RanGo Travels

RanGo Travels May your Journey be free from Stress and bring you Home Safely ��

13/02/2026
2026 Happy New year 👍👍❤️
01/01/2026

2026 Happy New year 👍👍❤️

Wonderful Sri Lanka 🙏🙏
22/12/2025

Wonderful Sri Lanka 🙏🙏

Welcome to Sri Lanka 🙏🙏
22/12/2025

Welcome to Sri Lanka 🙏🙏

Big thanks to Nilakshi Sudarshanifor all of your support! Congrats for being top fans on a streak 🔥!
22/12/2025

Big thanks to Nilakshi Sudarshani

for all of your support! Congrats for being top fans on a streak 🔥!

28/09/2025

කඩුගන්නාවේ අංක 13 කඩේ බඩ ඉරිගු විකුණන වොශින්ග්ටන් මහත්තයගේ කතාව මුලු රටටම කියමුද?? 🇱🇰

මම ජීවිතේ කාපු රසම බඩ ඉරිගු කරල මේ. මෙයා මේක හරි රසවත් විදියට හදනවා, දෙස් විදෙස් කාගෙත් ආකර්ශනය දිනාගත් මෙතුමාගේ නම වොශින්ග්ටන්, ඉන්නේ අංක 13 කඩේ, නුවර ඉදන් එද්දි වම් අත පැත්තේ ඉන්නේ,
හරි රසවත් විදියට මෙයාගේ ව්‍යාපාරය කරගෙන යනවා. ඔයාලත් යනවනම් මෙතනට යන්න අමතක කරන්න එපා. සම්පූර්ණ වීඩියෝව අපි ඉස්සරහට අරන් එන්නම්..
මේක පුලුවන් තරම් Share කරලා රටටම කියමු👍👍

👍👍👣🧑‍🤝‍🧑🧑‍🤝‍🧑
08/09/2025

👍👍👣🧑‍🤝‍🧑🧑‍🤝‍🧑

"ඔතනින් පොඩ්ඩක් නවත්තන්න, මට කඩල එකක් ගන්න ඕන", මම කියපු ගමන් පික්මී ත්‍රීවීල් අයියට ඌරුජුවල් නැග්ගා.ඒ නැගිල්ලට හේතුව තම...
26/06/2025

"ඔතනින් පොඩ්ඩක් නවත්තන්න, මට කඩල එකක් ගන්න ඕන", මම කියපු ගමන් පික්මී ත්‍රීවීල් අයියට ඌරුජුවල් නැග්ගා.

ඒ නැගිල්ලට හේතුව තමයි මම ඊට කලින් බැංකුවක නවත්තලා සල්ලි ගත්තු එක. එතනත් විනාඩියක් විතර ගතවුණා. කොහොමත් මීටරේ නැවතීමේ ගාස්තුවක් වදින නිසා මම වැඩිය නොහිතාම යන ගමනේ මගේ වැඩ ටික කරගෙන ගියා.

"කලින් කියන්න එපැයි මහත්තයා. මෙහෙම නවත්ත නවත්ත යන්න බෑනේ. මට වෙලා යනවා. ස්ටොප් එකක් දැම්මනම් මට කීයක් හරි එනවා", ත්‍රීවීල් අයියා කෙඳිරිගෑවා.

එයා වෙන ගමනක් යන ගමන් මම එයාගේ ත්‍රීවීල් එකට නැගලා වද දෙනවා වගේ එකක් තමයි එතකොට මට තේරුණේ. ඩ්‍රයිවින් රස්සාව ලේසි නෑ. ඒ නිසා මම එතන එල්ලෙන්න ගියේ නෑ. කඩල ගන්න ස්ටොප් එකක් දාන එක මතක් වෙලා මට හිනාවකුත් ගියා. මම මෙහෙම කිව්වා.

"හික්... කඩල ගන්න ස්ටොප් එකක්? අයියෝ කලබල වෙන්න එපා... හරි හරි මගේ වැරැද්ද කියලා හිතාගෙන මම ඔයාට වැඩිපුර සල්ලි දෙන්නම්", මට ඕන වුණේ කනක් ඇහිලා ගමන යන්න.

