෙවතාවක් වන්දනා කරලා පසුව දෙදෙනා එක් ඝාන්ටාරයත් නාද කරල දොලොස්මහේ පහන අසලට ගියා පහන් පත්තු කරන්න .සිතල ගතියත් ඒ එක්කම අකා මකා ගෙන නැවතත් උඩ මලුවට කරුණා කරල සමන් දේවාලෙටත් ගොඩ වෙල දෙන්නත් එක්ක වාඩිවෙලා ආගමික වතාවත් වල නිරත වුනා.අවසානයේ අම්බලමට නැවත පැමිණි අපි උදේ ඉර සේවය බලලම පහලට කරුණා කරන අරමුනින් රත්‍රිය උඩ මලුවෙ අම්බලමේ ගත කලෙමු.
ඉතින් පසු දින අපි පහලට කරුණා කලේ සදගල තැන්න හරහා.එ ගැන අපි ඊලග කොටසින් කතා කරමු......⛰️😇
~chathu~
-:©s vibe:-

#දෙහෙනකන්ද_මුක්කුවත්ත #සිරිපාඅඩවිය

21/04/2025

එකම සුදු වතකින් සැරසී ගිය පින්බර මහනුවර ඒ උතුම් වූ දළදා වහන්සේ වන්දනා කරන්න පින්වත් ඔබ සැමටද අවස්තාව උදාවේවා!......🌼🌼🌼🙏
#දළදා #ධාතුන්_වහන්සේලා #දළදා_සමිදු_ #දළදා_මාලිගාව

30/03/2025

මනුස්සයෙක්ට තියෙන්න ඕනෙම මානසික නිදහස🍀🪻

දිව්‍යලෝකයට යන එක්තරා මාර්ගයක මූලරම්භක ස්ථානය🍃🌻........
09/03/2025

දිව්‍යලෝකයට යන එක්තරා මාර්ගයක මූලරම්භක ස්ථානය🍃🌻.......
.

10/02/2025

සමහර වෙලාවට හොදම දේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා සොබාදහම එක්ක තනිවෙන එක🍀
's_peak

21/01/2025

🙏පෙරලි පෙරලි අපි වැන්දා අපේ බුදුන් අපි වැන්දා🙏🍀🌼





's_peak

13/01/2025

පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා .......🍀🌼

Address

Ohiya

Website

Alerts

Be the first to know and let us send you an email when CS VibE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share