Cey Nor Foundation

Cey Nor Foundation Cey Nor Foundation is a leading fiberglass boat & fiber products builder in Sri Lanka since 1967

ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරයට! 🚢 මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් සීනෝර් නිපදවන අඩි 55 දැවැන්ත යාත්‍රාවේ ප්‍රගතිය ගරු අමාත්‍...
23/05/2026

ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරයට! 🚢 මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් සීනෝර් නිපදවන අඩි 55 දැවැන්ත යාත්‍රාවේ ප්‍රගතිය ගරු අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට!

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ තාක්ෂණික දක්ෂතාවය ලෝකය හමුවට රැගෙන යමින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සීනෝර් පදනම මගින් මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් නිපදවනු ලබන අඩි 55ක් දිගැති දැවැන්ත යාත්‍රාවේ අවසන් අදියරේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ගරු ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා 2026.05.21 වන දින මට්ටක්කුලිය යාත්‍රාංගණයේ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා දේශීය බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කිරීමට සීනෝර් ආයතනය සමත්ව ඇති අතර, යාත්‍රාවේ නිමාව සහ එහි ප්‍රමිතිය පිළිබඳව ගරු අමාත්‍යතුමාගේ ඉහළ ඇගයීමක් හිමිවිය.
මෙහිදී අදහස් දැක්වූ ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ,
🔹 නෝර්වේ සහ ජපානය වැනි දියුණු රටවලින් ලබාගන්නා නවීනතම තාක්ෂණය ඉදිරියේදී සීනෝර් ආයතනය වෙත අනුගත කරන බව.
🔹 එමගින් ඉදිරි කාලය තුළ සීනෝර් ආයතනයේ යාත්‍රා නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව.
🔹 සීනෝර් ආයතනය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ පෙළේ Dockyard එකක් බවට පත් කරමින්, දේශීය අපනයන ආදායම ශක්තිමත් කිරීම අමාත්‍යාංශයේ ප්‍රධානතම අරමුණක් බව.

දේශීය ධීවර කර්මාන්තය නංවාලීමට අමතරව, මෙලෙස විදේශීය ඇණවුම් සාර්ථකව නිම කරමින් රටට විදේශ විනිමය රැගෙන ඒමට සීනෝර් ආයතනය තබන මෙම පියවර සමස්ත ලංකාවටම මහත් අභිමානයකි!

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ "සීනෝර්" (Cey-Nor) සහෝදර ආයතනයක් වන "ලංකා ධීවර සංස්ථාවෙන්" නව රැකියා අවස්ථා රැසක්!...
23/05/2026

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ "සීනෝර්" (Cey-Nor) සහෝදර ආයතනයක් වන "ලංකා ධීවර සංස්ථාවෙන්" නව රැකියා අවස්ථා රැසක්!

රාජ්‍ය අංශයේ ස්ථාවරත්වයක් සමඟින් ඔබේ වෘත්තීය ජීවිතය ජයගන්න අපූරු අවස්ථාවක්! ලංකා ධීවර සංස්ථාවේ (Ceylon Fisheries Corporation) දැනට පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

පවතින තනතුරු:
1. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි (HM 1-1) - පුරප්පාඩු 01
2. කළමනාකරු / ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මුදල් (MM 1-1) - පුරප්පාඩු 01
3. කළමනාකරු / ජ්‍යෙෂ්ඨ කළමනාකරු - අලෙවි, මිලදී ගැනීම් සහ බෙදාහැරීම් (MM 1-1) - පුරප්පාඩු 01
4. කළමනාකරු / ජ්‍යෙෂ්ඨ කළමනාකරු - තත්ත්ව පාලන (MM 1-1) - පුරප්පාඩු 01
5. ප්‍රාදේශීය කළමනාකරු / ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු (MM 1-1) - පුරප්පාඩු 05
6. කළමනාකරු / ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ප්‍රසම්පාදන (MM 1-1) - පුරප්පාඩු 01
7. තත්ත්ව පාලන නිලධාරී (JM 1-1) - පුරප්පාඩු 02
8. කළමනාකරණ සහකාර - මාළු මිලදී ගැනීම් / මාළු අලෙවි (MA 1-2) - පුරප්පාඩු 15

අයදුම් කරන්නේ කෙසේද?
ඔබේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ඇතුළත් ජීව දත්ත පත්‍රිකාව (CV), සහතික පත්‍රවල පිටපත් සහ ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ විස්තර සහිතව ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කරන්න.