මම එහෙම කිව්වට දැන් සමහර අය මට බනීවි, 'දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි නිකං මොකටද දෙන්නේ?' කියලා. එහෙම නිකං දෙන්න ඕනෙත් නෑ තමයි. මීට අවුරුදු 5-6කට කලින් මමත් ඇතැම් ත්‍රීවීල් කපටින් එක්ක කුණුහරුපෙන් පවා බැනගත්තු කෙනෙක්. ඒත් අද මම හිතන හැටියට, ඒ වගේ බාල මිනිස්සු ඉස්සරහ චණ්ඩි පාට් දාන එක අපි අපිටම කරගන්න අගෞරවයක්. සියල්ලට වඩා හිතේ සාමය වටිනවා.

"තව හයර් එකක් යන වෙලාවනේ මහත්තයා. මෙහෙම යන්න ගියහම වෙලා යනවනේ...", ත්‍රීවීල් අයියගේ කුණුකුණුව නවතින්නේම නෑ. හන්දිවල ඕපදූප කිය කිය පැය ගණන් හිටගෙන ඉන්නකොට කාලයේ වැදගත්කම තේරෙන්නේ නැති වුණාට මගියෙක් ත්‍රීවීල් එකට නැග්ගහම සමහර ඩ්‍රයිවර්ලට පුදුම හදිස්සියක් එන්නේ.

'වැඩිපුර සල්ලි දෙන්නම්', කිව්වට පස්සෙත් ඔහු එහෙම කියවන්න ඇත්තේ මම බොරු කිව්වායැයි හිතලා වෙන්න ඕන. බොරුකාරයොත් ඇති, ඒත් මම සල්ලි දෙන්නම් කිව්වේ ඇත්තටමයි. සාමකාමී වුණාට මම කන්කරච්චලේට කැමති නෑ. ඒ නිසා මම පැහැදිළිව මෙහෙම කිව්වා.

"දැන් ඉතින් ගමන යනකම් මට ඔයත් එක්ක රණ්ඩු වෙවී යන්න ඕන නෑ. බොරුවට කෑගහන්න එපා. මේකට නගිනකොට මම දන්නේ නෑනේ ඔයාට වෙලාව මදි කියලා. මම යන ගමනේ ඔයා ඩ්‍රයිවර් වුණහම ඔයා මම කියන පාරේ මට ඕන විදිහට යන්න ඕන. ඒ අයිතිවාසිකම ගැන මට රණ්ඩු වෙන්න පුළුවන්. කම්ප්ලේන් කරන්නත් පුළුවන්. ඒ වුණාට රණ්ඩු වෙවී යන එක වධයක් නිසා ඔයාගේ කාලය ගතවුණාට මම ඔයාට වැඩිපුර සල්ලි දෙන්නම්. මට කරන්න පුළුවන් දේ ඒක තමයි. එක්කො ඔයා කම්ප්ලේන් කරන්න, නැත්නම් මට කම්ප්ලේන් කරන්නත් පුළුවන්"

ඒකෙන් පස්සේ ඔහු කට වහගත්තා. ගමනාන්තයේදී රුපියල් 700කට ආසන්න ගාස්තුවක් තිබුණා. මම ඔහුට රුපියල් 1000ක් දීලා, "තෑන්ක් යූ", කියලා එන්න ආවා. ලැජ්ජා සහගත හිනාවක් එක්ක ඔහු ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉන්න බව මට තේරුණත් මම ආපහු හැරිලාවත් බැලුවේ නෑ.

මම ගියේ මිත්‍රයෙකුගේ ගෙදර. එහෙන් පිටත් වෙන්න රෑ වුණා. මම නැවත ගෙදරට එන්න පික් මී එකක් දැම්මා. ඒ ඩ්‍රයිවර් ඇවිත් මට කෝල් එකක් දුන්නා. මම එතෙන්ට යන්න හදනකොට මිත්‍රයා සහ බිරිඳ මට කෑම පාර්සලයක් ලෑස්ති කරනවා. "ඒ පොඩ්ඩක් හිටපං!", මිත්‍රයා කිව්වා. උන් මට නොකියාම උයන්න පටන් අරන්. මම ගියොත් උන් දෙන්නට හරි නෑ. ඒකට වෙලා යන නිසා මම ඩ්‍රයිවර්ට කෝල් එකක් දීලා "සමාවෙලා විනාඩි 5ක් ඉන්න පුළුවන්ද?", ඇහුවා. ඔහු කිසිදු විරෝධයකින් තොරව ඊට එකඟ වුණා.

