ස්වදේශිකයෝ - Swadeshikayo

ස්වදේශිකයෝ - Swadeshikayo Indigenous exploratory exploration of our heritage..

අපේ උරුමයේ මිත්‍යාව නොව යථාර්තය සොයා ගවේෂණාත්මක සංචරණයක්
අපගේ ස්වදේශීය උරුමය සොයන්න ඔබත් එන්න අපගේ fb පිටුවට " ස්වදේශිකයෝ - Swadeshikayo " like us 👍
Indigenous exploratory exploration of our heritage.

20/08/2026

හැමෝටම ශ්‍රී පාදේ යන්න බෑ..ගියත් මේ පාරෙන් යන්නේ නෑ. හැමෝම YouTube බලන්නෙත් නැති නිසා..නොගිය අයටත් YouTube නොබලන අයටත් බලාගන්න දැන්මා.. #බත්තුලුඔය #පැරඩයිස්ඇල්ල

යන්න ආස උනාට හිතේ හයිය නැතිව යන්න බැරි ගමන්..😌
14/08/2026

යන්න ආස උනාට හිතේ හයිය නැතිව යන්න බැරි ගමන්..😌

"Friar's Hood" ලෙස බ්‍රිතාන්‍යයන් "පූජකයාගේ හිස" ලෙස හැඳින්වූ මෙම ක...

කිරළ (Kirala) – ශ්‍රී ලංකාවේ ස්වභාවිකව වාර්තා වී ඇති Sonneratia ගණයට අයත් ප්‍රධාන විශේෂ:• Sonneratia caseolaris – රතු පා...
04/08/2026

කිරළ (Kirala) – ශ්‍රී ලංකාවේ ස්වභාවිකව වාර්තා වී ඇති Sonneratia ගණයට අයත් ප්‍රධාන විශේෂ:
• Sonneratia caseolaris – රතු පාට මල්
• Sonneratia alba – සුදු පාට මල් (සීමිත ප්‍රදේශවල)
කුලය (Family): Lythraceae

කිරළ යනු ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලපු, මෝය හා කිවුල් ජල ප්‍රදේශවල ස්වභාවිකව වැඩෙන ඉතා වටිනා කඩොලාන ගසකි. වෙරළ ආරක්ෂා කිරීමේදී මෙන්ම ජෛව විවිධත්වය රැකගැනීමේදීද මෙහි දායකත්වය අතිවිශාලය.
ශ්‍රී ලංකාවේ කලපු, තෙත්බිම, ගංඟා ඉවුරු දෙපස සහ
බොහෝ මෝය ආශ්‍රිත ප්‍රදේශ වල දක්නට ඇත.

ගස උස මීටර් 8–20 දක්වා වර්ධනය වේ.
කිරළ ගසට ශ්වසන මුල් (Pneumatophores) ඇත. මේවා පොළොවෙන් ඉහළට මතු වී පෙනෙන අතර, ජලයෙන් පිරුණු මඩ පසක ඔක්සිජන් ලබාගැනීමට උපකාරී වේ. ඔබ "මඩොල් දූව" කත⁣ා පොත කියවා ඇත්නම් ජින්නා මඩොල් දූවට ගොඩ බසින විට යවුල් වැනි මුල් දැකීමක් ගැන විස්තර කරනුයේ මේ කිරළ මුල් ගැනයි. මේ මුල් ඉස්සර කිරළ ඇබ සාදා ගැනීමට බහුලව භාවිතා කර ඇත. තෙල් බෙහෙත් දැමූ බෝතල් වල මූඩි වෙනුවට වයින් බෝතල් වල මූඩි වෙනුවට මෙම මුල් වලින් ලබා ගන්නා කොටස් පහසුවෙන් ඇබ ලෙස භාවිතා කල හැක. ඒ වගේම මඩ වගුරු වල සැදෙන මෙම මුල් නිසා ඒවායේ ආධාරයෙන් වගුර තරණය කිරීමට ගැමියන් භාවිතා කරයි. තවත් කාබන් අඩංගු වායු දැඩිව අවශෝෂණය කරයි. තවද මත්ස්‍යයන්, ඉස්සන් හා කකුළුවන්ගේ බිහිවීම් සහ පැටවුන්ගේ ආරක්ෂිත වාසස්ථානයක් ලෙස ක්‍රියා කරයි. ඒ වගේම තවත් ජලාශ්‍රිත පක්ෂීන්ට මෙන්ම එකම පියාඹන ක්ෂීරපායි සත්ත්වයා වන වවුලන් තම වාසස්ථාන ලෙස මෙම ගස් තෝරාගනී.

කිරළ ගෙඩිය මිරිකා ඇට ඉවත් කර පොල් කිරි සමඟ මිශ්‍ර කර ඉතා ප්‍රනීත පානයක් සාදා ගත හැක. පොල් කිරි නොමැතිව වතුර යොදා ගෙනද සාමාන්‍ය බීමක් සාදා ගන්නා ආකාරයට රසවත් බීමක් සාදා ගත හැක.
මෙහි විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ.
මෙම ගෙඩි සම්බන්ධයෙන් අපි කුඩා කල ඇසූ ප්‍රස්ථාව පිළුරක් ඇත.
වතුරේ පීනුවට මාලුවෙක් නෙමෙයි, නැට්ටක් තිබුණට වඳුරෙකුත් නෙමෙයි, තොප්පියක් දැම්මට මහත්තයෙකුත් නෙමෙයි..තෝරන්න කියලා
එහෙනම් ඔබත් දන්න කරුණු සුන්දර මතකයන් පහළින් දාගෙන යන්න

#කිරළ #කිරල

31/07/2026

නල හඳයා - සමහර පැතිවල තිත්තයාත් කියනවා..
Aplocheilus parvus ජල පෘෂ්ඨයට ඉතා ආසන්නව සිටින නිසා වීඩියෝවට ගන්න අපහසුයි. කලපු, ගංගා, කුඹුරු ආශ්‍රිත දිය කඩිතිවල බහුලව දක්නට ඇත.

30/07/2026

Selfy sticks, phone holders සහ අනෙකුත් උපාංග විශ්වාසවන්තව සාධාරණ මිලකට ලබා ගන්න..හොඳම තැනක් - පිළියන්දල

19/07/2026

2026 පාද යාත්‍රා සංෂික්ප්තයක්

Address

Piliyandala
10306

Alerts

Be the first to know and let us send you an email when ස්වදේශිකයෝ - Swadeshikayo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ස්වදේශිකයෝ - Swadeshikayo:

Shortcuts

Share