ලිපිනය:
සභාපති,
ලංකා ධීවර සංස්ථාව,
නො. 15, රොක් හවුස් පටුමග,
කොළඹ 15.

⚠️ විශේෂ අවධානයට:
• අයදුම්පත් එවිය යුතු අවසාන දිනය: 2026 ජූනි මස 07 වනදා හෝ ඊට පෙර
• ඔබ අයදුම් කරන තනතුරේ නම ලිපි කවරයේ ඉහළ වම් කෙළවරේ පැහැදිලිව සඳහන් කළ යුතුය.

🌐 සුදුසුකම් සහ අනෙකුත් විස්තර සඳහා පිවිසෙන්න:
www.cfc.gov.lk
📞 දුරකථන අංක: 0112-540455
📧 විද්‍යුත් තැපෑල: [email protected] / [email protected]

'டித்வா' சூறாவளியினால் பாதிக்கப்பட்ட யாழ்ப்பாண மீனவ சமூகத்திற்கு புதிய படகுகள் வழங்கி வைப்பு! 🚣‍♂️⚓'டித்வா' (Ditva) சூறா...
14/05/2026

'டித்வா' சூறாவளியினால் பாதிக்கப்பட்ட யாழ்ப்பாண மீனவ சமூகத்திற்கு புதிய படகுகள் வழங்கி வைப்பு! 🚣‍♂️⚓

'டித்வா' (Ditva) சூறாவளி காரணமாக தங்களின் வாழ்வாதாரமாக விளங்கிய மீன்பிடிப் படகுகளை இழந்து, சேதமடைந்து தவித்த நமது மீனவ சகோதர சகோதரிகளின் வாழ்க்கையை மீண்டும் கட்டியெழுப்புவதற்கான மற்றுமொரு வெற்றிகரமான நடவடிக்கை முன்னெடுக்கப்பட்டுள்ளது.

கடந்த 2026.05.10 அன்று, யாழ்ப்பாண மாவட்டத்தில் பாதிக்கப்பட்ட மீனவ மக்களுக்கு புதிய படகுகளை உத்தியோகபூர்வமாக கையளிக்கும் நிகழ்வு வெற்றிகரமாக நடைபெற்றது. 🎉

பாதிக்கப்பட்ட மக்களின் வாழ்வாதாரத்தை மீண்டும் கட்டியெழுப்பவும், நமது மீன்பிடித் தொழிலுக்கு புதியதொரு நம்பிக்கையை ஏற்படுத்தவும் அரசாங்கத்தினால் நடைமுறைப்படுத்தப்பட்ட இந்த வேலைத்திட்டத்தின் மூலம், பாதிக்கப்பட்ட பல குடும்பங்களுக்கு பெரும் நிவாரணம் கிடைத்துள்ளது. 🇱🇰🤝

#யாழ்ப்பாணம் #மீனவர்உதவி

'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් යාපනය ධීවර ප්‍රජාවට නව බෝට්ටු හිමිවේ!   'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් සිය ජීවනෝපායන...
14/05/2026

'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් යාපනය ධීවර ප්‍රජාවට නව බෝට්ටු හිමිවේ!

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් සිය ජීවනෝපායන් වූ ධීවර බෝට්ටු අහිමි වූ සහ හානියට පත් වූ අපගේ ධීවර සහෝදර සහෝදරියන්ට යළි ජීවිතය දිනා දීමේ උත්සාහයේ තවත් සාර්ථක පියවරක් තැබිණි.

පසුගිය 2026.05.10 වන දින, යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ධීවර ජනතාව වෙත නව බෝට්ටු නිල වශයෙන් භාරදීමේ සාර්ථකව සිදු කරන ලදී.

බිඳ වැටුණු ජීවනෝපායන් යළි ගොඩනැගීමට සහ අපේ ධීවර කර්මාන්තයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට රජය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන තුළින් පීඩාවට පත් බොහෝ පවුල්වලට සහනයක් ලැබිණි.

තවත් සාර්ථක පියවරක්! ✅මාලඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් සීනෝර් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද,අඩි 18.8 ක ජැටියඅඩි ...
23/04/2026

තවත් සාර්ථක පියවරක්! ✅

මාලඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් සීනෝර් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද,

අඩි 18.8 ක ජැටිය
අඩි 13 ක ෆෙරි යාත්‍රාව

2026.04.22 දින මාලඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

රාජ්‍ය සේවයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අපගේ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබා මෙම ඇණවුම අප වෙත ලබාදීම පිළිබඳව මාලඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.