ඩ්‍රයිවර්ලාද මනුෂ්‍යයෝනේ. ඩ්‍රයිවර් එන වෙලාවට ලෑස්තිවෙලා ඉන්න එක මගේ පැත්තෙන් ඉටුවෙන්න ඕන දෙයක්. ඒ වෙලාවේ මම වැරදියි. සල්ලි වලින් හැමදේම විසඳන්න බෑ. මගියාත් සාධාරණ වෙන්න ඕන.

ඒත් එක කෑමක් තවම ලිපේ. ඒ නිසා විනාඩි 5ට වඩා ගතවෙන නිසා මම නැවත ඩ්‍රයිවර්ට කෝල් කරලා විස්තරේ කිව්වා. මගෙයි වරද. ඔහු කිව්වා, "හරි හරි සර් මම ඉන්නම්", කියලා.

විනාඩි 10කින් විතර මම යනකොටත් මනුස්සයා එතන. මම ත්‍රීවීල් එක ළඟට යනකොට ඔහු හිනාවෙලා මාව පිළිගත්තා. "ඔක්කොම හරිද සර්?", ඔහු ඇහුවා.

"ඔව්, මම ඔයාට කෑම එකක් ගෙනාවා", මම මගේ අතේ තිබුණු උණු උණු කෑම එක ඔහුට දුන්නා. "ආ...මම කාලා හිටියේ සර්. හරි කමක් නෑ", කියලා ඔහු ඒක දෑතින්ම ගත්තා. ගමන එනකම් කිසිම කන්කෙඳිරියක් නැතුව ලස්සනට ආපු ඒ ඩ්‍රයිවර් මහත්මයා මාව ගෙදර ළඟින් බැස්සුවා. එකිනෙකාට වෙනස් ඩ්‍රයිවර්ලා දෙන්නෙකුව එකම දවසේ මටම හමුවීම පුදුම වැඩක්. ඔහු වචනයක්වත් නොකිව්වත්, මම ඔහුටත් වැඩිපුර මුදල් දුන්නා. ඔහු ගත්තේ නෑ.

"නිකං නෙමෙයි මේක දෙන්නේ. අද දවල් මට ඔයාගේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ චරිතය හම්බුණා. ගමන යනකම් කනක් ඇහිලා යන්න දුන්නේ නෑ", මම කතාව කිව්වා. ඩ්‍රයිවර් හිනාවේගනම ඉන්නවා.

"ඔයා ජොබ් එකට අවංක මිනිහෙක්. ඒ නිසා දැන් ඔයා මේක නොගත්තොත් මට අද නින්ද යන එකක් නෑ", මම කිව්වා. ඉන්පස්සේ ටික වෙලාවක් කල්පනා කරපු ඔහු ඒක ගත්තා. ඒක මට වියදමක් කියලා හිතුණේ නෑ. මට සතුටු හිතුණා. හැමවෙලේම අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරලා වැඩක් නෑ. කැපකිරීම්වුත් ජීවිතයේ කොටසක්.

"ගුඩ්නයිට් සර්", ඔහු කිව්වා.
"ගුඩ්නයිට් සර්!", මමත් කිව්වා.

Copied by:-
- අසංක හදිරම්පෑල.

👣👣❤️🧡💛💚💦💦🐾️
25/06/2025

👣👣❤️🧡💛💚💦💦🐾️

ඔබ සැමට පිං බර පොසොන් මංගල්‍යයක් වේවා..🙏🙏🌼
10/06/2025

ඔබ සැමට පිං බර පොසොන් මංගල්‍යයක් වේවා..🙏🙏🌼

Fun tour 💦👣👣🍀❤️
22/11/2024

Fun tour 💦👣👣🍀❤️

Address

Weligama

Telephone

+94712456628

Website

Alerts

Be the first to know and let us send you an email when RanGo Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RanGo Travels:

Share