නිරන්තරයෙන් උසස්ම ප්‍රමිතියෙන් සහ කල්පැවැත්මෙන් යුත් නිෂ්පාදන ඔබ වෙත සමීප කිරීමට අප කැපවී සිටින්නෙමු.

🌊 'දිට්වා' කුණාටුවෙන් පීඩිත වූ අපේ ධීවර සහෝදරයන්ට යළිත් ශක්තිමත් අත්වැලක්! ⚓'දිට්වා' කුණාටු තත්ත්වය හේතුවෙන් හානියට පත් ...
17/04/2026

🌊 'දිට්වා' කුණාටුවෙන් පීඩිත වූ අපේ ධීවර සහෝදරයන්ට යළිත් ශක්තිමත් අත්වැලක්! ⚓

'දිට්වා' කුණාටු තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ ධීවර යාත්‍රා අලුත්වැඩියා කර දීමේ දීප ව්‍යාප්ත වැඩසටහන දැන් සාර්ථකව ඉදිරියට...

✅ මීගමුව දිස්ත්‍රික්කයේ පළමු අදියරේ කටයුතු සාර්ථකව අවසන්!

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පූර්ණ මඟ පෙන්වීම යටතේ, සීනෝර් පදනම (Cey-Nor Foundation Ltd) මැදිහත් වී ක්‍රියාත්මක කරන මෙම සත්කාරය හරහා පීඩාවට පත් ධීවර ජනතාවගේ ජීවනෝපාය යළි නගාසිටුවීමට අප කැපවී සිටින්නෙමු.

මෙම සහන සේවා වැඩසටහන දිවයින පුරා සෙසු ප්‍රදේශවල ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

යළිත් ශක්තිමත්ව රළ අතරට පිවිසෙන දිරිය ධීවර පරපුරක්! 🛶

#සීනෝර් #ධීවරසහන #මීගමුව

'දිට්වා' කුණාටුවෙන් පීඩිත ධීවරයින්ට සහන - හලාවත දිස්ත්‍රික්කයේ කටයුතු අවසන්! 🛠️🛶ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මඟ පෙ...
25/03/2026

'දිට්වා' කුණාටුවෙන් පීඩිත ධීවරයින්ට සහන - හලාවත දිස්ත්‍රික්කයේ කටයුතු අවසන්! 🛠️🛶

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමෙන්, සීනෝර් පදනම (Cey-Nor Foundation Ltd) විසින් ක්‍රියාත්මක කරනු ලබන ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වේ.

✅ හලාවත දිස්ත්‍රික්කයේ සියලුම අලුත්වැඩියා කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇත.

අපේ ධීවර සහෝදරයින්ට යළිත් ශක්තිමත්ව නැගී සිටීමට අත්වැලක් වීම අපගේ අරමුණයි. මෙම වැඩසටහන දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මක වේ.

#හලාවත #ධීවරය #සීනෝර්

'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවර ප්‍රජාවට නව බෝට්ටු හිමිවේ! ⚓🚢'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් සිය ජීවනෝපායන...
25/03/2026

'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවර ප්‍රජාවට නව බෝට්ටු හිමිවේ! ⚓🚢

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් සිය ජීවනෝපායන් වූ ධීවර බෝට්ටු අහිමි වූ සහ හානියට පත් වූ අපගේ ධීවර සහෝදර සහෝදරියන්ට යළි ජීවිතය දිනා දීමේ උත්සාහයේ තවත් සාර්ථක පියවරක් තැබිණි.

පසුගිය 2026.03.23 වන දින, හලාවත දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ධීවර ජනතාව වෙත නව බෝට්ටු නිල වශයෙන් භාරදීමේ වැඩසටහන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.

බිඳ වැටුණු ජීවනෝපායන් යළි ගොඩනැගීමට සහ අපේ ධීවර කර්මාන්තයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට රජය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන තුළින් පීඩාවට පත් බොහෝ පවුල්වලට සහනයක් ලැබිණි.

#නවබලාපොරොත්තුවක්

🌊 'දිට්වා' (Ditwa) සුළි කුණාටුවෙන් පීඩාවට පත් ධීවර ජනතාවට නව බෝට්ටු පිරිනැමීමේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහන සාර්ථකව අවසන්...
13/03/2026

🌊 'දිට්වා' (Ditwa) සුළි කුණාටුවෙන් පීඩාවට පත් ධීවර ජනතාවට නව බෝට්ටු පිරිනැමීමේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහන සාර්ථකව අවසන්! 🛥️

'ඩිට්වා' සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ සහ හානියට පත් වූ ධීවර බෝට්ටු වෙනුවට නව බෝට්ටු ලබාදීමේ දීපව්‍යාප්ත සහන සේවා වැඩසටහනේ මඩකලපුව දිස්ත්‍රික් අදියර පසුගිය 2026.03.11 වන දින ඉතා සාර්ථකව පැවැත්වුණි.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා සහ සීනෝර් (Cey-Nor) පදනමේ සභාපති අජිත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පීඩාවට පත් ධීවර ජනතාව වෙත මෙම නව බෝට්ටු නිල වශයෙන් අත්කර දීම මෙහිදී සිදු විය.

'டிட்வா' சூறாவளியினால் பாதிக்கப்பட்ட மீனவ மக்களுக்கான புதிய படகுகள் வழங்கும் மட்டக்களப்பு மாவட்ட வேலைத்திட்டம் வெற்றிகரம...
13/03/2026

'டிட்வா' சூறாவளியினால் பாதிக்கப்பட்ட மீனவ மக்களுக்கான புதிய படகுகள் வழங்கும் மட்டக்களப்பு மாவட்ட வேலைத்திட்டம் வெற்றிகரமாக நிறைவு! 🌊🛶

'டிட்வா' (Ditwa) சூறாவளி காரணமாக சேதமடைந்த மீன்பிடிப் படகுகளுக்குப் பதிலாக புதிய படகுகளை வழங்கும் நாடு தழுவிய வேலைத்திட்டத்தின் மட்டக்களப்பு மாவட்டத்திற்கான நிகழ்வு கடந்த 2026.03.11 அன்று மிகச் சிறப்பாக நடைபெற்றது.

கடற்றொழில் மற்றும் நீரியல் வள அமைச்சர் கௌரவ இராமலிங்கம் சந்திரசேகர் அவர்கள் மற்றும் சீநோர் (Cey-Nor) நிறுவனத்தின் தலைவர் அஜித் எதிரிசிங்க அவர்களின் பங்களிப்புடன், பாதிக்கப்பட்ட மீனவ மக்களுக்கான புதிய படகுகள் இதன்போது உத்தியோகபூர்வமாக கையளிக்கப்பட்டன.

கடற்றொழில் மற்றும் நீரியல் வளத் திணைக்களத்தின் வழிகாட்டலின் கீழ், சீநோர் அறக்கட்டளை (Cey-Nor Foundation Ltd) நிறுவனத்தினால் இந்த நிவாரண வேலைத்திட்டம் நாடளாவிய ரீதியில் தொடர்ச்சியாக முன்னெடுக்கப்பட்டு வருகின்றது.

மீனவ மக்களின் வாழ்வாதாரத்தை மீளக் கட்டியெழுப்பவும், அவர்களின் எதிர்காலத்தை வளமாக்கவும் நாம் என்றும் அர்ப்பணிப்புடன் செயற்படுகின்றோம்.

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අපේ ධීවර ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩසටහන සාර්ථකව ඉදිරියට... 🌊ධීව...
06/03/2026

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අපේ ධීවර ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩසටහන සාර්ථකව ඉදිරියට... 🌊

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) අධීක්ෂණය යටතේ, සීමාසහිත සීනෝර් පදනම (Cey-Nor Foundation Ltd) මඟින් සිදු කරනු ලබන මෙම දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 07ක මිරිදිය ධීවර ඔරු අලුත්වැඩියා කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇත.

✅ අලුත්වැඩියා කටයුතු අවසන් කරන ලද දිස්ත්‍රික්ක:
📍 වවුනියාව | මන්නාරම | මුලතිව් | කිලිනොච්චි | ත්‍රිකුණාමලය | අනුරාධපුර | අම්පාර

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ NAQDA ආයතනයේ මඟ පෙන්වීමෙන්, පීඩාවට පත් ධීවර සහෝදරයන්ට යළිත් ශක්තිමත්ව නැගී සිටින්නට අපි අත්වැලක් වුණෙමු. 🤝

Address

Cey-Nor Foundation Limited, 90(335), D. R . Wijewardana Mawatha Colombo 10
Pettah
01000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Cey Nor Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cey Nor Foundation:

Share

Category